Divaina - ජනාධිපති රන් කුසලානයේ තීන්දුව අද

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

kusalana135කණ්ඩායම් 2500 ක සහභාගීත්වයෙන් පැවැති ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ අවසන් මහා තරගය අද (26 දා) ගම්පහ සියනෑ තරු කණ්ඩායම සහ දෙබෑගම රන්තරු කණ්ඩායම අතර පැවැත්වේ. තරගය ප.ව. 3.00 ට මහරගම තරුණ සේවා ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
 
 ඩයලොග් ආසියාටා සමාගම අනුග‍්‍රහයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ කාන්තා අවසන් මහා තරගය සඳහා මහඋස්වැව රතනපාල කණ්ඩායම සහ රදාවාන ගෝලඩන් බර්ඞ්ස් කණ්ඩායම අතර පැවැත්වේ. එම තරගය ප.ව 1.00 ට තරුණ සේවා ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදීම පැවැත්වේ.
 
 ශූරතාව දිනා ගන්නා කණ්ඩායම් සඳහා රුපියල් 150000 සිට ත්‍යාග මුදල් ලබාදීමට අනුග‍්‍රහකයන් කටයුතු යොදා තිබේ. ශ‍්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලියේ ත්‍යාග ප‍්‍රදානය සඳහා ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ වොලිබෝල් සම්මේලනයේ සභාපති නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.
 
 ඉකුත් වසරේ පැවැති ජනාධිපති රන් කුසලාන ජ්‍යෙෂ්ඨ පිරිමි ශූරතාව දිනා ගැනීමට ගම්පහ සියනෑ තරු කණ්ඩායම සමත් විය. මෙවර
 
 තරගාවලිය සඳහා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 40000 ක් පමණ සහභාගි විය.
 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles