Divaina - ක‍්‍රීඩා අමාත්‍යාංශයට කකුල් මාට්ටු දැමූ හිටපුකායවර්ධන ලොක්කා නිලවරණය පමා කිරීමේ මෙහෙයුමක ලෝක කුසලාන සත්කාරකත්වයත් ගැලවෙන ලකුණු

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

p16 1- නීත්‍යානුකූල නොවන සංගම් කිහිපයකුත් ඡන්දයට සැරසෙයි

නිලවරණය පැවැත්වීමට නොහැකිව වසර තුනකට ආසන්න කාලයක් කොට උඩ පවතින ශ‍්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ නිලවරණය තවදුරටත් ප‍්‍රමාද කිරීමට හිටපු කායවර්ධන ප‍්‍රධානියකු ක‍්‍රීඩා අමාත්‍යාංශය නොමග යවමින් සිටින බව ‘දිවයින’ ට වාර්තා වේ.

චෝදනා කිහිපයක් එල්ල වී ඇති හිටපු කායවර්ධන ප‍්‍රධානියාට එළැඹෙන නිලවරණයෙන් ජය ගැනීම උදෙසා නීත්‍යානුකූල පදනමක් නැති අලූතින් පිහිටුවා ඇති සංගම්වලට ඡුන්ද බලය ලබාදීමේ මෙහෙයුමක නිරතව සිටිනු ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ. ඒ වෙනුවෙන් අදාළ පුද්ගලයා උපක‍්‍රම සහගතව සහ ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කරන බවට ක්‍ෂේත‍්‍රයේ කතා බහට ලක්වන අතර කායවර්ධන සම්මේලනයේ රුපියල් ලක්ෂ හයකට වැඩි මුදලක් වියදම් කරමින් ඒ සඳහා බිල්පත් නොපෙන්වීමේ චෝදනාවටද පසුගිය වකවානුවේදී ඔහු චෝදනා ලැබ සිටියේය.

ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතාට මේ වන විට කායවර්ධන නිලවරණය පැවැත්වීමේදී නීත්‍යානුකූල පදනමක් නැති අනුබද්ධිත සංගම් කිහිපයක්ම ඡුන්ද බලය ලබා ගැනීමට උත්සහ කරන බවටද පැමිණිල්ලක් ලැබී තිබේ. එම පැමිණිල්ල හිටපු කායවර්ධන සම්මේලන ලේකම්වරයා වන නිහාල් වීරතුංග මහතා විසින් ඉදිරිපත් කර ඇත.

කායවර්ධන සම්මේලනයේ නිලවරණය වෙනුවෙන් නීත්‍යානුකූල ඡුන්දය හිමි ඇතැම් දිස්ත‍්‍රික්කවල හොර පාරෙන් තවත් සංගම් පිහිටුවා තිබීමද විශේෂත්වයකි. මෙරට දිස්ත‍්‍රික්ක 25 න් දිස්ත‍්‍රික් 17 ක් නීත්‍යානුකූලව කායවර්ධන නිලවරණයේ ඡුන්දය සඳහා සුදුසුකම් ලබා තිබේ. මීට අමතරව නීත්‍යානුකූලව පිහිටුවා අනුබද්ධිත නොවුණු මාතර, ගාල්ල සහ බදුල්ල දිස්ත‍්‍රික් සංගම්ද ඒ අතර වේ. සාමාජික මුදල් ගෙවා නොමැති සංගම් කිහිපයකටද ඡුන්දය හිමි කර දීමට ඇතැමුන් උත්සහ කරමින් සිටින බවද වාර්තා වේ.

කායවර්ධන සම්මේලනයේ  ව්‍යවස්ථානුකූලව ඡන්ද බලය හිමි නීත්‍යානුකූල සංගම් වන්නේ, ගම්පහ දිස්ත‍්‍රික්කය, මහනුවර දිස්ත‍්‍රික්කය, මොණරාගල දිස්ත‍්‍රික්කය, කොළඹ දිස්ත‍්‍රික්කය, යාපනය දිස්ත‍්‍රික්කය, කුරුණෑගල දිස්ත‍්‍රික්ක වේ. එහිදී කුරුණෑගල දිස්ත‍්‍රික්කය, යාපනය සහ කොළඹ සම්මේලන වෙනුවට වෙනත් හොර සංගම් කිහිපයක් ව්‍යවස්ථාවට පටහැනිව හොර පාරෙන් පිහිටුවා ක‍්‍රීඩා අමාත්‍යාංශය නොමග යවා ඇතැයි වාර්තා වේ. එම හොර සංගම්වලට කී‍්‍රඩා අමාත්‍යාංශයෙන් නිලවරණය සම්බන්ධ යවන ලිපි ලේඛන ලැබී තිබියදී නීත්‍යානුකූල සංගම්වලට අදාළ ලිපි නොලැබීමද විශේෂත්වයකි.

මීට අමතරව කායවර්ධන නිලවරණයට ඡුන්දය පාවිච්චි කළ හැකි විශේෂ සාමාජික සංගම් 9 ක් ව්‍යවස්ථාවේ සඳහන් වේ. එම සංගම් වනුයේ ශ‍්‍රී ලංකා රාජ්‍ය සේවා ක‍්‍රීඩා සංගමය, ජනසතු සේවා ක‍්‍රීඩා සංගමය, වෙළෙඳසේවා ක‍්‍රීඩා සංගමය, ආරක්ෂක සේවා ක‍්‍රීඩා සංගමය, විශ්වවිද්‍යාල ක‍්‍රීඩා සංගමය, පාසල් ක‍්‍රීඩා සංගමය, ශ‍්‍රී ලංකා කායවර්ධන සහ ශාරීරික යෝග්‍යතා සම්මේලනය, ශ‍්‍රී ලංකා කායවර්ධන සහ ශාරීරික යෝග්‍යතා පුහුණුකරුවන්ගේ සංගමය, ශ‍්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා ප‍්‍රවීණයන්ගේ සංගම් වේ. නමුත් ඉන් කිහිපයක්ම සාමාජික මුදල් ගෙවා නොතිබීමෙන් ුන්ද බලය අහිමිවනු ඇත.

කායවර්ධන නිලවරණය පැවැත්වීම වෙනුවෙන් ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සියලූම දිස්ත‍්‍රික් සංගම් සහ අනෙකුත් කායවර්ධන ක‍්‍රීඩාවට අදාළ සංගම් සභාපතිවරුන් සහ ලේකම්වරුන් වෙත ලිපියක් යොමු කර තිබේ. ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතාගේ අත්සනින් යුත් එම ලිපියේ නිලවරණයට ඉදිරිපත් විය හැකි සුදුසුකම් මොනවාද යන්න පැහැදිලිව සඳහන් කර තිබේ.

දිස්ත‍්‍රික් සංගම් විසින් සංවිධානය කරන ලද තරගාවලි, අනුබද්ධිත ක‍්‍රීඩා සමාජ ලේඛනය සහ ඒවායේ තොරතුරු, සංගම්වල ගිණුම් වාර්තා, සාමාජික මුදල් ගෙවු රිසිට් පත් ආදී වශයෙන් කරුණු අටකින් සමන්විත ලිපියක් අමල් එදිරිසූරිය මහතාගේ අත්සනින් යුතුව සංගම් වෙත යොමු කර ඇත්තේ නිලවරණය පැවැත්වීමට අවැසි කරුණු සපුරාගෙන ලිපි ලේඛන පරීක්ෂා කරන කමිටුවට භාර දෙන ලෙස සඳහන් කරමිනි.

ලබන වසරේ පැවැත්වෙන කායවර්ධන ලෝක ශූරතාවලියේ සත්කාරකත්වයද ශ‍්‍රී ලංකාවට හිමිව තිබෙන මොහොතක බල අරගලය වෙනුවෙන් ක‍්‍රීඩා අමාත්‍යාංශය නොමග යවමින් මෙම වසරේදී නිලවරණය පැවැත්වීමට නොහැකි වුවහොත් ලෝක කුසලාන සත්කාරකත්වයද නැතිවීමේ ලකුණු පහළ වී තිබ්. ඊට ප‍්‍රධාන හේතුව වන්නේ ලෝක කුසලාන සත්කාරකත්වයක් දැරීමේදී සංගමයක ස්ථිර පරිපාලනයක් තිබීම වැදගත් සාධකයක් බවට සනාථ වී ඇති බැවිනි. මේ වන විට කායවර්ධන අතුරු කමිටුවද විසුරුවා ඇති අතර එය ක‍්‍රීඩා අමාත්‍යාංශය හරහා පාලනය වෙමින් තිබේ.

අසේල විතාන

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles