Divaina - පාකිස්තාන් ක‍්‍රිකට් ආයතනයේ ඉල්ලීම ජාත්‍යන්තර අධිකරණය ඉවත දමයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

p16 3 පාකිස්තාන් ක‍්‍රිකට් ක‍්‍රීඩක උමාර් අක්මාල්ගේ තහනමට එරෙහිව ඔහු විසින් ජාත්‍යන්තර ක‍්‍රීඩා බේරුම්කරණ අධිකරණයේ ගොනු කර ඇති නඩු විභාගයේ සාක්ෂි විමසීම ඩුබායි හි පවත්වන ලෙසට පාකිස්තාන් ක‍්‍රිකට් ආයතනය කළ ඉල්ලීම එම අධිකරණය විසින් ප‍්‍රතික්ෂේප කර තිබේ.
 
 දූෂිත ප‍්‍රවේශයන් වාර්තා නොකිරීම සම්බන්ධයෙන් උමාර් අක්මාල්ට වසර තුනක ක‍්‍රිකට් තරග තහනමක් පාකිස්තාන් ක‍්‍රිකට් ආයතනය විසින් පනවනු ලැබීය. අනතුරුව අක්මාල් විසින් එරට අධිකරණයේදී තමාට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් ගොනු කළ නඩු විභාගයේදී ඔහුගේ තහනම මාස 18 දක්වා අඩුවිය. නමුත් එයින්ද සෑහීමකට පත්නොවූ අක්මාල් ජාත්‍යන්තර ක‍්‍රීඩා බේරුම්කරණ අධිකරණය වෙත ප‍්‍රශ්නය ගෙන යෑමට ක‍්‍රියා කළේය.
 
 පාකිස්තාන් ක‍්‍රිකට් ආයතනය විසින් වියදම් අඩු කර ගැනීම උදෙසා ඩුබායි හිදී එම නඩුවේ සාක්ෂි විභාගය පවත්ව ලෙසට කළ ඉල්ලීම ජාත්‍යන්තර අධිකරණය විසින් ඉවත දමා තිබේ. ඉදිරි දින කිහිපයේදී ස්විට්සර්ලන්තයේදී එම නඩුව විභාග කිරීමට නියමිතව ඇතැයි වැඩිදුරටත් සඳහන් වේ.

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles