Divaina - බංග්ලාදේශ පිලේ නිරෝධායනය ගැන යුද හමුදාපති සහ සෞඛ්‍ය අංශ සාකච්ඡාවක

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p16 3මෙම මස අවසන් සතියේදී ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිත බංග්ලාදේශ ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ නිරෝධායන කාල සීමාව දින හතක් දක්වා අඩු කරනවාද නැතහොත් දින 14 ක් දක්වාම ක‍්‍රියාත්මක කරනවාද යන තීන්දුව යුද හමුදාපති සහ සෞඛ්‍ය අංශ අතර සාකච්ඡුාවකින් පසුව තීරණය වීමට නියමිතව තිබේ.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ ටෙස්ට් තරග දෙකකට සහභාගි වීම සඳහා බංග්ලාදේශ ක‍්‍රිකට් කණ්ඩායම මෙම මස 27 වැනිදා ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුණද එහිදී ඔවුන්ට දින 14 ක නිරෝධායන කාලයක් ලබා දුනහොත් සංචාරයට සහභාගී නොවන බව පවසයි. බංග්ලාදේශ ක‍්‍රිකට් සභාපති නසමුල් හසන්ද සඳහන් කරන්නේ දින හතක නිරෝධායනයකට යටත්ව සංචාරයට සහභාගි විය හැකි බවයි.

කෙසේ වෙතත් උද්ගතවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට නියමිතව ඇත්තේ ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ වන අතර එහිදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සහ සෞඛ්‍ය අංශ අතර සාකච්ඡුා වට කිහිපයක්ම

පසුගිය දිනවලදී පැවැත් වුණි. නමුත් අදාළ සාකච්ඡුාවලදී දින හතක නිරෝධායන කාලය ලබාදීමට තීන්දු නොවූ බැවින් උද්ගතවී ඇති තත්ත්වයට සාධාරණ විසඳුමක් ලබාදීමට ශ‍්‍රී ලංකා කොවිඞ් 19 මැඩ පැවැත්වීමේ පුරෝගාමීන් වන සෞඛ්‍ය අංශ සහ යුද හමුදාපතිවරයා අතර සාකච්ඡුාවක් ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ බව ‘දිවයින’ කළ විමසීමකදී අනාවරණය විය.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධානීන්ද යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාව හමුවී සාකච්ඡුා කළ අතර අවසන් තීන්දුව අද හෝ හෙට වන විට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් විසින් බංග්ලාදේශ ක‍්‍රිකට් ආයතනයට දැන්වීමට නියමිතව තිබේ. කොරෝනා ව්‍යාප්තිය මැඩ පැවැත්වීමට ශ‍්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙලට බාධාවක් නොවන අයුරින් ජාත්‍යන්තර ක‍්‍රීඩාවද යළිත් ආරම්භ කිරීමට ක‍්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාද දැඩි උනන්දුවකින් පසුවේ. ඔහු සඳහන් කරන්නේ ගෝලීය වසංගතයක් බැවින් උපරිම සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රමවේදයන්ට අනුව නැවතී තිබූ තරග යළි ආරම්භ කළ යුතු බවයි.

කොරෝනා වෛරසයෙන් පසුව ජාත්‍යන්තර ක‍්‍රිකට් තරග පැවැත්වූ එංගලන්තය විදෙස් කණ්ඩායම්වලට ලබාදී තිබු නිරෝධායන කාල සීමාව දින හතකි. අයි.පී.එල්. තරගාවලිය ලබන 19 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වන අතර එහිදී කණ්ඩායම් සති තුනකට කලින් එහි ගියද ඔවුන් නිරෝධායනය වී ඇත්තේ දින හතක් පමණි. බටහිර ඉන්දීය කොදෙව්වන් සංවිධානය කළ කැරිබියන් ප‍්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගි වූ විදෙස් ක‍්‍රීඩකයන්ද දින හතක නිරෝධානයකින් පසුව තරගවලට සහ භාගි වී තිබේ. ඒ අනූව ජාත්‍යන්තර ක‍්‍රීඩාව ආරම්භ කිරීමේදී දින 14 ක කාල සීමාවකට යටත්වීමට කණ්ඩායම් මැලිකමක් දැක්වීම හේතුවෙන් ඔවුන් දින හතක නිරෝධායනය ප‍්‍රායෝගික බව සඳහන් කරයි.

බංග්ලාදේශ ක‍්‍රිකට් සභාපතිවරයා ශ‍්‍රී ලංකාවේ සංචාරය සම්බන්ධව පවසන්නේ මෙවැනි අදහසකි. ‘‘දැනට තිබෙන දින 14 ක නියමයන් සහ කොන්දේසි සමග අපට ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග සඳහා ශ‍්‍රී ලංකාවට පැමිණීමට නොහැකියි. අපි දින හතක නිරෝධායනයක් ඉල්ලා සිටිනවා. මොකද ශ‍්‍රී ලංකා කණ්ඩායම නිරෝධායනය නොවී පුහුණුවීම් කරනවා. අපිට නිරෝධායන කාලසීමාවේදී හුදකලා වීමෙන් පුහුණුව මග හැරෙනවා. මේ රෝගයේ බරපතළකම අපි වටහාගෙන ඉන්නෙ. ඒ නිසා දින හතක නිරෝධායනයක් සමග ලබාදෙන කොන්දේසිත් එක්ක අපි සංචාරයට සහභාගි වෙන්න කැමැත්තෙන් පසුවෙනවා.’’ යනුවෙනි.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයද තරගාවලිය පැවැත්වීම සම්බන්ධව ඉතාමත් උනන්දුවෙන් කටයුතු කළද එහි අවසන් තීන්දුව ගැනිය යුත්තේ සෞඛ්‍ය බලධාරීන් විසිනි. ඒ අනුව යුද හමුදාපතිවරයා සහ සෞඛ්‍ය අංශ අතර සාකච්ඡුාවේ ප‍්‍රතිඵලය අනුව බංග්ලාදේශ කණ්ඩායමේ ශ‍්‍රී ලංකා සංචාරය තීන්දු වීමට නියමිතව තිබේ.

අසේල විතාන
 

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles