Divaina - බංග්ලාදේශ කණ්ඩායම පැමිණීම පැය 48කින් තීන්දු වෙයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

අසේල විතාන
 
bang333

එළැඹෙන සතියේදී බංග්ලාදේශ ජාතික ක‍්‍රිකට් කණ්ඩායම ශ‍්‍රී ලංකාවේ සංචාරය කරනවාද නැද්ද යන්න තීරණය ඉදිරි පැය 48 ඇතුළත තීරණය කිරීමට නියමිතව ඇති බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ඉහළ පෙළේ ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වේ.
 
 ලෝක ටෙස්ට් ක‍්‍රිකට් ශූරතාවලියේ තරග තුනකට සහභාගී වීම සඳහා බංග්ලාදේශ කණ්ඩායම ශ‍්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වුවද ඔවුන් දින 14 ක නිරෝධාන ක‍්‍රියාවලියට සහභාගි වන්නේ නම් පැමිණිය නොහැකි බව දිගින් දිගටම පවසයි. දින 7 ක නිරෝධානයකට යටත්ව අදාළ සංචාරයට සහභාගි වීමට කැමැති බව බංග්ලාදේශය පැවසුවද ශ‍්‍රී ලංකා රජය විසින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට එ් සම්බන්ධව මෙතෙක් දැනුවත් කර නොමැත.
 
 ‘‘මේ සංචාරය පැවැත්වීම අපිට ඉතාමත් වැදගත්. මොකද නොවැම්බර් මාසයේදී අපි එල්.පී.එල්. තරගාවලිය පැවැත්වීමටත් සැලසුම් කර තියෙනවා. එල්.පී.එල්. තරගාවලියට විදෙස් ක‍්‍රීඩකයන් බොහොමයක් සහභාගී වන නිසා අපේ රටේ තත්ත්වය ලෝකයට පෙන්වීමටත් මේ තරගාවලිය වැදගත් වේවි.’’ යනුවෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධානියකු ‘දිවයින’ කළ විමසීමකදී පැවසීය.
 
 කෙසේ වෙතත් රජය විසින් ලබාදෙන තීරණයට අනූව තරගාවලියට සත්කාරකත්වය ලබාදීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ඕනෑම අවස්ථාවක සූදානමින් සිටින බවද හෙතෙම පවසයි. ‘‘අපි තරගාවලිය පවත්වන්න සූදානම්. රජයේ සෞඛ්‍ය අංශ දෙන කෝවිඞ් 19 මර්දනය කිරීමේ ක‍්‍රමවේදයන්ට අනූව තමයි අපි කටයුතු කරන්නෙ. අපේ රට බංග්ලාදේශයට වඩා ආරක්ෂිතයි. දැනටමත් ප‍්‍රතිපත්තියමය මාර්ගෝපදේශ මාලාවකට යටත්ව තමයි තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර තියෙන්නෙ. නමුත් නිරෝධාන කාලය තීරණය වනතුරු අපිට පිළිතුරක් ලබා දෙන්න බැහැ. ඉදිරි පැය 48 ඇතුළත කුමක් හෝ තීන්දුවක් ගන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා.’’
 
 බංග්ලාදේශ ජාතික ක‍්‍රිකට් කණ්ඩාය මේ වන විට ජෛව ආරක්ෂිතව ශ‍්‍රී ලංකා සංචාරය ඉලක්ක කරමින් පුහුණුවීම් කරගෙන යනු ලබයි. නමුත් ඔවුන්ගේ වේග පන්දු යවන කී‍්‍රඩකයකු කොරෝනා රෝගයට ගොදුරු වූ අතර ඔහුව සංචිතයෙන් ඉවත් කිරීමට බංග්ලාදේශ ක‍්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ.
 
 අදාළ සංචාරයට බංග්ලාදේශ කණ්ඩායමේ ක‍්‍රීඩකයන් 17 ක් හෝ 20 ක් සහභාගි වීමට නියමිතව තිබේ. එම තරගාවලියෙන් අනතුරුව ශ‍්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත එල්.පී.එල්. තරගාවලියට විදෙස් ක‍්‍රීඩකයන් 30 ක් පමණ සහභාගි වීමට අපේක්ෂාවෙන් පවතින බැවින් ජාත්‍යන්තර මට්ටමේ තරග ආරම්භ කිරීමට නිරෝධාන කාලය ලැබෙන තුරු විශ්වාසයක් නොමැති බවද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධානියා වැඩිදුරටත් පවසයි.

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles