Divaina - කළුතර ක‍්‍රිකට් විනිසුරුවෝ ගාල්ලේදී ශූරයෝ වෙති

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p16 1 ගාල්ල සහ කළුතර ක‍්‍රිකට් විනිසුරුවන්ගේ සංගම් අතර වාර්ෂිකව පැවැත්වෙන විස්සයි විස්ස ක‍්‍රිකට් තරගයෙන් කඩුලූ 8 ක ජයක් ලැබූ කළුතර ක‍්‍රිකට් විනිසුරු කණ්ඩායම දෙවැනි වරටත් ශූරතාව දිනා ගැනීමට සමත් විය. වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් මෙම තරගය පන්දුවාර 12 කට සීමා විය.
 
 ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී වාර්ෂිකව පැවැත්වෙන මෙම විස්සයි විස්ස ක‍්‍රිකට් ගැටුම තෙවැනි වරටත් පැවැති අතර එහිදී ගාල්ල ක‍්‍රිකට් විනිසුරුවන් එක් වරක් ශූරතාව දිනා ගෙන තිබේ. තරගයේ පළමුව පිති ප‍්‍රහාරය දියත් කළ ගාල්ල කණ්ඩායම පන්දුවාර 12 කදී කඩුලූ 9 කට ලකුණු 90 ක් ලබා ගත් අතර අදාළ ඉලක්කය කඩුලූ අටක් සහ පන්දු හතරක් අතැතිව තිබියදී ජය ගැනීමට කළුත ක‍්‍රිකට් විනිසුරු පිල සමත් විය.
 
 තරගයේ විරයා සම්මානය පත්මනාත් පෙරේරා විසින් දිනා ගත් අතර දක්ෂතම පන්දු යවන්නා සම්මානය සිසිර ප‍්‍රබෝද්ට හිමිවිය. හොඳම පිතිකරුවා වශයෙන් ගාල්ල ක‍්‍රිකට් විනිසුරු කණ්ඩායමේ රංගන ප‍්‍රසාද් සම්මාන ලැබු අතර දක්ෂතම පන්දු රකින්නා වශයෙන් කළුතර කණ්ඩායමේ රවීන්ද්‍ර කොට්ටච්චි සම්මාන ලැබීය.
 
 ලකුණු තත්ත්වය
 
 ගාල්ල ක‍්‍රිකට් විනිසුරු පිල පන්දුවාර 12 කදී කඩුලූ 9ට ලකුණු 90 යි. (රංගන ප‍්‍රසාද් 40, චතුර සංජීව 14, රුවන් පුෂ්පකුමාර නොදැවී 11, සිසිර ප‍්‍රබෝද් 7/2, සංජීව ප‍්‍රනාන්දු 11/2, ෂිරෝස ගුණතිලක 20/2 යි.)
 
 කළුතර ක‍්‍රිකට් විනිසුරු පිල පන්දුවාර 11.2 කදී කඩුලූ 2 ට ලකුණු 91 යි. (පත්මනාත් පෙරේරා නොදැවී 40, සිසිර ප‍්‍රබෝද් 25, බුද්ධික සංජීව නොදැවී 10 යි.)
 

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles