Divaina - IPL ශූරයන්ට එරෙහිව දෝනිලා නැගිටිති

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

p16 2ඉන්දීය පී‍්‍රමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයේදී  පසුගිය වසරේ ශූරයන් බවට පත්වූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරාජයට පත් කරමින් තරගාවලියේ පළමු ජය වාර්තා කිරීමට මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් විය.
 
 අබුඩාබියේ පැවැති අදාළ සමාරම්භක තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 20දී කඩුලූ 9ක් දැවී ලකුණු 162ක් වාර්තා කළේය. එ් අනුව ජයග‍්‍රාහි ඉලක්කය හඹා ගිය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 19.2කදී කඩුලූ 5ක් පමණක් දැවී අදාළ ඉලක්කය සපුරා ගැනීමට සමත් විය.
 
 මුළු ලකුණු 6දී චෙන්නායි ඉනිමේ පළමු කඩුලූ දෙකම බිඳ වැටෙද්දී පිටියට එක්වූ අම්බති රයිදු සහ ෆෆ් ඩුප්ලෙසිස් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 115ක සම්බන්ධතාවක් එක් කිරීමට සමත් විය. පන්දු 48කට මුහුණු දුන් අම්බති රයිදු හයේ පහර 3ක් සහ හතරේ පහර 6ක් සමගින් ලකුණු 71ක් වාර්තා කිරීමට සමත් විය. ෆෆ් ඩුප්ලෙසිස් හතරේ පහර 6ක් සමගින් පන්දු 44කදී නොදැවී ලකුණු 58ක් ලබා ගනිමින් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැුගෙන යෑමට සමත් විය.
 
 තරගයේ කාසියේ වාසිය දිනූ චෙන්නායි නායකයා පළමුවෙන් පිතිප‍්‍රහාරය දියත් කරන ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ආරාධනා කළේය. එ් අනුව ඉනිම ආරම්භ කළ නායක රෝහිත් ෂර්මා සහ ක්වින්ටන් ඞී කොක් මුම්බායි පළමු කඩුල්ලට ලකුණු 46ක් එක් කළේය. ඞී කොක් ලකුණු 33කින් මුම්බායි ඉනිම සරසද්දී හතරේ පහර 5ක් ඔහුගේ පිත්තෙන් එල්ල වී තිබිණි. සෞරබ් තිවාරි පන්දු 31කදී එක් හයේ පහරක් සහ හතරේ පහර 3ක් සමගින් ලකුණු 42ක් ලබා ගැනීමට සමත් විය.
 
 ලකුණු සටහන
 
 මුම්බායි ඉන්දියන්ස් පන්දුවාර 20දී කඩුලූ 9ක් දැවී ලකුණු 162යි (ක්වින්ටන් ඞී කොක් 33, සෞරබ් තිවාරි 42, කිරන් පොලාඞ් 18, ලූන්ගි න්ගිඩි 38/3, දීපක් චාහර් 32/2, රවීන්ද්‍ර ජඬේජා 42/2)
 
 චෙන්නායි සුපර් කිංග්ස් පන්දුවාර 19. 2කදී කඩුලූ 5ක් දැවී ලකුණු 166යි (ෆෆ් ඩූප්ලෙසිස් 58, අම්බති රයිදු 71, සෑම් කරන් 18, ටෙ‍්‍රන්ට් බෝල්ට් 23/1, ජෙම්ස් පැටින්සන් 27/1, රාහුල් චාහර් 36/1, කෘනාල් පාණ්ඩයා 37/1, ජස්ප‍්‍රිට් බූම්රා 43/1)
 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles