Divaina - මලල ක‍්‍රීඩාව දුවන්න 19 වසරකට පසු අනුග‍්‍රහයක්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

malalala555
 
 ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක කර ගැනීම උදෙසා ලයිකා මොබයිල් අනුබද්ධ ආයතනයක් වන ඥානම් පදනම විසින් රුපියල් මිලියන 10 ක අනුග‍්‍රාහකත්වයක් ලබාදී තිබේ. වසර 19 කට පසු මෙරට මලල ක‍්‍රීඩාවට ලැබු විශාලම අනුග‍්‍රහකත්වයද මෙය විම විශේෂත්වයකි.
 
 අදාළ අනුග‍්‍රහකත්වය ක‍්‍රීඩක කී‍්‍රඩිකාවන්ගේ උපකරණ සහ ඇඳුම් කට්ටල ලබා ගැනීම වෙනුවෙන් යොදවන බව මලල ක‍්‍රීඩා සභාපති මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතා පවසයි. මීට පෙර ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩාවට අනුග‍්‍රහකත්වයක් ලැබී ඇත්තේ 2001 වසරේදී බව වාර්තා වේ.
 
 ක‍්‍රීඩා අමාත්‍යාංශයේ සවිය හේතුවෙන් යාන්තමින් මෙරට මලල ක‍්‍රීඩාව පවත්වාගෙන යෑමට
 
 පසුගිය කාලයේදී සිදුවිය. කෙසේ වෙතත් එවැනි වකවානුවකදි ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩාව යම්තාක් දුරට කැපී පෙනීමට සමත් වුයේ පසුගිය නොවැම්බර් මස නේපාලයේ පැවැති දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේදීය. එහිදි මෙරට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් විසින් රන් පදක්කම් 15 ක්, රිදී පදක්කම් 12 ක් සහ ලෝකඩ පදක්කම් අටක් දිනා ගැනීම කැපී පෙනුණි.
 
 ලබන ඔක්තෝම්බර් 23 වැනිදා සිට 25 වැනිදා දක්වා ජාතික මලල ක‍්‍රීඩා තේරීම් තරග පැවැත්වීම ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමය කටයුතු යොදා තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ සහිතව එම තරගාවලිය දුරස්ථභාවය අනුගමනය කරමින් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
 
 මලල ක‍්‍රීඩා තේරීම් තරගවලින් පසුව අදාළ සුදුස්සන් දෙසැම්බර් මාසයේ පැවැත්වෙන ජාතික ශූරතාවලියේදී තරග වදිනු ලබයි. අනතුරුව 2021 වසරේ පැවැත්වෙන ආසියානු යොවුන් ශූරතාව සහ ලෝක කනිෂ්ඨ මලල ක‍්‍රීඩා ශූරතා ඉලක්කය වෙනුවෙන් සංචිත සකස් කිරීමට මලල ක‍්‍රීඩා සංගමය බළාපොරොත්තු වේ.
 
 මලල ක‍්‍රීඩා සංගමයට වසර 19 කට පසු ලැබුණු අනුග‍්‍රහය ඥානම් පදනමේ අධ්‍යක්ෂ ජී.ටී. ජයසීලන් මහතා විසින් මලල ක‍්‍රීඩා සංමයේ සභාපති පාලිත ප‍්‍රනාන්දු මහතාට ලබාදෙන අවස්ථාව ඡුායාරූපයේ දැක්වේ.
 
 ඡුායාරූපය - කමල් බෝගොඩ
  

  

 

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles