Divaina - ශ‍්‍රී ලංකාවට එන්න සැරසුණු අබු ජයෙඞ්ටත් කොරෝනා... බංග්ලාදේශ සංචාරයේ තීන්දුව දෙපසට දෝලනය වෙයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

 අසේල විතාන

 

bangla444
 
 ලෝක ටෙස්ට් ක‍්‍රිකට් ශූරතාවලියේ තරග තුනකට සහභාගී වීම සඳහා ශ‍්‍රී ලංකාවට පැමිණීමට සූදානම් වන බංග්ලාදේශ ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක‍්‍රීඩක අබු ජයෙඞ්ට කොරෝනා රෝගය ආසාදනය වී ඇති බවට බංග්ලාදේශ ක‍්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි.
 
 ශ‍්‍රී ලංකා සංචාරය ඉලක්ක කරමින් නේවාසික පුහුණුවක නිරතව සිටින බංග්ලාදේශ ජාතික ටෙස්ට් කණ්ඩායමේ සියලූම කී‍්‍රඩකයන් නිලධාරීන් සහ අනෙකුත් සහය කාර්ය මණ්ඩලය ඉකුත් 22 වැනිදා කෝවිඞ් 19 පරීක්ෂණයකට භාජනය කළ අතර එහිදී අබු ජයෙඞ්ට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු විය.
 
 මේ වන විටත් ශ‍්‍රී ලංකා කොවිඞ් 19 මර්ධනය කිරීමේ බළකාය විසින් බංග්ලාදේශ කණ්ඩායමට මෙරටදී ලබාදෙන නිරෝධාන කාලය දින හතද නැතිනම් 14 ද යන්න තීරණය කර නොමැති විටකදී ඔවුන් දින හතක නිරෝධායනයකට යටත්ව මෙරටට පැමිණීමට සූදානමින් සිටියි.
 
 ‘‘අපි ශ‍්‍රී ලංකාවට පැමිණීමට පැය 72 කට පෙර යළිත් පරීක්ෂණයක් සියලූ දෙනාටම සිදුකරනවා. ඒ නිසා අද (25 දා* පරීක්ෂණ සිදුකරන්නේ නැහැ. නමුත් නියමිත දිනට යෑමට නොහැකිව ප‍්‍රමාද වුණොත් අපට නැවතත් පරීක්ෂණයක් කරන්න වෙයි. කොහොමත් සතියක් ඇතුළත පරීක්ෂණ දෙකක් සම්පූර්ණ කරන්න අපි ක‍්‍රියා කරනවා.’’ යැයි බංග්ලාදේශ ක‍්‍රිකට් ආයතනයේ වෛද්‍ය ඩෙබාෂිෂ් චෞද්රි සඳහන් කර තිබේ.
 
 බංග්ලාදේශ කණ්ඩායමේ නිරෝධානය සම්බන්ධව ශ‍්‍රී ලංකා කෝවිඞ් 19 කාර්ය සාධක බලකාය විසින් සාකච්ඡුා කරමින් සකස් කරන ලද තීන්දුව ජනාධිපතිවරයාට භාරදීමට නියමිත බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගෙන් මීට පෙර ‘දිවයින’ කළ විමසීමකදී පැවසීය. නමුත් තවමත් ඔවුන්ගේ තීරණය ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් වෙත නොලැබී නොමැති බව ක‍්‍රිකට් සභාපතිවරයා ‘දිවයින’ කළ විමසීමකදී සඳහන් කර සිටියේය.
 
 ක‍්‍රීඩකයන් 27 දෙනකුගෙන් සමන්විත සංචිතයක් නේවාසිකව පුහුණුවීම් කරන අතරවාරයේදී අබුඩු ජයෙඞ්ට කොරෝනා රෝගය වැළඳීමත් සමග ඔහුගේ සමීපතයන් සම්බන්ධවද යම් ගැටලූකාරී තත්ත්වයක් පැන නගිනු ඇත. 27 හැවිරිදි අබූ බංග්ලාදේශ කණ්ඩායමේ දකුණත් මඳ වේග පන්දු යවන්නකු වන අතර ඔහු ටෙස්ට් තරග 9 කදී කඩුලූ 24 ක් බිඳ දමා තිබේ.
 
 බංග්ලාදේශ ක‍්‍රිකට් කණ්ඩායම ලබන 27 වැනිදා ශ‍්‍රී ලංකාවට පැමිණිමට සුදානමින් සිටියි. නමුත් නිරෝධාන කාලය සම්බන්ධව ඔවුන් කිසිවක් නොදැන සංචාරයට සහභාගි නොවන බව බංග්ලාදේශ ක‍්‍රිකට් විධායක නිසාමුදීන් චෞද්රි පවසයි.
 
 ‘‘අයි.සී.සී. ටෙස්ට් ශූරතාවලිය සඳහා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සහ බංග්ලාදේශය කැපවී සිටිනවා. ඒ නිසා ඒක අපේ මනසේ තිබීම වැදගත්. මෙම සංචාරය යොදාගත් කාලසටහනට සිදුවුවත් නැතත් දැනට ඇති සැලැස්මට අනූව කටයුතු කිරීම අභියෝගයක්. අපිට පිටත්වීමේ දිනය සම්බන්ධයෙන් වෙනසක් කිරීමට අවශ්‍ය නම් එය කළ හැකියි.’’ යනුවෙන් නිසාමුදීන් වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
 
 අදාළ සංචාරයේදී බංග්ලාදේශය සහභාගී වන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගය ඔක්තෝබර් මස 23 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ. නමුත් ඊට පෙර ශ‍්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සමග ඔක්තෝ්බර් මස 18 වැනිදා තෙදින පුහුණු තරගයකටද බංග්ලාදේශ පිල සහභාගි වීමට නියමිතව ඇත.
 
 පසුගිය දින කිහිපයේ බංග්ලාදේශයේ සෑම දිනකම කොරෝනා රෝගීන් 4000 කට වැඩි සංඛ්‍යාවක් හදුනා ගෙන තිබේ. නමුත් ඉකුත් දින කිහිපයේදී අදාළ ආසාදිතයන්ගේ පහළ යෑමක් එරටින් වාර්තා වුවද මේ වන විට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 353,844 ක් වශයෙන් සඳහන් වේ. එහිදී 5044 දෙනකු මිය ගොස් ඇති අතර 262,953 දෙනකු සුවය ලබා ඇතැයි බංග්ලාදේශ සෞඛ්‍ය අංශ වාර්තා කර සිටියි.
 
 ශ‍්‍රී ලංකාව මේ වන විට කොරෝනා වෛරසය පාලනය කරගත් ලොව ප‍්‍රධානතම රාජ්‍යයක් වන අතර කොරෝනා රෝගය ශීග‍්‍රයෙන් ව්‍යාප්ත වූ ඇමරිකාව, එංගලන්තය සහ ඉන්දියාවද මේ වන විට ජාත්‍යන්තර ක‍්‍රීඩාව ආරම්භ කර තිබේ. ඒ දින හතක නිරෝධාන ක‍්‍රියාවලියකට යටත්ව වීමද විශේෂත්වයකි. කෙසේ වෙතත් ශ‍්‍රී ලංකාවේ ක‍්‍රීඩාව වෙනුවෙන් ලබාදෙන නිරෝධාන කාලය සම්බන්ධව ඉදිරි දින කිහිපයේදී පිළිතුරක් ලැබෙනතුරු බංග්ලාදේශ ක‍්‍රිකට් ආයතනය බලා සිටින බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.

 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles