Divaina - යුවරාජ් ලොව හොඳම වමත් පිතිකරුවන් සිව්දෙනා නම් කරයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

uwaraj555

 

පසුගිය 13 වැනිදා යනු ජාත්‍යන්තර වමතුන්ගේ හෙවත් වාමාංශික දිනයයි. එම දිනයේදී හිටපු ඉන්දිය පිතිකරුවකු වන යුවරාජ් සිං විසින් ලොව හොඳම වමත් පිතිකරුවන් සිව්දෙනකු නම් කර ඇති අතර ඊට ශ‍්‍රී ලංකාවේ කිසිදු පිතිකරුවකු ඔහු ඇතුළත් කර නැත.

 
 යුවරාජ්ගේ අදහසට අනූව ඔහු හොඳම වමත් පිතිකරුවා වශයෙන් හිටපු බටහිර ඉන්දීය කොදෙව් ක‍්‍රීඩක බ‍්‍රයන් ලාරා නම් කර තිබේ. ලාරා යනු ටෙස්ට් ඉනිමක වැඩිම ලකුණු (400* සංඛ්‍යාවක් ලබා ගත් පිතිකරුවා වේ. මීට අමතරව ඔස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩක ඇඩම් ගිල්ක‍්‍රිස්ට් සහ මැතිව් හේඞ්න්වද යුවරාජ් විසින් නම් කර තිබේ.
 
 වත්මන් ඉන්දියානු ක‍්‍රිකට් සභාපති සව්රව් ගංගුලිද ලොව හොඳම වමත් පිතිකරුවන් සිව් දෙනා අතරට එක් කිරීමට යුවරාජ් කටයුතු යොදා තිබේ. යුවරාජ් විසින් තමන්ගේ ප‍්‍රියතම සහ හොඳම වමත් පිතිකරුවන් සිව්දෙනා නම් කිරීමෙන් පසුව පේ‍්‍රක්ෂකයන්ගෙන් ඉල්ලා ඇත්තේ ඔවුන්ගේ හොඳම වමත් පිතිකරුවන් සිව්දෙනාද නම් කර එවන ලෙසයි.

  

 

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles