Divaina - ෂාරුක්ගේ කොල්කටා නයිට් රයිඩර්ස් පළමු ජය ලබයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p16 2මෙවර ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලියේ පළමු ජය වාර්තා කිරීමට සුපිරි සිනමා නළු ෂාරුක් ඛාන්ගේ හිමිකාරිත්ව දරන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් විය. එ් අනුව ඩුබාහිදී පැවැති අදාළ තරගයේදී කඩුලූ 7කින් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පරාජයට පත් කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පසුගියදා සමත් විය.
 
 තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 20දී කඩුලූ 4ක් දැවී ලකුණු 142ක් වාර්තා කළේය. ඬේවිඞ් වෝනර් ලකුණු 36ක් සහ රිද්දිමාන් ෂා ලකුණු 30 බැගින් ලබා ගනිද්දී මනීස් පාණ්ඬේ පන්දු 38කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 3ක් සමගින් ලකුණු 51ක් වාර්තා කළේය.
 
 පිළිතුරු ඉනිම කී‍්‍රඩා කිරීමට පිටියට පිවිසි කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 18කදී කඩුලූ 3ක් පමණක් දැවී අදාළ ඉලක්කය පසුකර යෑමට සමත් විය. ෂුබ්මාන් ගිල් පන්දු 62කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 5ක් සමගින් ලකුණු 70ක් ලබා ගැනීමට සමත් විය. ඔයින් මෝගන් පනදු 29කදී නොදැවී ලකුණු 42ක් ලබා ගැනීමට සමත් වූ අතර හයේ පහර 2ක් සහ හතරේ පහර 3ක් එල්ල කිරීමට ඔහු සමත් විය.
 
 ලකුණු සටහන
 
 සන්රයිසස් හයිද්‍රාබාද් පන්දුවාර 20දී කඩුලූ 4ක් දැවී ලකුණු 142යි (මනිෂ් පාණ්ඬේ 51, ඬේවිඞ් වෝනර් 36, රිද්දිමාන් ෂා 30, ඇන්ඩෘ රසල් 16/1)
 
 කොල්කටා නයිට් රයිඩර්ස් පන්දුවාර 18කදී කඩුලූ 3ක් දැවී ලකුණු 145යි (ෂුබ්මාන් ගිල් 70, ඔයින් මෝගන් (නොදැවී) 42, නිටිෂ් රානා 26, රශීඞ් කාන් 25/1)
 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles