Divaina - එල්.පී.එල්. වලට යළිත් බාලගිරි දෝෂය

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

අසේල විතාන
 
varaniya135 ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් මේ වසරේ පැවැත්වීමට සැලසුම් කර තිබූ ලංකා ප‍්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලිය පැවැත්වීමට හැකි දිනයක් ප‍්‍රකාශ කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබේ. ඊට හේතුව වී ඇත්තේ කණ්ඩායම් මිලදී ගැනීමට කිසිවකු ඉදිරිපත් නොවීම බවද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.
 
මෙම මස අගෝස්තු 28 වැනිදා එල්.පී.එල්. තරගාවලිය ආරම්භ කරන බවට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් ප‍්‍රචාරයක් ගෙන ගියද පසුව එය නොවැම්බර් මාසය දක්වා කල් දැමීමට සිදුවිය. එහෙත් තරගාවලිය සංවිධානය කිරීම භාරදී ඇති අයි.ජී.ජී. සමාගම විසින් සඳහන් කර ඇත්තේ කණ්ඩායම් පහ මිලදී ගැනීමට කිසිවකු ඉදිරිපත් නොවීම හේතුවෙන් තරගාවලිය පැවැත්වීමට හැකි දින තීන්දු කිරීම අපහසු බවයි.
 
 කෙසේ වෙතත් තරගාවලියට සහභාගි වන කණ්ඩායම් පහට විදෙස් ක‍්‍රීඩකයන් හය දෙනා බැගින් 30 දෙනකු ගෙන්වීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සැලසුම් කර තිබුණි. එහිදී එල්.පී.ඒ. තරගාවලියට සහභාගි වීමට ඔස්ටේ‍්‍රලියා, පාකිස්තාන්, බටහිර ඉන්දීය කොදෙව් සහ දකුණු අප‍්‍රිකානු ක‍්‍රීඩකයන් රැුසක්ම කැමැත්ත පළ කර තිබුණි. නමුත් තරගාවලිය කල් යෑමෙන් උදාවන ගැටලූකාරීත්වය හේතුවෙන් මේ වසරේදීත් එල්.පී.එල්. තරගාවලිය පැවැත්වීමට නොහැකි බව අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වැඩිදුරත් වාර්තා වේ.
 
 පන්දුවාර විස්සයි විස්ස ප‍්‍රිමියර් ලීග් තරගාවලියක් නොමැති එකම රට වන්නේද ශ‍්‍රී ලංකාවයි. 2011 වසරේදී එස්.එල්.පී.එල්. තරගාවලියක් ආරම්භ කළද එම තරගාවලිය එක් අදියරකින් පසුව නිමාවට පත්විය. අනතුරුව වසර නවයකට පසුව ආරම්භ කිරීමට උත්සහ කළ එල්.පී.එල්. හෙවත් ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලියට යළිත් බාලගිරි දෝෂය උදාවීමෙන් ක‍්‍රීඩකයන්ගේ බලාපොරොත්තු සුන්වී තිබේ.
 
 ඇෆ්ගනිස්තානයද විදෙස් ක‍්‍රීඩකයන් ගෙන්වමින් ප‍්‍රිමියර් ලීග් තරගාවලි සංවිධානය කරද්දී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට තවමත් එවැනි තරගාවලියක් පැවැත්වීමට නොහැකිවීම සම්බන්ධව ක‍්‍රීඩකයන් මැසිවිලි නගති. ‘‘අපිට හොඳ ප‍්‍රිමියර් ලීග් තරගාවලියක් තිබ්බොත් දක්ෂතාව වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම හොඳ ක‍්‍රීඩකයන්ව හොයා ගන්නත් පුළුවන්. ආයෙත් ජාත්‍යන්තර පිටියට පැමිණෙන්න කලින් එල්.පී.එල්. තරගාවලියක් තිබ්බනම් මානසිකත්වයට හොඳයි. කොරෝනා ප‍්‍රශ්නත් එක්ක තරගාවලි ක‍්‍රීඩා කරන්න බැරි වුණා. නමුත් දැන් අපි පළමු පෙළ තරගාවලිය ක‍්‍රීඩා කරනවා.’’ යැයි එල්.පී.එල්. තරගාවලිය සම්බන්ධයෙන් කළ විමසීමකදී ශ‍්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයකු පැවසීය.
 
 කොරෝනා වසංගතයෙන් පසුව දැන් ක‍්‍රමක් ක‍්‍රමයෙන් ජාත්‍යන්තර ක‍්‍රිකට් තරග ආරම්භ වෙමින් තිබේ. ඒ කාලයේදී අතපසු වූ තරගාවලි කිහිපයක්ම ඉදිරියේදී පැවැත්වීමට යෝජිතව ඇත. එවැනි තත්ත්වයක එල්.පී.එල්. තරගාවලියට දින වෙන්කර ගැනීමද ගැටලූකාරීත් තත්ත්වයක් මතුව තිබේ. ශ‍්‍රී ලංකාවට පසුගිය මාස හය තුළදී ජාත්‍යන්තර තරගාවලි තුනක් කල් දැමීමට සිදුවිය.
 
 තරගාවලියට සහභාගී වන විදෙස් ක‍්‍රීඩකයන් දින 14 ක නිරෝධනයකට ලක්විය යුතු බැවින් එම කාලයේදී සිය ජාතික කණ්ඩායම් නියෝජනය කරන ක‍්‍රීඩකයන් සිටියහොත් තරගාවලියට ඔවුන්ව සහභාගි
 
 කරගැනීමේ ගැටලූවක් පවතී. අයි.පී.එල්. තරගාවලියද කල් දැමීමට ඉන්දියානු ක‍්‍රිකට් ආයතනය කටයුතු යෙදීමෙන් සුපිරි විදෙස් ක‍්‍රීඩකයන් ගෙන්වා මේ වසරේදී එල්.පී.එල්. තරගාවලියක් පැවැත්වීම ප‍්‍රායෝගික නොවන කටයුත්තක් බවට පත්ව තිබේ.

 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles