Divaina - ශී‍්‍ර ලංකා - බංග්ලාදේශ තරගාවලිය කල් යයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන මසදී පැවැත්වීමට නියමිතව තිබූ තරග 3කින් සමන්විත ටෙස්ට් කි‍්‍රකට් තරගාවලිය කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් ලබන 2021 වසර දක්වා කල් දැමීමට තීරණය කර තිබේ.
 
 බංග්ලාදේශ කණ්ඩායම දින 7ක නිරෝධායන කි‍්‍රයාවලියකට යටත්ව ඉකුත් 27 වැනිදා ශී‍්‍ර ලංකාවට පැමිණීමට නියමිතව තිබුණද ශී‍්‍ර ලංකා කොවිඞ් - 19 වැළැක්වීමේ කමිටුව විසින් ශී‍්‍ර ලංකාවට පැමිණෙන සියලූම විදේශිකයින් දින 17ක නිරෝධායන කි‍්‍රයාවලියකට යටත්විය යුතු බව තීරණය කිරීම හේතුවෙන් බංග්ලාදේශ කණ්ඩායම අදාළ සංචාරයට පැමිණීමට නොහැකි බව දන්වා තිබේ.
 
 ලෝක ටෙස්ට් කි‍්‍රකට් ශූරතාවලිය යටතේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලිය නැවතත් ලබන වසරේදී පැවැත්වෙන දිනයන් පිළිබඳ අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලයේ තරග කාලසටහන අනුව ඉදිරියේදී තීරණය කිරීමට නියමිතය.

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles