Divaina - එංගලන්ත - පාකිස්තාන දෙවැනි ටෙස්ට් තරගය අද

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ සත්කාරක එංගලන්ත කණ්ඩායම අතර දෙවැනි ටෙස්ට් තරගය අද (13 වැනිදා* සදම්ප්ටන් කී‍්‍රඩාංගණයේදී ආරම්භ වේ. දෙරට අතර තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වූ අතර එ් අනුව මේ විට තරගාවලියේ 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සත්කාරකයෝ සමත් වී සිටිති.
 
 ලෝක කුසාලන ටෙස්ට් තරගාවලිය යටතේ කි‍්‍රයාත්මක වන දෙරට අතර තරගාවලියේ අද තරගය දෙපිළටම වැදගත් තරගයක් බවට පත්ව තිබේ. එංගලන්ත කණ්ඩායම මේ වනවිට ලෝක කුසලාන ටෙස්ට් තරගාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනේ ලකුණු 266ක් සමගින් තෙවැනි ස්ථානයේ පසුවේ. එ් අනුව යම් හෙයකින් පාකිස්තානය සමග පැවැත්වෙන දෙවැනි තරගය ජය ගැනීමට එංගලන්ත කණ්ඩායමට හැකියාව ලැබුණහොත් ලකුණු 306ක් ලබා ගනිමින් ප‍්‍රසාද ලකුණු සටහනේ දෙවැනි
 
 ස්ථානයට පත්වන්නට ඔවුන්ට හැකියාව ලැබෙන අතර තරගාවලියේ ජය හිමිකර ගැනීමේ හැකියාවද ලැබේ.
 
 පාකිස්තාන කණ්ඩායමට තරගාවලිය පිළිබඳ තවදුරටත් බලාපොරොත්තු තියා ගැනීමට නම් අද ආරම්භ වන තරගය ජය ගත යුතුම වේ. එ් අනුව දෙවැනි තරගය සහ තෙැවනි තරගයත් ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායමට අවස්ථාව උදාවුවහොත් තරගාවලිය ජය ගැනීමට ඔවුන්ට හැකියාව ලැබෙනවා සේම ලෝක කුසලාන ප‍්‍රසාද ලකුණු සටහනේ පස්වැනි ස්ථානයේ සිට සිවුවැනි ස්ථානය දක්වා ඉහළ නැගීමට ඔවුන්ට අවස්ථාව උදා වේ. පාකිස්තාන කණ්ඩායම අදාළ ලකුණු සටහනේ ලකුණු 140ක් ලබා පස්වැනි ස්ථානයේ පසුවන අතර ඔවුනට ඉහළින් ලකුණු 180ක් ලබා ගනිමින් නවසීලන්ත කණ්ඩායම ප‍්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයේ මේ වනවිට පසුවේ.
 
 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles