Divaina - 2028 ඔලිම්පික් දිනන්න - රට වටේම දක්ෂයන් ක‍්‍රීඩා පාසල් 25 කට ඇතුළත් කරනවා - ක‍්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ කියයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

p16 1සුසන්තිකාලා ඔලිම්පික් ජය ගනිද්දි සහ 96 ක‍්‍රිකට් ලෝක කුසලාන දිනද්දි පහසුකම් තිබුණාද?

ශ‍්‍රී ලංකාවේ කී‍්‍රඩා ආර්ථිකය ඩොලර් මිලියනයකට ගියහොත් පමණක් මෙරට ක‍්‍රීඩාව ජාත්‍යන්තරය ජය ගැනීමේ හැකි තත්වයකට පත්වන බව ක‍්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කර සිටියේ වෘත්තීමය ක‍්‍රීඩා සංස්කෘතියක් සමග ක‍්‍රීඩාවේ අනාගතය ගොඩ නගන ආකාරය සම්බන්ධව සී.එස්.බී.එම්. හී පැවැති දේශනයකදීය.

‘‘ක‍්‍රීඩා අමාත්‍යාංශය විදිහට අපිට ක‍්‍රීඩා භාණ්ඩ නිෂ්පාදනය කරන්න බැරි ඇයි කියලා බලන්න ඕන. එල්.පී.එල්. වැනි ප‍්‍රිමියර් ලීග් තරග හැම ක‍්‍රීඩාවකට වගේම තියෙන්න ඕන. ක‍්‍රීඩා ආර්ථිකය හදන්න මේ දේවල් සියල්ල එකතු කරන්න ඕන. ලංකාවේ ක‍්‍රීඩා ආර්ථිකය ඩොලර් මිලියනයකට ගියොත් පමණයි ලංකාවේ ක‍්‍රීඩාව ජාත්‍යන්තරයට ගෙනියන්න පුළුවන්. මම එහෙම කියන්නෙ එතනට අපි ගියොත් තමයි අපිට අනුග‍්‍රහකයන් ජාත්‍යන්තර වශයෙන් එන්නෙ. අද ලෝකයේ ක‍්‍රීඩා ආර්ථිකය ඩොලර් මිලියන 650 ක් විතර.’’

ක‍්‍රීඩා ඇමැතිවරයාගේ රාජකාරිය පදක්කම් දිනන්න ඕන කියන එක නොවන බවත් ඒ සඳහා අවශ්‍ය සැලැස්ම සකස් කිරීම බවත් ඇමැතිවරයා පවසයි. ‘‘ක‍්‍රීඩාව කරන්න ඕන, ශරීර සෞඛ්‍ය රැුක ගන්න ඕන, පදක්කම් දිනන්න ඕන සහ ලෝක කුසලාන දිනන්න ඕන කියන එක අපි හැමෝම දන්න කාරණයක්. මේ ගැන කතා කරන්න ඇමැතිවරයෙක් අවශ්‍ය නැහැ. අවශ්‍ය වන්නේ මේවා කරන්නෙ කොහොමද සහ ඒ ගමනේදී ඇති වන අභියෝගතා ජයගෙන වෙනස් විය යුතු තැන්වලට වැඩි අවධානයක් යොමු කිරීමයි පමණයි.’’

හණ මිටි අදහස් බහුතරයකින් පවතින මෙරට ක‍්‍රීඩා පනත සංශෝධනය වන්නේ වත්මන් ලෝකයට ගැලපෙන ආකාරයට බවද හෙතෙම පෙන්වා දුන්නේය. ‘‘අපේ රටේ ක‍්‍රීඩා පනතක් තියෙනවා. මේ ක‍්‍රීඩා පනත සම්මත වෙලා තියෙන්නෙ 1973 දී. එදා අපේ රටේ තිබුණෙ හැම දේටම රජයේ මැදිහත්වීමෙන් සිදුවිය යුතුයි කියන මතයක්. නමුත් 1973 න් පස්සෙ ක‍්‍රීඩා පනත තුන් හතර පාරක් සංශෝධනය වෙලා තිබුණත් කාලානුරූපව වෙනස් වෙලා නැහැ. නමුත් ලෝකයේ ක‍්‍රීඩාව අද වෙනස් වෙලා තියෙනවා.’’

මෙරට ඉතිහාසයේ තිබූ භීෂණ සහ ත‍්‍රස්තවාදය හේතුවෙන් ක‍්‍රීඩාව කෙරෙහි සම්පුර්ණ අවධානය යොමු කිරීමට නොහැකි තත්ත්වයන් තිබුණද අද එසේ නොමැති බවද ක‍්‍රීඩා ඇමැතිවරයා පවසයි. ‘‘ඉතිහාසයේ අපිට ක‍්‍රීඩා සංස්කෘතියක් ගැන කතා කරන්න අවස්ථාවක් ලැබුණෙ නැහැ. මොකද 1983 දී කලබල ඇති වුණා. 88/89 කලබල ඇති වුණා. ක‍්‍රීඩාවේ ලෝන් ජම්ප් එක හෝ හයි ජම්ප් එක වෙනුවට තරුණයන්ට ජීවිතය බේරගන්න කැලේ පනින්න සිද්ධ වුණා. 1983 උතුරෙන් පටන් ගත් තරුණ ව්‍යසනය සහ අසහනය ලෝකයේ දරුණුතම ත‍්‍රස්තවාදී අරගලයක් බවට පත් වුණා. එවැනි පරිසරයක් තුළ අපිට ක‍්‍රීඩාව වෙනුවෙන් විශාල අවධානයක් යොමු කරන්න කාලයක් තිබුණෙ නැහැ.’

ක‍්‍රීඩාවෙන් ජාත්‍යන්තරය ජය ගැනීමට සැලසුම් සකස් කිරීමේදී අධ්‍යාපන ක‍්‍රමයද වෙනස් විය යුතු බවත් එය වෙනස් විය යුත්තේ කෙසේද යන්න ඇමැතිවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය. ‘‘මගේ අමාත්‍යාංශයේ තියෙන ප‍්‍රශ්න වලින් 50% ක් ප‍්‍රශ්න විසඳෙනවා අධ්‍යාපන ක‍්‍රමය වෙනස් වුණොත් වෘත්තිමය කී‍්‍රඩකයන් බිහිවෙනවා. මොකද දැන් තියෙන අධ්‍යාපන ක‍්‍රමයත් එක්ක ළමයින්ට තියෙන වැඩ බැලූවහම ක‍්‍රීඩා කරන්න වෙලාවක් නැහැ. කී‍්‍රඩා කළොත් අධ්‍යාපනය කරන්න වෙලාවක් නැහැ.’’

‘‘අපිට කෙටි කාලීන සැලැස්මක් විදිහට ක‍්‍රීඩා පාසල් 25 තුළ සමාන්තර පන්තියක් වැඩි කරන්න අධ්‍යාපන අමාත්‍යතුමා එකඟ වෙලා තියෙනවා. ඒකට චක‍්‍රලේඛයක් දාලා තියෙනවා අට වසරේ ඉඳන්. නොවැම්බර් සහ දෙසැම්බර් වෙනකොට රට වටේම ගිහිල්ලා ළමයි 40 ක් එක පන්තියකට හැම දිස්ත‍්‍රික්කයෙන්ම සොයාගෙන ක‍්‍රීඩා පාසලට ඇතුල් කරනවා. ඉදිරියේ එන අය වැයට අපි යෝජනා කරලා තියෙනවා සින්තටික් ට‍්‍රැක් 10 ක් ලේන් හතර දුවන්න පුළුවන් ඒවා සහ මී. 100 දුවන්න පුළුවන් විදිහට ක‍්‍රීඩා පාසල් දහයකට ලබා දෙන්න. එම ක‍්‍රීඩා පාසල්වලට අනිකුත් අවශ්‍ය සියලූම පහසුකම් වසරක් ඇතුළත ලබා දෙනවා. අට වසර කියන්නෙ ළමයකුගේ වයස අවුරුදු 13 යි. සාමාන්‍යයෙන් ඔලිම්පික් යන්න පුළුවන් දක්ෂයකු බිහි කරන්න අවුරුදු අටක් පමණ යනවා. අපි සාමාන්‍ය අවුරුදු 10 ක් තිබ්බොත් අට වසරේ ළමයා ඔලිම්පික් යනවනම් යන්නෙ අවුරුදු 22 දී විතර. ඒ ඉලක්කය වෙනුවෙන් අපි එක ක‍්‍රීඩා පාසලකට ළමයි 240 ක් ඉදිරි වසර පහ ඇතුළත ඇතුළත් කරනවා. සෑම දිස්ත‍්‍රික්කයකම ඒ වගේ ළමයි ඇතුළත් කරවන්නෙ තෝරාගැනීමේ ක‍්‍රමවේදයකට. එතනදි ගම්වල ඉන්න දුප්පත් දක්ෂ ළමයින්ව තෝරා ගැනීමේ ක‍්‍රමවේදයක් අපි සකස් කරලා තියෙනවා. මේ ළමයින්ට පාසල තුළ තාක්ෂණය හදන්න පුළුවන්. 2028 දී ඔලිම්පික් පදක්කමක් දිනන්න ඕනනම් ඒ ළමයට 2026 දී සාමාන්‍යපෙළ ලියන්න හම්බ වෙන්නෙ නැහැ. ඒ ඔවුන් පුහුණුවීම් කරන නිසා. නමුත් ළමයින්ගේ අධ්‍යාපන අපි හදනවා.’’

දක්ෂතම ක‍්‍රීඩකයන්ට එළැඹෙන ජාතික ක‍්‍රීඩා උළෙලේදී මෝටර් රථ ලබාදීම වෙනුවට විදෙස් ශිෂ්‍යත්ව ලබාදීමටද ඇමැතිවරයා සැලසුම් සකස් කර තිබේ. ‘‘ඉස්සර ජාතික ක‍්‍රීඩා උළෙලේ හොඳම ක‍්‍රීඩකයට දුන්නෙ කාර් එකක්. මේ පාර කාර් දෙන්නෙ නැහැ. ඒකට අපි හොඳම මලල ක‍්‍රීඩකයන් දහ දෙනාට වසර දෙකක ජාත්‍යන්තර පුහුණුව ලබන්න ශිෂ්‍යත්වයක් ලබා දෙනවා. එතනදි ඒ අයට අවශ්‍ය පුහුණුව දුන්නොත් පුළුවන් ජාත්‍යන්තර දිනලා අපිටත් කාර් අරන් දෙන්න.’’

කොමොන්වේල්ත් සහ ආසියානු තරගාවලි ඉලක්ක කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ පුහුණුවීම් සිදුකිරීමටද ඇමැතිවරයා උපදෙස් ලබාදී තිබේ.‘‘ සාග් තරගාවලිය අපි කොහොමත් දිනන නිසා අපේ ඉලක්කය කොමොන්වේල්ත් සහ ආසියානු ශූරතා තමයි. මොකද ඒවා දිනන්න පුළුවන්නම් තමයි යට තියෙන තරගාවලි කොහොමත් දිනන්නෙ. ඒක නිසා අපි ඒ තරගාවලි කෙරෙහි තමයි අවධානය යොමු කරන්නෙ. දකුණු අප‍්‍රිකාවේ ක‍්‍රීඩාව ගැන අපි අවධානය යොමු කරලා තියෙනවා. ඒ වගේම ලෝකයේ බොහෝ රටවල් අපිට දැනටමත් කැමැත්ත ලබාදීලා තියෙනවා ඒ අයගේ රටවල්වල පුහුණුවීම් කරන්න. ඉදිරියේදී කබඩි ප‍්‍රිමියර් ලීග් තරග ආකෘතියකට ගේනවා. අපි දැනටත් ලෝකයේ පළමු 15 හෝ 16 අතර කබඩිවලින් ඉන්නවා.’’

‘‘අපිට පුහුණුකරුවන්ගේ ප‍්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා ඒකට වැඩපිළිවෙළක් තියෙනවා. ඉන්න පුහුණුකරුවන්ට සුදුසු තත්ත්වයකට ගේන්න ඕන. 16% ක් ලංකාවට සංචාරකයන් එන්නෙ ක‍්‍රීඩාව නිසා. කොවිඞ් 19 වසංගතයෙන් පස්සෙ ලංකාව සංචාරකයන්ට විවෘත වන විට මම කිව්ව ගණන් ක‍්‍රීඩාව නිසා දෙගුණයකින් තුන් ගුණයකින් වැඩි වෙන්න පුළුවන්. ඉදිරියේදී අපි ලංකාවටම එළිමහන් ටේ‍්‍රනින් මධ්‍යස්ථාන 333 ක් දෙනවා. ඒක දෙන්නෙ ගමේ ක‍්‍රීඩා සමාජයකට. ඒ ගමේ ක‍්‍රීඩා සමාජයෙන් තමයි ඒකට ටේ‍්‍රනර් කෙනෙක් හැදෙන්නත් ඕන.’’

සුසන්තිකා ජයසිංහලා ඔලිම්පික් දිනන කාලයේත් 1996 ක‍්‍රිකට් ලෝක කුසලාන දිනන කාලයේත් තිබුණ පහසුකම් වලට වඩා අද පහසුකම් තිබුණත් ජයග‍්‍රහණ නොමැති වීම සම්බන්ධව ඇමැතිවරයා පවසන්නේ මෙවැනි අදහසකි.

‘‘අද බොහෝ දෙනෙක් කියනවා ක‍්‍රීඩාවට තියෙන පහසුකම් මදියි කියලා. ක‍්‍රීඩකයාට පහසුකම් මදියි කියලා. හැබැයි මම 96 වසර මේ 2020 ට සංසන්දනය කරන්නෙ නැහැ. එදා සුසන්තිකා ජයසිංහ ඔලිම්පික් පදක්කම් දිනන කොට සහ අද තියෙන පහසුකම් බලනකොට ඇයට තිබුණෙ මොන පහසුකම්ද. එදා 1996 ක‍්‍රිකට් ලෝක කුසලාන දිනනකොට තිබුණ පහසුකම් සහ අද තියෙන පහසුකම් කොහොමද. අපි බලාපොරොත්තුවෙන ජයග‍්‍රහණ නොලැබෙන කොට පහසුකම් මදියි කියන කතාව කියන්න පුරුදු වෙලා තියෙනවා. අද ලංකාවෙ තරම් ක‍්‍රීඩාංගණ ලෝකෙ කොහොවත් නැහැ. ජිම් කීයක් අපිට තියෙනවද. හැබැයි අපි පදක්කම් දිනලා තියෙනවා මදි. ලංකාවේ තරම් පාපැදි තරග සහ මැරතන් තරග කොහෙවත් නැහැ. නමුත් අපිට ජාත්‍යන්තරය දිනන්න බැහැ. අපිට තියෙන ජාතික වාර්තා ටික බි`ද දමන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා මේවාට අවශ්‍ය වෙනස්කම් දේශපාලන මැදිහත් වීමකින් තොරව ඉදිරියේදී එන ක‍්‍රීඩා පනතේ සංශෝධනය සිදුකරනවා. ක‍්‍රීඩා ඇමැතිවරයා තේරීම් කමිටු තෝරන්නවත් කණ්ඩායම් තෝරන්නවත් මැදිහත් වෙන්න ඕන නැහැ. අපේ රටේ මෙතුවක් කල් තිබුණෙ එහෙම ප‍්‍රතිපත්තියක්. ඒ දේවල් කරන්න වෙනම වෘත්තිකයන් ඉන්න ඕන.’’

අසේල විතාන















 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles