Divaina - දිල්ලිය සුපිරි පන්දුවාරයෙන් ගොඩයයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p16 2කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර පැවැති තරගයේදී කණ්ඩායම් දෙකෙහිම ලකුණු තත්ත්වය සම වීම හේතුවෙන් කි‍්‍රයාත්මක කළ සුපිරි පන්දුවාරයේදී ඉන්දීය පී‍්‍රමියර් ලීග් තරගාවලියේ දෙවැනි තරගය ජය ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් විය.
 
 ඩුබාහිදී පැවැති අදාළ තරගයේදී කාසියේ වාසිය දිනූ කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට භාර කළේය. එ් අනුව ඉනිම දියත් කළ දිල්ලි කැපිටල්ස් කී‍්‍රඩකයෝ පන්දුවාර 20දී කඩුලූ 8ක් දැවී ලකුණු 157ක් ලබා ගැනීමට සමත් වූහ. වේගවත් පිති හරඹයක් දියත් කළ මාර්කොස් ස්ටොනිස් පන්දු 21කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 7ක් සමගින් ලකුණු 53ක් වාර්තා කිරීමට සමත් විය. කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම වෙනුවෙන් මොහොමඞ් සාමි පන්දුවාර 4කදී ලකුණු 15කට දිල්ලි කණ්ඩායමේ කඩුලූ 3ක් බිඳ දැමීය.
 
 පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම පන්දුවාර 20දී කඩුලූ 8ක් දැවී ලකුණු 157කට සීමා විය. පන්ජාබ් කණ්ඩායමට තරගයේ ජයග‍්‍රහණය සඳහා අවසන් පන්දුවාරයේදී කඩුලූ 4ක් අතැතිව ලකුණු 13ක් ලබා ගැනීමට යුතුව තිබුණි. එ් අනුව අවසන් පන්දුවාරයේ පලමු පන්දු 3ට පිළිවෙලින් ලකුණු 6, 2 සහ 4 පහර බැගින් එල්ල කිරීමට මායන්ක් අග‍්‍රාවල් සමත් වූ අතර 4 වැනි පන්දුවට කිසිදු ලකුණක් ලබා ගැනීමට නොහැකි විය. එ් අනුව අවසන් පන්දු 2දී ජයග‍්‍රහණය සඳහා 1 ලකුණක් පමණක් ලබා ගැනීමේ අභියෝගය කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම හමුවේ පැවැති අතර අවසන් පන්දු දෙකෙදී පිළිවෙලින් මායන්ක් අග‍්‍රාවල් සහ කි‍්‍රස් ජෝර්දන් දවා ගැනීමට මාර්කොස් ස්ටොනිස් සමත් විය.
 
 තරගයේ ජයග‍්‍රාහකයා තේරීම වෙනුවෙන් කි‍්‍රයාත්මක වූ සුපිරි පන්දුවාරයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායමේ නියමිත කඩුලූ 2කම මුළු ලකුණු 2කට දැවී ගියේය. එ් අනුව දිල්ලි කැපිටල්ස් කණ්ඩායම කිසිදු කඩුල්ල්ක නොදැවී සුපිරි පන්දුවාරයේදී තරගයේ ජය හිමිකර ගැනීමට සමත් විය.
 
 ලකුණු සටහන
 
 දිල්ලි කැපිටල්ස් පන්දුවාර 20දී කඩුලූ 8කට ලකුණු 157 (මාර්කොස් ස්ටොනිස් 53, ශි‍්‍රයාස් අය්යර් 39, රිස්බා පන්ට් 31, මොහොමඞ් සාමි 15/3, ෂෙල්ඩන් කොට්ටේ‍්‍රල් 24/2)
 
 කිංග්ස් XI පන්ජාබ් පන්දුවාර 20දී කඩුලූ 8ක් දැවී ලකුණු 157යි (මයන්ක් අග‍්‍රාවල් 89, කේඑල් රාහුල් 21, කාගිසෝ රබාඩා 28/2, රවිචන්ද්‍රන් අෂ්වින් 2/2, මාකොස් ස්ටොනිස් 29/2)

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles