Divaina - පාකිස්තාන් අගමැති ක‍්‍රිකට් වෙනස ගැන කියයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

p16 3පාකිස්තානයේ දේශීය ක‍්‍රිකට් ක‍්‍රීඩාව උඩු යටිකුරු කරමින් කරන ලද වෙනස්වීම් සම්බන්ධයෙන් පාකිස්තාන් හිටපු ක‍්‍රිකට් නායක සහ වත්මන් අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අදහස් දක්වමින් පවසා සිටින්නේ ඕනෑම වෙනසකදී පළමුව දත් කැක්කුම මෙන් වේදනාවක් ඇති වන බවයි.
 
 ‘‘සෑම නව පද්ධතියකටම දත් කැක්කුමක් වගේ දෙයක් තියෙනවා. එ් සඳහා යම් කාලයක් ගත වන නමුත් ස්ථාපිත වූ පසුව එ් වෙනුවෙන් සහතික දෙන්න පුළුවන්. අපේ තියෙන දක්ෂතා නව වෙනස්වීම් සමග ජාත්‍යන්තරයේදී සහතිකයක් ලැබෙනු ඇති. ’’ යැයි අග‍්‍රාමාත්‍යවරයා පවසයි.
 
 පාකිස්තාන් දේශීය ක‍්‍රිකට් ක‍්‍රීඩාව වෙනස් කිරීමට අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඉකුත් 2019 වසරේදී පියවර ගත්තේය. එහිදී පාකිස්තානයේ දුර්වල ක‍්‍රිකට් ක‍්‍රමය වෙනුවට ඔහු විසින් පළාත් කණ්ඩායම් හයක් පමණක් පළමු පන්තියේ ක‍්‍රිකට් වලට ඇතුළත් කරන ලදී. අනෙකුත් ක‍්‍රීඩා සමාජ මට්ටමේ තරග වෙනත් ආකෘතියක් යටතේ පැවැත්වීමට තීරණය කරන ලදී, .
 
 ‘‘මීළඟ ලෝක කුසලානය සඳහා ඉතා ශක්තිමත් කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට හැකි වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. මෙම නව ක‍්‍රමය ගැන මම සතුටුයි. ලෝකයේ කිසිම තැනක නොතිබූ දේශීය ක‍්‍රිකට් ක‍්‍රමයක් පාකිස්තානයේ තියෙනවා. ’’ යැයි ඉම්රාන් ඛාන් පවසයි.
 
 නව ක‍්‍රමය යටතේ පාකිස්තාන් ක‍්‍රිකට් ක‍්‍රීඩාව ඉහළට ඔසවා තැබීමේ වගකීම මිස්බා උල්හක් ඇතුළු පිරිසකට භාරදී ඇති අතර එ් වෙනුවෙන් ටික කාලයක් ඉවසීමෙන් බලා සිටිය යුතු බවද අග‍්‍රාමාත්‍යවරයා පවසයි.

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles