Divaina - එල්.පී.එල්. උපදේශකත්වයට ලාරා, අක‍්‍රම් අක්තාර් එති

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

akram333
 
 අසේල විතාන
 
 ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන එල්.පී.එල්. විස්සයි විස්ස ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලිය ලබන නොවැම්බර් 14 වැනිදා ආරම්භ වීමට නියමිත අතර එම තරගාවලියේ උපදේශකවරුන් වශයෙන් හිටපු ලෝක පූජිත ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් වන බ‍්‍රයන් ලාරා, වසීම් අක‍්‍රම් සහ ෂොයිබ් අක්තාර් සහභාගි වීමට කැමැත්ත පළ කර තිබේ.
 
 ජාත්‍යන්තර මට්ටමින් පවත්වන ප‍්‍රිමියර් ලීග් තරගාවලිවල උපදේශකත්වයට ලොව නම් දැරූ ක‍්‍රීඩකයන්ව නම් කිරීම සාමාන්‍ය සම්ප‍්‍රදායක් බවට පත්වෙද්දී එමගින් තරගාවලියේ ජනප‍්‍රියතාව සහ ඔවුන්ගේ අත්දැකීම් මගින් තරගාවලිය සාර්ථක කර ගැනීමට හැකියාවක් ලැබේ. ඒ අනුව හිටපු ලෝක පූජිත ක‍්‍රීඩකයන් ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන එල්.පී.එල්. තරගාවලියට එක්වීමට දැනටමත් කැමැත්ත පළ කර ඇති අතර ඔවුන්ගේ ඒජන්තවරුන් වන දිනේෂ් චොප්රා විසින් ඔවන්ගේ සහභාගීත්වය ස්ථිර කර තිබේ.
 
 ‘‘එල්.පී.එල්. තරගාවලියට මෙවැනි ක‍්‍රීඩකයන් උපදේශකවරුන් වශයෙන් සහභාගී වීමෙන් තරගාවලියට පමණක් නොව ක‍්‍රීඩකයන්ටත් යමක් ලබා ගන්න පුළුවන්. කොවිඞ් 19 වැනි ගෝලීය වසංගතයක් තිබෙන මොහොතක අපේ රටේ පවත්වන තරගාවලියකට ඔවුන් සහභාගි වීමට කැමැත්ත පළ කිරීම සම්බන්ධව අපි සතුටු වෙනවා. ඒ වගේම අපේ රටේ එම රෝග තත්ත්වය දැන් පහව යමින් තියෙන නිසා උපදේශකවරුන් පමණක් නොවෙයි ලොව විස්සයි විස්ස සුපිරි ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් බොහෝ දෙනෙක් එන්න කැමැත්ත පළ කරලා තියෙනවා.’’ යැයි එල්.පී.එල්. තරගාවලියේ අධ්‍යක්ෂකවරයා වන රවීන් වික‍්‍රමරත්න මහතා ‘දිවයින’ කළ විමසීමකදී පැවසීය.
 
 ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් එල්.පී.එල්. තරගාවලිය සංවිධානය කළ ද එම තරගාවලියේ අයිතිය ඩුබායි හි පිහිටි අයි.පී.ජී යන ජාත්‍යන්තර ආයතනයකට ටෙන්ඩර් පටිපාටිය අනුව ලබාදී තිබේ. ඔවුන් විසින් තරගාවලියේ ක‍්‍රීඩකයන්ව සහ උපදේශකවරුන්ව නම් කිරීම සිදුකරයි. එහිදී තරගාවලියට සහභාගි වන කණ්ඩායම් පහ අළෙවි කිරීම ඇතුළු සියලූ කර්තව්‍යයන් අයි.පී.ජී. ඩුබායි ආයතනය විසින් සිදුකරනු ලබයි.
 
 උපදේශකවරුන් වශයෙන් පැමිණෙන බ‍්‍රයන් ලාරා ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ ඉනිමක වැඩිම ලකුණු (400* ලැබූ ක‍්‍රීඩකයා වේ. ඔහු 1990 දශකයේදී එංගලන්තයට එරෙහිව පළමු ත‍්‍රිත්ව ශතකය වාර්තා කරමින් ටෙස්ට් ඉනිමක ලොව වැඩිම ලකුණු (375* සංඛ්‍යාවක් වාර්තා කළ පිතිකරුවා බවට පත් විය. අනතුරුව එම වාර්තාව ඔස්ටේ‍්‍රලියානු පිතිකරු මැතිව්ස් හේඞ්න් විසින් සිම්බාබ්වේට එරෙහිව ලකුණු 380 ක් ලබා බිඳ දැමුවද ඉන් මාස හයකට පසුව යළිත් තමාගේ වාර්තාව උදුරා ගැනීමට සමත් වූ ලාරා ලොව පළමු වරට ඉනිමක ලකුණු 400 සීමාව සටහන් කළ ක‍්‍රීඩකයා වශයෙන්ද ඉතිහාසගත වේ.
 
 මේ වන විට 51 වැනි වියේ පසුවන බ‍්‍රයන් ලාරා බටහිර ඉන්දීය කොදෙව් ¥පත් වෙනුවෙන් ටෙස්ට් තරග 131 කදී ශතක 34 ක් සහ අර්ධ ශතක 48 ක් සමග මුළු ලකුණු 11953 ක් ලබා තිබේ. එහි ඉනිමක සාමාන්‍ය 52.9 කි. ඔහු එක්දින තරග 299 කදී ශතක 19 ක් සහ අර්ධ ශතක 63 ක් සමග මුළු ලකුණු 10405 ක් ලබා ඇත්තේ ඉනිමක සාමාන්‍ය 40.5 ක් වශයෙන් සටහන් කරමිනි.
 
 ලොව බිහිවූ හොඳම වමත් පන්දු යවන්නා වශයෙන් බොහෝ දෙනා හඳුන්වන වසීම් අක‍්‍රම් පාකිස්තානය වෙනුවෙන් ටෙස්ට් තරග 104 දී කඩුලූ 414 ක් සහ එක්දින තරග 356 කදී කඩුලූ 502 ක් ලබා ගත් ලෝක පූජිත පන්දු යවන්නෙකි. ඔහුගේ ටෙස්ට් කඩුල්ලක් ලබා ගැනීමේ සාමාන්‍ය 23.62 ක් වශයෙන් සටහන් වන අතර එක්දින තරගයකදී කඩුල්ලක් ලබා ගැනීමේ සාමාන්‍ය 23.52 ක් වශයෙන් සටහන් වේ. පාකිස්තාන් වෙළෙඳ සමාගමක් විසින් දැනටමත් ගාල්ල කණ්ඩායම මිලදී ගෙන ඇති අතර එහි විශේෂිත ක‍්‍රීඩකයන් වශයෙන් සහිඞ් අෆ්රීඩි සහ ලසිත් මාලිංගව ඔවුන් ලබාගෙන තිබේ.
 
 ක‍්‍රිකට් ඉතිහාසයේ යවන ලද වේගවත්ම පන්දුවේ හිමිකරුවා වන ෂොයිබ් අක්තාර්ද මෙවර එල්.පී.එල්. තරගාවලියේ උදේශකයකු වශයෙන් සහභාගි වන්නේ මෙවැනි ප‍්‍රිමියර් ලීග් තරගාවලි කිහිපයකම එවැනි රාජකාරියක් කරමින් ඇති පළපුරුද්ද හේතුවෙනි. ඔහු විස්තර විචාරකයකුට අමතරව උපදේශකයකු වශයෙන් ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසුව කටයුතු කර තිබේ. පැයට සැතපුම් 100 කට වැඩිය පන්දු යවා ඇති අක්තාර් ලොව වේගවත්ම පන්දුව පැයට කි.මී. 161.2 ක් වශයෙන් සටහන් කර තිබේ. අක්තාර් පාකිස්තානය වෙනුවෙන් ටෙස්ට් තරග 46 කදී කඩුලූ 178 ක්ද එක්දින තරග 163 කදී කඩුලූ 247 ක් වශයෙන් බිඳ දමා තිබේ. අදාළ උදේශකවරුන් සියලූම දෙනාම නිරෝධායන කාලයකට යටත්ව ශ‍්‍රී ලංකාවේදී එල්.පී.එල්. තරගාවලියට සහභාගි වීමට කැමැත්ත පළ කර තිබේ.

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles