Divaina - බංග්ලාදේශ සංචාරයට ක‍්‍රීඩා ඇමැති මැදිහත් වෙයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

අසේල විතාන
 
naamas මේ මස අවසන් සතියේදී ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටින බංග්ලාදේශ ජාතික ක‍්‍රිකට් කණ්ඩායමට දින 14 ක නිරෝධායන කාලයකට යටත්වීම නොහැකි බවත් එය දින හතක් දක්වා අඩු නොකළහොත් සංචාරය කිරීමට නොහැකි බවත් බංග්ලාදේශ ක‍්‍රිකට් ආයතනය පවසයි.
 
 බංග්ලාදේශයේ අදාළ ප‍්‍රකාශයෙන් පසුව ක‍්‍රියාත්මක වූ ක‍්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් මගින් දන්වා ඇත්තේ මේ සම්බන්ධව නැවත සලකා බැලීමට කොවිඞ් කාර්ය සාධක බළකායේ උපදෙස් ලබා ගන්නා ලෙසට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට උපදෙස් දී ඇති බවයි.
 
 ‘කොවිඞ් 19 වසංගතය තවමත් ගෝලීය වශයෙන් විශාල මට්ටමක පවතින බව අපි කවුරුත් දන්නවා. එය වැළැක්වීමේ පියවරයන්ට ඉහළ ප‍්‍රමුඛතාවක් දිය යුතුයි. කෙසේ වෙතත් කලාපයේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ වැදගත්කම සැලකිල්ලට ගෙන කාර්ය සාධක බළකායෙන් උපදෙස් ලබාගන්නත් නැවත එය සලකා බලන්නත් මම ක‍්‍රිකට් ආයතනයෙන් ඉල්ලා සිටිනවා.’ යැයි ක‍්‍රීඩා ඇමැතිවරයාගේ ට්විටර් සටහනේ සටහන්ව තිබේ.
 
 දෙරට අතර පළමු ටෙස්ට් තරගය ඔක්තෝම්බර් 23 වැනිදා පැවැත්වීමට නියමිත අතර මාස හයකට පසුව තරග කිරීමට පෙර යළිත් දින 14 ක් නිරෝධායනය වීමට බංග්ලාදේශය නොහැකි බව පවසයි. ‘‘මෙම නියමයන් හා කොන්දේසි සමග අපට ලෝක ටෙස්ට් ශූරතාව ක‍්‍රීඩා කළ නොහැකියි. අපි දිගින් දිගටම සාකච්ඡුා කළේ දින හතක නිරෝධායනයක් ලබා දෙන ලෙසටයි. නමුත් තවමත් එම කොන්දේසි සම්බන්ධව සාකච්ඡුාවල අවසානයක් නැහැ.’’ යනුවෙන් බංග්ලාදේශ ක‍්‍රිකට් ආයතනය පවසයි.
 
 බංග්ලාදේශ කණ්ඩායම හුදකලා කළද ශ‍්‍රී ලංකා කණ්ඩායම එසේ නොකිරීම සහ මෙරට දේශීය තරගාවලි ක‍්‍රීඩා කර තිබීම හේතුවෙන් බංග්ලාදේශ පිලට අසාධාරණයක් සිදුවන බවද ඔවුන් වැඩිදුරටත් පවසයි.

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles