Divaina - මහේල සභාපති වීමෙන් ශ‍්‍රී ලංකාවේ ක‍්‍රීඩාව ඉහළ යා හැකියි.. හිටපු ක‍්‍රිකට් පුහුණුකරු පෝල් ෆාබ්‍රේස් කියයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

mahela135ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් මෙරට ක‍්‍රීඩාවේ උන්නතිය සඳහා පිහිටුවන ලද ක‍්‍රීඩා කවුන්සිලය සම්බන්ධව හිටපු ජාතික ක‍්‍රිකට් ප‍්‍රධාන පුහුණුකරුවකු වන පොල් ෆාබ්‍රේස් මහතා විසින් සුබ පැතුම් එක්කර තිබේ. එහිදී මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර එම කවුන්සිලයට ඇතුළත් කිරීම සම්බන්ධව ඔහු දැඩි සතුටට පත්වන බවද සඳහන් කරයි.
 
 එංගලන්ත ජාතික පෝල් ෆාබ්‍රේස් මේ වන විට එංගලන්තයේ වොරික්ෂයර් ප‍්‍රාන්තයේ පුහුණුකරු වශයෙන් කටයුතු කරන අතර ඔහු ශ‍්‍රී ලංකාවේ ක‍්‍රීඩා කවුන්සිලය සම්බන්ධයෙන් පවසන්නේ මෙවැනි අදහසකි, ‘‘මම මහේල ජයවර්ධනට බොහෝ සෙයින් ඇළුම් කරනවා. ඔහු එහි සභාපතිවරයා වීමෙන් ශ‍්‍රී ලංකාවේ ක‍්‍රීඩාව ඉහළ තත්ත්වයකට ගෙන්න පුළුවන්. ඒ වගේම කුමාර් සංගක්කාරත් ඒ කමිටුවේ සිටීමෙන් සෑම ක්‍ෂේත‍්‍රයකම ඉහළට යෑමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේක ගොඩක් හොඳ තීරණයක් ක‍්‍රීඩා ඇමැතිවරයාගේ.’’
 
 2007 වසරේදී ටෙ‍්‍රවල් බේලිස්ගේ සහය පුහුණුකරු වශයෙන් ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ රාජකාරියට එක්වූ ෆාබ්‍රේස් 2009.03.03 පාකිස්තානයේ ලාහෝර් නුවරදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිලට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයටද ගොදුරු විය. අනතුරුව ඔහුගේ දෙවැනි පැමිණිම 2013 දී සටහන් වූයේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන පුහුණුකරු වශයෙනි. එම පැමිණිමත් සමග ශ‍්‍රී ලංකාව 2014 විස්සයි විස්ස ලෝක ශූරතාව මෙන්ම ආසියානු ශූරතාව ජයග‍්‍රහණය කිරීමටද සමත් විය.

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles