Divaina - බ්ලූ ස්ටාර්, නිව් ස්ටාර්, යුද හමුදා, පොලිස්, සහ කොළඹ පෙරමුණ ගනී - සභාපති කුසලාන ආරාධිත පාපන්දු තරගාවලිය

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p14 4ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේලනය මගින් සංවිධානය කරන සභාපති කුසලාන පාපන්දු තරගාවලියේ මේ වන විට තරග 10ක් පවත්වා අවසන් වී තිබේ. එ් අනුව නිමාවට පත් වූ තරගවලින් ජය හිමිකර ගැනීමට මේ වනවිට බ්ලූ ස්ටාර්, නිව් ස්ටාර්, යුද හමුදා, රෙඞ් ස්ටාර්, පොලිස්, කොළඹ සහ බ්ලූ ඊගල් යන කණ්ඩායම් සමත් වී තිබේ. තරගාවලියේ අප් කන්ටි‍්‍ර - ජාවාලේන්, මාතර සිටි - නිව් යංග් සහ සී හෝක්ස් - සෙරන්ඩිබ් අතර තරග ජය පරාජයකින් තොරව අවසන් විය.

එ් අනුව තරගාවලියේ ‘එ්’ කාණ්ඩයෙන් පෙරමුණ ගැනීමට බ්ලූ ස්ටාර් කණ්ඩායම සමත්වී සිටින අතර ‘බී’ කාණ්ඩායෙන් පෙරමුණ ගැනීමට නිව් ස්ටාර් කණ්ඩායම සමත් වී සිටී. යුද හමුදා කණ්ඩායම ‘සී’ කාණ්ඩයෙන් පෙරමුණ ගැනීමට සමත්වී සිටින අතර ‘ඞී’ කාණ්ඩයෙන් පෙරමුණ ගැනීමට පොලිස් කී‍්‍රඩා සමාජ කණ්ඩායම සමත් වී සිටී. ’ඊ’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට කොළඹ කණ්ඩායම සමත් වී සිටී.

මේ අතර තරගාවලියේ ‘එ්’ කාණ්ඩය යටතේ තවත් තරග දෙකක් සහ ‘බී’ කාණ්ඩය යටතේ තරග 2ක් අද (13 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබේ. එ් අනුව ‘බී’ කාණ්ඩයෙන් නිව් යංග් කණ්ඩායම සහ රිනවුන් කණ්ඩායම අතර තරගය අද පස්වරු 3. 30ට රීඞ් මාවත තුරඟ තරග පිටියේදී පැවැත්වෙන අතර නිව් ස්ටාර් කණ්ඩායම සහ මාතර සිටි අතර තරගය පස්වරු 3. 30ට කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී ආරම්භ වේ.

‘එ්’ කාණ්ඩයෙන් මොරගස්මුල්ල සහ අප් කන්ටී‍්‍ර අතර තරගය අද සවස 6. 30ට කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන අතර ජාවාලේන් සහ බ්ලූ ස්ටාර් අතර තරගය සවස 6. 30ට තුරඟ තරග පිටියේදී ආරම්භ වේ.

කසුන් රණවීර
 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles