Divaina - කළු සිද්ධිය මට අමතක නැහැ... ජොෆ්රා ආචර් කියයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

achara
 
 මීට මාස කිහිපයකට පෙර ඇමරිකාවේදී කළු ජාතිකයකුට වධ හිංසා පමුණුවමින් එරට පොලිස් නිලධාරීන් විසින් මරා දැමීමේ සිද්ධිය මුළු ලොව පුරාම වේගයෙන් පැතිර ගිය අතර එහිදී කළු ජාතිකයන්ට වන අසාධාරණ වෙනුවෙන් ඔවුහු හඬ නැගූහ.
 
 එංගලන්ත කණ්ඩායමේ ආරම්භක වේග පන්දු යවන්නා වන ජොෆ්රා ආචර්ද කළු ජාතිකයෙකි. බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම නියෝජනය කළ ඔහු පසුව එංගලන්තයේ පුරවැසිභාවය ලබා ගනිමින් දැන් එංගලන්ත පිලේ ප‍්‍රබලතම වේග පන්දු යවන්නා බවට පත්ව තිබේ.
 
 ‘‘අපට අමතක වී නැත. මෙහි කිසිවකුට ‘බ්ලැක් ලයිව්ස්’ ප‍්‍රශ්නය අමතක වෙන්නෙ නැහැ.’’ යනුවෙන් ආචර් සඳහන් කර තිබේ. ඔස්ටේ‍්‍රලියානු නායක ඒරොන් ෆින්ච් විසින් කළ ප‍්‍රකාශයක් සාධාරණීකරණය කිරීමට ගිය මයිකල් හෝල්ඩින්ට ආචර් වැඩිදුරටත් මෙසේ පවසා තිබේ.
 
 ‘‘මයිකල් හෝල්ඩින් විවේචනය කිරීමට පෙර යම් කිසි පර්යේෂණයක් නොකිරීම කටුක දෙයක් යැයි මම සිතනවා. තිරය පිටුපස සිදුවන්නේ කුමක්දැයි ඔහු නොදන්නා බව මට විශ්වාසයි. මම හිතන්නේ නැහැ ඔහු එංගලන්තයේ ප‍්‍රධාන විධායක ටොම් හැරිසන් සමග කතා කළා කියලා. නමුත් මම කතා කළා.’’
 
 එංගලන්ත කණ්ඩායම අදාළ සිද්ධියෙන් පසුව බටහිර ඉන්දීය කොදෙව් සමග පැවැති තරගාවලියේදී සිට ‘බ්ලැක් ලයිව්ස් මැටර්’ ලාංඡුනයක් පැළඳ පුහුණුවීම්වල නිරතව සිටියි.

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles