Divaina - රාජස්ථාන් රෝයල් කී‍්‍රඩකයෝ අයි.පී.එල්. වාර්තා අලූත් කරති

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p16 2සාජා පිටියේදී කිංග්ස් ඞෂ පන්ජාබ් කණ්ඩායම ලබා දුන් ලකුණු 223ක අභියෝගය පන්දුවාර 19. 3කදී ජය ගැනීමට සමත් වූ රාජස්ථාන් රෝයල් කී‍්‍රඩකයෝ ඉන්දීය පී‍්‍රමියර් ලීග් තරග ඉතිහාසයේ හොඳම ජයග‍්‍රාහී හාඹා යෑමට හිමිකම් කීමට පෙරේදා (27 වැනිදා) තරගයේදී සමත් වූහ.
 
 තරගයේ පළමුවෙන් පිති ප‍්‍රහාරය දියත් කළ  කිංග්ස් ඞෂ පන්ජාබ් කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලූ 2ක් පමණක් දැවී ලකුණු 223ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත්විය. නායක කේ. එල්. රාහුල් සහ මායාන්ක් අග‍්‍රාවල් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 183ක් එක් කිරීමට සමත් වූ අතර එහිදී සිය පළමු විස්සයි විස්ස ශතකය වාර්තා කිරීමට සමත් වූ මායාන්ක් අග‍්‍රාවල් පන්දු 50දී ලකුණු 106ක් වාර්තා කිරීමට සමත් විය. හතරේ පහර 10ක් සහ හයේ පහර 7ක් එම ඉනිමට ඇතුළත් විය. කේ. එල්. රාහුල් පන්දු 54කදී එක් හයේ පහරක් සහ හතරේ පහර 7ක් සමගින් ලකුණු 69ක් වාර්තා කිරීමට සමත් විය.
 
 ජයග‍්‍රාහි ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි
 
 රාජස්ථාන් රෝයල් කණ්ඩායම පන්දුවාර 19. 3කදී කඩුලූ 6ක් දැවී අදාළ ඉලක්කය පසුකර යෑමට සමත් විය. ජයග‍්‍රහණය සඳහා අවසන් පන්දු 18 තුළදී ලකුණු 50ක ඉලක්කයක් රාජස්ථාන් රෝයල් කණ්ඩායමට හිමිවිය. එ් අනුව කි‍්‍රයාත්මක වූ රාහුල් තෙවාතියා තරගයේ 18 වැනි පන්දුවාරයේදී ෂෙල්ඩන් කොටේ‍්‍රල්ට එරෙහිව හයේ පහර 5ක් එල්ල කිරීමට සමත්වූ අතර එය අයි. පී. එල් තරගාවලියකදී පිතිකරුවෙක් එක් පන්දුවාරයක් තුළදී හයේ පහර 5ක් එල්ල කළ දෙවැනි අවස්ථාව ලෙස සටහන් විය. මීට පෙර කි‍්‍රස් ගේල් විසින් එක් පන්දුවාරයකදී හයේ පහර 5ක් එල්ල කිරීමට සමත් වී තිබිණි.
 
 තරගය පුරාවට කණ්ඩායම් දෙකෙහිම පිතිකරුවන් විසින් හයේ පහර 29ක් සහ හතරේ පහර 34ක් එල්ල කර තිබිණි. මීට අමතරව මෙම තරගයේදී දෙපිළම ලකුණු 449ක් රැුස්කර තිබූ අතර එය ඉන්දීය පී‍්‍රමියර් ලීග් තරග ඉතිහාසයේ තරගයකදී වාර්තා වූ වැඩිම සිව්වැනි ලකුණු සංඛ්‍යාවද වේ.
 
 ලකුණු සටහන
 
 කිංග්ස් ඞෂ පන්ජාබ් පන්දුවාර 20දී කඩුලූ 2ක් දැවී ලකුණු 223යි (කේ. එල්. රාහුල් 69, මායාන්ක් අග‍්‍රාවල් 106, නිකොලස් පූර්න් (නොදැවී) 25)
 
 රාජස්ථාන් රෝයල් පන්දුවාර 19. 3කදී කඩුලූ 6ක් දැවී ලකුණු 226යි (සංජු සැම්සන් 85, රාහුල් තෙවාතියා 53, ස්ටීවන් ස්මිත් 50, මොහොමඞ් සාමි 53/3)
 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles