Divaina - සංජු සහ ස්මිත්ගෙන් දෝනිලාට සැර ප‍්‍රහාරයක්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

p16 2සංජු සැම්සන්ගේ සහ ස්ටීවන් ස්මිත්ගේ සුපිරි පිතිහරඹය හේතුවෙන් ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව සුපිරි ජයක් වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් විය.
 
 තරගයේ කාසියේ වාසිය දිනූ චෙන්නායි සුපර් කිංග්ස් නායක මහේන්ද්‍ර සිං දෝනි පළමුවෙන් පන්දු රැුකීමට තීරණය කළේය. එ් අනුව පළමුවෙන් පිති ප‍්‍රහාරය දියත් කළ  රාජස්ථාන් රෝයල්ස් පිතිකරුවෝ පන්දුවාර 20දී කඩුලූ 7ක් දැවී ලකුණු 216ක දැවැන්ත අභියෝගයක් චෙන්නායි පිළ හමුවේ තැබීමට සමත් වූහ.
 
 රාජස්ථාන් රෝයල්ස් පළමු කඩුල්ල මුළු ලකුණු 11දී බිඳ වැටුණද දෙවැනි කඩුල්ල වෙනුවෙන් පිටියට එක් වූ සංජු සැම්සන් සහ ස්ටීවන් ස්මිත් චෙන්නායි පන්දු යවන්නන්ට අනුකම්පා රහිතව පිති ප‍්‍රහාර එල්ල කරමින් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 121ක සම්බන්ධතාවක් එක් කිරීමට සමත් විය. එහිදී සුපිරි ඉනිමක් කී‍්‍රඩා කළ සංජු සැම්සන් පන්දු 32කදී හයේ පහර 9ක් සහ හතරේ පහර 1ක් සමගින් ලකුණු 74ක් ලකුණු පුවරුවට එක් කරද්දී ස්ටීවන් ස්මිත් පන්දු 47කදී හතරේ පහර 4ක් සහ හයේ පහර 4ක් සමගින් ලකුණු 69ක් වාර්තා කළේය. ජෙප්රා ආචර් පන්දු 8කදී හයේ පහර 4ක් සමගින් ලකුණු 27ක් වාර්තා කළේය. සෑම් කරන් ලකුණු 33ට රාජස්ථාන් රෝයල්ස් ඉනිමේ කඩුලූ 3ක් බිඳ දැමීය.
 
 පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලූ 6ක් දැවී ලකුණු 200කට සීමා විය. ෆෆ් ඩු ප්ලෙසිස් පන්දු 37කදී හයේ පහර 7ක් සහ එක් හතරේ පහරක් සමගින් ලකුණු 72ක් සහ නායක දෝනි පන්දු 17කදී හයේ පහර 3ක් සමගින් ලකුණු 29ක් වාර්තා කිරීමට සමත් විය. ෂේන් වොට්සන් පන්දු 21කදී හයේ පහර 4ක් සහ එක් හතරේ පහරක් සමගින් ලකුණු 33ක් සහ මුරලි විජේ ලකුණු 21ක් ලබා ගත්තේය. රාහුල් තෙවාටියා ලකුණු 37කට චෙන්නායි ඉනිමේ කඩුලූ 3ක් බිඳ දැමීය.
 
 ලකුණු සටහන
 
 රාජස්ථාන රෝයල් 216/7 (සංජු සැම්සන් 74, ස්ටීවන් ස්මිත් 69, ජොප්රා ආචර් 27, සෑම් කරන් 33/3)
 
 චෙන්නායි සුපර් කිංග්ස් 200/6 (ෆෆ් ඩු ප්ලෙසිස් 72, ෂේන් වොට්සන් 33, මහේන්ද්‍ර සිං දෝනි 29, මුරලි විජේ 21, රාහුල් තෙවාටියා 37/3)

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles