Divaina - සෙරීනා අක්කට පහර දෙයි....

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

serina444

ලොව අංක එකේ ටෙනිස් ශූරිය වන සෙරීනා විලියම්ස්  පසුගියදා පැවැති තරගයකදී ඇයගේ වැඩිමහල් සොහොයුරි වන වීනස් විලියම්ස්ව තරග හතරකදී පිට පිටම පරාජය කර තිබේ. කොරෝනා වසංගතයෙන් පසුව ලොව අංක එකේ ශූරිය සහභාගි වූ පළමු තරගාවලියද මෙය වේ.
 
 මෙම තරගය ආරම්භ වීමට පෙර සියල්ල සාමාන්‍ය විදිහට තිබුණු බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. අදාළ තරගය පවුලේ ශූරතාව යනුවෙන් සෙරීනා සඳහන් කර තිබේ. ‘‘විම්බල්ඩන් හෝ එක්සත් ජනපදයේ තරගයක් ක‍්‍රීඩා කළා වගේ දැනෙනවා. නමුත් ඒක පුහුණු තරගයක්. හරියටම කිව්වොත් පවුලේ ශූරතාව .’’ යනුවෙන් සෙරීනා පැවසුවාය.
 
 සෙරීනා විලියම්ස්ගේ වැඩිමහල් සොහොයුරිය වන වීනස් විලියම්ස්ද ග‍්‍රෑන්ඞ් ස්ලෑම් කේවල ශූරතා හතරක් හිමිකරගෙන තිබේ. තම නැගණිය හමුවේ පුහුණු තරගයක් විලසින් පැවැසි මෙම තරගයේ පරාජයෙන් පසුව වීනස් මෙසේ සඳහන් කළාය. ‘‘මගේ කාලය දැන් ඉවරයි. යම් ආකාරයකින් මේ තරගය හැඟීමක් ඇති කළා.‘
 
 වීනස් විලියම්ස් මේ වන විට 40 වැනි වියේ පසුවන අතර සෙරීනා විලියම්ස් 39 වැනි වියේ පසුවේ.
  

 

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles