Divaina - අයි.සී.සී.යටත් කොරෝනා...

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිල මධ්‍යස්ථානයේ නිලධාරීන් කිහිප දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී. එ් අනුව ඩුබායි හි පිහිටි ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිල මූලස්ථානය දින කිහිපයකට වසා දැමීමට තීරණය කර ඇති බවට විදෙස් මාධ්‍ය වැඩිදුරටත් කියා සිටී.
 
 කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අයි.සී.සී. නිලධාරීන් සහ ඔවුන්ගේ සමීපතයින් මේ වනවිට නිරෝධායනය සඳහා යොමුකර ඇති අතර පවතින අනාරක්ෂිත තත්ත්වය යටතේ අනෙකුත් නිලධාරීන් නිවසේ සිට රාජකාරි කිරීමට කටයුතු කරන බවට වාර්තා වේ.
 
 කෙසේ වෙතත් ඇතිවී ඇති මෙම තත්ත්වය ඩුබායිහි පැවැත්වෙන ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලියට බලනොපාන බවට ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටී. අයි. පී. එල්. තරගාවලිය සඳහා සහභාගි
 
 වී සිටින කණ්ඩායම් 6 මේ වනවිට ඩුබායි ස්පෝර්ට්ස් හි පිහිටි අයි.සී.සී. ඇකඩමි කී‍්‍රඩාංගණයේ පුහුණුවීම් සිදු කරන අතර එම කණ්ඩායම් සම්බන්ධයෙන් කිසිදු සෞඛ්‍ය බියක් ඇතිකර ගත යුතු නොමැති බව අයි.සී.සී. අධ්‍යක්ෂ මණ්ඩලයේ නිලධාරීන් දන්වා සිටී.
 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles