Divaina - පැසි පන්දුවේ ‘සල්ලි’ ගැහිල්ල හොයන්න - ඇමැති අණින් කී‍්‍රඩා සභාව රැස්වෙයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

p16 1පසුගිය වසරේදී නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැති 13 වැනි දකුණු ආසියානු කී‍්‍රඩා උළෙල වෙනුවෙන් ශී‍්‍ර ලංකා පැසිපන්දු සම්මේලනයට කී‍්‍රඩා අමාත්‍යාංශය විසින් ලබා දුන් මිලියන 5කට ආසන්න මුදලක් අවභාවිත වී ඇතැයි වාර්තා වේ. එ් අනුව එම මුදල් අවභාවිත කිරීම පිළිබඳ සෙවීමට කී‍්‍රඩා සම්බන්ධ වැරදි සෙවීමේ පොලිස් පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට කී‍්‍රඩා අමාත්‍ය නාමල් රජපක්ෂ මහතා විසින් කී‍්‍රඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත උපදෙස් ලබා දී තිබේ.

දකුණු ආසියානු කී‍්‍රඩා උළෙල සඳහා සහභාගි වන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 60 දෙනකු සහ පුහුණුකරුවන් 8 දෙනකුගෙන් සමන්විත ශී‍්‍ර ලංකා පැසිපන්දු සංචිතයට දින 91ක් සඳහා පෝෂණ දීමනාවක් ලෙස රුපියල් 4,950,400.00ක් සහ පුහුණුවීම් සඳහා කී‍්‍රඩාපිටි දෙකක් වෙන් කිරීමේ මාස 3ක ගාස්තුද ඇතුළුව රුපියල් 5,310,400.00ක් එවක කී‍්‍රඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය මත 2019. 03. 25 වැනිදා චෙක් පතක් මගින් ශී‍්‍ර ලංකා පැසිපන්දු සම්මේලනය වෙත ලබා දී තිබේ. දකුණු ආසියානු කී‍්‍රඩා උළෙල වෙනුවෙන් කාන්තා හා පිරිමි සංචිත දෙකකට 30 දෙනා බැගින් 60 දෙනකු තෝරාගෙන තිබූ අතර එහිදී දින 91ක් වෙනුවෙන් එක් දිනකට එක් අයකුට රුපියල් 900.00 බැගින් බැරවෙන පරිදි ඉහත සඳහන් කළ පෝෂණ දීමනාව ලබා දී තිබිණි.

එසේ වුවද වාර්තා වන පරිදි පුහුණුවීම් සිදුකර ඇත්තේ දින 34ක් පමණක් වන අතර දින 73ක් පුහුණුවීම් සිදුකළ බවට ව්‍යාජ ආහාර බිල්පත් සකස්කොට ලබා දී තිබේ. තවද පැසිපන්දු සංගමය මගින් පුහුණුවීම් සඳහා තුංමුල්ල ගුවන් හමුදා කී‍්‍රඩාගාරය වෙන් කිරීම වෙනුවෙන්

පසුගිය 2019 වසරේ අපේ‍්‍රල් මස දින 29කට පැය 2ක් බැගින් රුපියල් 290,000.00ක්ද මැයි මස දින 12කට රුපියල් 120,000.00ක්ද ජුනි මාසය සඳහා දින 32කට රුපියල් 320,000. 00ක්ද ලෙස වැය වූ බව කියමින් ශී‍්‍ර ලංකා ගුවන් හමුදා

මූලස්ථානයේ ලිපි ශීර්ෂ යටතේ බිල්පත් ලබාගෙන ඇති බවටද තොරතුරු වාර්තාවේ. එසේ වුවද තුංමුල්ල ගුවන් හමුදා කී‍්‍රඩාගාරයේ අදාළ පුහුණුවීම් සිදුකර ඇත්තේ දින 12ක් පමණක් බව යැයිද කී‍්‍රඩකයන්ගේ

ප‍්‍රකාශ අනුව මේ වන විට අනාවරණ වී තිබේ. එ් අනුව මේ වන විට අසත්‍ය බිල්පත් ලබා දීම සහ පෝෂණ දීමනාවට සරිලන පරිදි නිසි ආහාරවේලක් කී‍්‍රඩකයන්ට ලබා නොදීම, ව්‍යාජ ලිපි ශීර්ෂ යොදා ගැනීම, කූට ලිපිලේඛන සකස් කිරීම ආදී චෝදනා රැුසක් ශී‍්‍ර ලංකා පැසිපන්දු සම්මේලනයේ නිලධාරින් වෙත එල්ල වී තිබේ.

පැසිපන්දු කී‍්‍රඩාවේදී තරග වදින්නේ කී‍්‍රඩකයන් 5 දෙනකු පමණක් වන අතර සංචිතය සඳහා 12 දෙනකු ඇතුළත් වේ. එ් අනුව 12 දෙනකු පමණක් තෝරා ගන්න සංචිතයක් වෙනුවෙන් 30 දෙනකු පුහුණුවීම් සඳහා යොදා ගැනීම පිළිබඳවද කී‍්‍රඩා අමාත්‍යාංශය මෙහිදී සොය බැලිය යුතුය. තවද නිසි සොයා බැලීමක් නොකර සම්මේලනයේ ඉල්ලීම් මත අදාළ මුදල් ලබා දීම පිළිබඳව කී‍්‍රඩා අමත්‍යාංශයද මෙහිදී තමන්ට අඟිල්ල දිගුකර ගත යුතුව තිබේ.

කෙසේ වෙතත් මේ වන විට මෙම මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් දකුණු ආසියානු කී‍්‍රඩා උළෙල නියෝජනය කළ පැසිපන්දු කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් මෙන්ම ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් පිරිසක් විසින් සහ පුහුණුකරුවන් විසින් පසුගිය 18 වැනිදා කී‍්‍රඩා අමාත්‍ය නාමල් රජපක්ෂ මහතා හමුවී මෙම පරීක්ෂණ කඩිනමින් සිදුකරන ලෙස ඉල්ලීමක් කර තිබේ. එ් අනුව අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් ජාතික කී‍්‍රඩා සභාව අද සවස රැුස්වීමට නියමිත අතර අදාළ මුදල් අක‍්‍රමිකතා පිළිබඳ කී‍්‍රඩා අමාත්‍යාංශයේ පියවර කෙබඳුද යන්න එහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

කසුන් රණවීර
 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles