Divaina - ඉන්දියාව ‘ෆේල්’ වුණොත් විස්සයි විස්ස ලෝක කුසලාන සත්කාරකත්වය ශ‍්‍රී ලංකාවට

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 
 අසේල විතාන
 
2020 ලබන 2021 වසරේදී ඉන්දියාවේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන සත්කාරකත්වය ශ‍්‍රී ලංකාවට ලබාදීම සම්බන්ධව ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය මේ වන විට අවධානය යොමු කර තිබේ. ඉන්දියාවේ කොරෝනා රෝගය ශීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් ඔවුන් ඒ සම්බන්ධව දැනටමත් විශේෂ අවධානයක් යොමු කර ඇත.
 
 2021 වසරේ ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාසවලදී පැවැත්වීමට නියමිත අදාළ ලෝක කුසලාන සත්කාරකත්වය වත්මන් තත්ත්වය අනුව ඉන්දියාවේ පැවැත්වීම අවදානම් බවට අයි.සී.සී.ය බලධාරීන් සාකච්ඡුා කර තිබේ. ඒ අනූව එම ලෝක කුසලාන සත්කාරකත්වය ශ‍්‍රී ලංකාවට හෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ලබාදීම සම්බන්ධයෙන් ඔවුන් වැඩිදුරටත් අවධානය යොමුකර ඇත.
 
 ‘‘අපේ රටේ කොරෝනා වසංගතය ඉතාමත් හොඳින් පාලනය කර තිබෙනවා. දැන් අපේ දේශීය ක‍්‍රිකට් තරගාවලියත් පටන් අරන් තියෙන්නෙ. ඒ නිසා ඕනෑම වෙලාවක ලෝක කුසලාන සත්කාරකත්වයකට සූදානම් වෙන්න අපිට පුළුවන්. එහෙම දෙයක් ලැබුණොත් ඒක රටටත් ලොකු අවස්ථාවක්. කොහොම වුණත් අයි.සී.සී.ය ඉදිරියේදී අපිට ඒ සම්බන්ධව ඉල්ලීමක් කළොත් අපි සතුටින් ඒක භාර ගන්නවා.’’ යැයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නිලධාරියකු මේ සම්බන්ධයෙන් ‘දිවයින’ කළ විමසීමකදී පැවසීය.
 
 කොරෝනා වසංගතය හේතුවෙන් මේ වසරේ ඔස්ටේ‍්‍රලියාවේ පැවැත්වීමට නියමිතව තිබූ විස්සයි විස්ස ලෝක කුසලාන 2022 වසර දක්වා කල් දැමීමට සිදුවිය. නමුත් ඉන්දියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය යොදාගත් පරිදිම පැවැත්වීම මේ වන විට වෛරස් වසංගතය සමග අවදානම් තත්ත්වයකට පත්ව තිබේ. 2023 වසරේදීත් ඉන්දියාවේ පන්දුවාර 50 ලෝක කුසලාන තරගාවලිය පැවැත්වේ. එක ළඟ තරගාවලි දෙකක් ඉන්දියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇති බැවින් විස්සයි විස්ස ලෝක කුසලාන සත්කාරකත්වය ඔවුන්ගෙන් ගැලවී යෑමේ රතු එළි අයි.සී.සී.ය විසින් මේ වන විට නිකුත් කර තිබේ.
 
 දිනෙන් දිනම ඉන්දියාවේ කොරෝනා ව්‍යාප්තිය වැඩිවීම හේතුවෙන් ලොව වැඩිම රෝගීන් සහ මරණ සංඛ්‍යාවක් වාර්තා වූ තෙවැනි රට බවටද ඉන්දියාව පත්ව තිබේ. කොරෝනා වෛරසයෙන් ඊයේ (13 දා* වන විට ඉන්දියාවේ 47119 ක් මිය ගොස් තිබූ අතර වාර්තා වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව ලක්ෂ 23 ඉක්මවා තිබුණි. ඒ අනුව 2021 ක ලෝක කුසලාන සත්කාරකත්වය ඉන්දියාවෙන් ගැලවී යෑමේ වැඩි ප‍්‍රවණතාවක් මේ වන විට නිර්මාණය වී තිබේ.
 
 ඉන්දියානු ක‍්‍රිකට් සභාපති සව්රව් ගංගුලිගෙන් අදාළ සත්කාරකත්වය සම්බන්ධව අයි.සී.සී.ය දුරකතනය ඔස්සේ විමසා තිබුණද එහිදී ගංගුලි ස්ථිර පිළිතුරක් ලබා නොදීම හේතුවෙන් අයි.සී.සී.ය තවදුරටත් ශ‍්‍රී ලංකාවට හෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සත්කාරකත්වය ලබාදීම ප‍්‍රමාද කර ඇත.
 
 ඉකුත් සතියේදී පැවැති අයි.සී.සී. රැුස්වීමකදී එළැඹෙන වසරේදී ඉන්දියාවේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන කල් දැමුවහොත් විශාල මූල්‍ය හා වාණිජ ගැටලූවකට සියලූම සාමාජිකයන්ට මෙන්ම අයි.සී.සී.යටද මුහුණ දීමට සිදුවන බව මාර්තෘකාවට බඳුන්විය.
 
 ඔස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් සභාපතිවරයා පවසා ඇත්තේ මේ වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ලෝක කුසලාන වෙනුවෙන් විශාල ප‍්‍රවේශපත් සංඛ්‍යාවක් අළෙවි කර තිබූ බවත් එම ප‍්‍රවේශපත් 2022 වසරටත් වලංගු බවත්ය. යම් කිසි පුද්ගලයකුට මුදල් ලබා ගැනීමට අවශ්‍ය වුවහොත් එම මුදල් ලබාදීමටද ඔස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් ආයතනය කටයුතු කරන බවත් සඳහන් කර ඇති ඔහු ලබන වසරේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන සත්කාරකත්වයට ඉක්මනින් විසඳුමක් ලබාගත යුතු බවද සඳහන් කරයි.
 
 ශ‍්‍රී ලංකාව පළමු වරට ලෝක කුසලාන සත්කාරකත්වයක් දරා ඇත්තේ 1996 වසරේදීය. එම ලෝක කුසලාන සත්කාරකත්වය ආසියාව කේන්ද්‍රකර ගනිමින් පැවැත්වුණද තනි සත්කාරකත්වයක් ලෝක කුසලානට ලබාදී ඇත්තේ 2012 වසරේ පැවැති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදීය.
 
 අයි.පී.එල්. තරගාවලියද ඉන්දියාවේ පැවැත්වීමට නොහැකි තත්ත්වයක ඔවුන් නොවැම්බර් මස එම තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඒ අනුව විස්සයි විස්ස ලෝක කුසලාන තනි සත්කාරකත්වයක් සඳහා ශ‍්‍රී ලංකාවේ ජාත්‍යන්තර කී‍්‍රඩාංගණ හතක් තිබීමෙන් බොහෝ දුරට ශ‍්‍රී ලංකාවට එම සත්කාරකත්වය හිමිවීමේ වැඩි ප‍්‍රවණතාක් තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තිබෙන්නේ ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණ තුනක් පමණි.

 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles