Divaina - යුපුන්ගෙන් තවත් පෙරළිකාර පිම්මක්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p16 2 ස්විට්සර්ලන්තයේ පැවැති ආරාධිත මලල කී‍්‍රඩා තරගාවලියේදී මීටර් 100 පිරිමි ඉසව්වේ තුන් වැනි ස්ථානය දිනා ගැනීමට ශී‍්‍ර ලංකාවේ යුපුන් අබේකෝන් පෙරේදා (15 වැනිදා) සමත් විය. එ් අනුව මීට්ර 100 ඉසව්වෙන් දකුණු ආසියානු වාර්තාවට හිමිකම් කියන යුපුන් අබේකෝන් ජාත්‍යන්තර තලයේ කී‍්‍රඩකයන් සමග තරග කළ පළමු අවස්ථාව මෙය බවට පත් විය.
 
 ස්විට්සර්ලන්තයේ පැවැති අදාළ තරගයේදී මීටර් 100 ඉසව්ව තත්පර 10.24ක කාලයකින් නිමා කිරීමට යුපුන් සමත් විය. එ් අනුව එහි තෙවැනි ස්ථානය යුපුන්ට හිමිවෙද්දී අදාළ ඉසව්වේ පළමු ස්ථානය දිනා ගැනීමට පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලියේ වේගවත්ම කී‍්‍රඩකයා මෙන්ම මෙම වසරේ වේගවත්ම කාලය වර්තා කිරීමට සමත් වූ දකුණු අපි‍්‍රකාවේ අකානේ සිම්බිනේ සමත් විය. එ් තත්පර 10.02ක කාලයක් අදාළ ඉසව්වේදී වාර්තා කරමින්ය. තරගයේ දෙවැනි ස්ථානයට පත්වන්නට කනිෂ්ඨ ලෝක ශූර ඉතාලි ජාතික ෆෙලිපෝ ටෝටූ සමත් විය. ඔහු වාර්තා කළ කාලය තත්ත්පර 10.07 කි.
 
 යුපුන් අබේකෝන් පසුගියදා ජර්මනියේ පැවැති ආරාධිත මලල කී‍්‍රඩා තරගාවලියේදී තත්පර 10.16ක කාලයක් වාර්තා කරමින් දකුණු ආසියානු නව තරග වාර්තාවක් බිහිකිරීමට සමත් විය. එ් අනුව දකුණු ආසියාවේ මෙන්ම ශී‍්‍ර ලංකාවේ වේගවත්ම මලල කී‍්‍රඩකයා බවට පත්වන්නට යුපුන් සමත් විය. මීට පෙර හිමාෂ එ්ෂාන් මීටර් 100 තරග ඉසව්ව තත්පර 10.22ක කාලයකින් නිමා කරමින් අදාළ වාර්තාවට හිමිකම් කීය.
 

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles