Divaina - මෙන්ඩිස්ගේ සී.සී.සී. ලොකු ජයකින් ශූරතාවට කිට්ටු වෙයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p14 2අන්තර් ක‍්‍රීඩා සමාජ පළමු පෙළ ටියර් ‘ඒ‘ තෙදින තරගාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනිමින් ශූරතාවට ආසන්නව සිටින කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් සී.සී.සී. කණ්ඩායම ඊයේ (12 දා) රාගම කණ්ඩායම පරදා ඉනිමක සහ ලකුණු 125 ක ජයක් ලබමින් සුපිරි අට වටයේ ප‍්‍රසාද ලකුණු 19 ක් ලබා පළමු තැනට පත්විය.

කොරෝනා වසංගතයෙන් පසුව ආරම්භ වූ පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලියේ සුපිරි වටයේ තරග කිහිපයක් ජය පරාජයෙන් තොරව අවසන් වෙද්දී මීගමුව ක‍්‍රීඩා සමාජය විසින් ලන්කන් ක‍්‍රීඩා සමාජය පරදා කඩුලූ පහක ජයක් ලැබීමටද සමත් විය.

තරග ප‍්‍රතිඵල

රාගම ඉනිමකින් සී.සී.සීට පරදියි

සී.සී.සී. පළමු ඉනිම 499/7 යි.

රාගම පළමු ඉනිම 132 යි.

රාගම දෙවැනි ඉනිම පන්දුවාර 58.3 කදී සියල්ල දැවී ලකුණු 242 යි. (ෂමින්ද ප‍්‍රනාන්දු 23, රොෂේන් සිල්වා 41, නිශාන් මධුෂංක 29, ජනිත් ලියනගේ

නොදැවී 50, ඉෂාන් ජයරත්න 35, මලින්ද පුෂ්පකුමාර 55/4, වනිඳු හසරංග 66/2, අශාන් ප‍්‍රියංජන් 64/2 යි.)

චිලව් සහ බී.ආර්.සී. සටන විසඳුමකින් තොර වෙයි

චිලව් මේරියන්ස් පළමු ඉනිම 195 යි.

බී.ආර්.සී. පළමු ඉනිම 87 යි.

චිලව් මේරියන්ස් දෙවැනි ඉනිම 385/8 යි.

බී.ආර්.සී. දෙවැනි ඉනිම පන්දුවාර 80 කදී කඩුලූ 8ට ලකුණු 231 යි. (දේශාන් ඩයස් 28, ෂනුක දුලාජ් 25, ඩිල්ෂාන් ද සොයිසා 105, තික්ෂිල ද සිල්වා 23/2, පුලින තරංග 32/2, කමිඳු මෙන්ඩිස් 43/4 යි.)

ලන්කන් නිගම්බුට පරදියි

ලන්කන් පළමු ඉනිම 270 යි.

මීගමුව ක‍්‍රීඩා සමාජය පළමු ඉනිම 238 යි.

ලන්කන් දෙවැනි ඉනිම 111 යි.

මීගමුව දෙවැනි ඉනිම පන්දුවාර 36.5 කදී කඩුලූ 5ට ලකුණු 147 යි. (ඩිල්ෂාන් මුණවීර 25, පසිඳු ලක්ෂාන් 29, මාධව වර්ණපුර 33, දුනිත් වෙල්ලගේ 60/3 යි.)

ටැමිල් යුනියන්ට පළමු ඉනිමේ ජයක්

එස්.එස්.සී. පළමු ඉනිම254,

ටැමිල් යුනියන් පළමු ඉනිම 349 යි.

එස්.එස්.සී. දෙවැනි ඉනිම කඩුලූ 5ට ලකුණු 271 යි. (සඳුන් වීරක්කොඩි 68, චරිත් අසලංක 94, දසුන් ශානක 30, ෂම්මු අශාන් 37, ධනංජය ද සිල්වා 71/1 යි.)

අසේල විතාන

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles