Divaina - ලොකු ඉනිමකින් මැතිව්ස් වැඩ අරඹයි.. තරංග, සන්තුෂ්, ළහිරු සහ කමිඳු මෙන්ඩිස් ශතක ලබති

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 
 අසේල විතාන
 
anja කොරෝනා වසංගතයට පසුව පිටියට පැමිණි පළමු තරගයේදීම සුපුරුදු දක්ෂතාව ප‍්‍රදර්ශනය කළ කෝල්ට්ස් කණ්ඩායමේ ඇන්ජලෝ මැතිව්ස් සැරසන්ස් කණ්ඩායම සමග පැවැති තරගයේදී සුපිරි ඉනිමක් දියත් කරමින් නොදැවී ලකුණු 173 ක් ලබා ගැනීමට සමත් විය.
 
 කෝල්ට්ස් පිල ඔසවා තැබූ මැතිව්ස් පන්දු 262 කදී හයේ පහර දෙකක් සහ හතරේ පහර 12 ක් සමග අදාළ දිගු ඉනිම ක‍්‍රියාත්මක කරද්දී ඔහුට අනගි සහයක් ලබාදුන් 20 හැවිරිදි සන්තුෂ් ගුණතිලක දෙවැනි පළමු පෙළ ශතකය වාර්තා කළේය. ඔහු ඉතාමත් සංයමයකින් යුතු ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 245 කදී හතරේ පහර තුනක් සමග ශතකය ලබා සිටියදී කසුන් රාජිතගේ පන්දුවක් හමුවේ පිටියෙන් ඉවත් විය.
 
 මේ අතර ඊයේ පැවැති තරගවලදී එන්.සී.සී. කණ්ඩායමේ ළහිරු උදාර සහ උපුල් තරංග දෙදෙනාද යුද හමුදා කණ්ඩායමට එරෙහිව ශතක වාර්තා කළේය. උදාර පන්දු 145 කදී හයේ පහරක් සහ හතරේ පහර 12 ක් සමග අදාළ ශතක ඉනිම ක‍්‍රියාත්මක කරන ලදී. අංක තුන පිතිකරු වූ උපුල් තරංග පන්දු 166 කදී හතරේ පහර 19 ක් සමග ලකුණු 121 ක් ලබා ගත්තේය.
 
 මෙවර අන්තර් ක‍්‍රීඩා සමාජ පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලියේ පෙරමුණ ගනිමින් ශූරතාවට ඔට්ටු වන සී.සී.සී. කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණු 367 ක වාසියක් හිමිකර ගනිමින් පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහරදීමේ වාරය රාගම ක‍්‍රීඩා සමාජයට ලබාදුන්නේය. රාගම ඉනිම විනාශ කර දැමීමට මලින්ද පුෂ්පකුමාර, ළහිරු මධුෂංක සහ වනිඳු හසරංග සමත් වූහ.
 
 චිලව් මේරියන්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක‍්‍රීඩක කමිඳු මෙන්ඩිස් සිය දෙවැනි පළමු පෙළ ශතකය බී.ආර්.සී. කණ්ඩායමට එරෙහිව ලබා ගත්තේය. ඔහු පන්දු 216 කදී හයේ පහර දෙකක් සහ හතරේ පහර 12 ක් සමග නොදැවී ලකුණු 136 ක් ලබා සිටියි.
 
 තරග ප‍්‍රතිඵල (දෙවැනි දිනය*
 
 කෝල්ට්ස් සහ සැරසන්ස්
 
 කෝල්ට්ස් පිල පළමු ඉනිම පන්දුවාර 128.2 කදී කඩුලූ 6 ට ලකුණු 408 යි. (සධීර සමරවික‍්‍රම 41, අවිශ්ක ප‍්‍රනාන්දු 66, සන්තුෂ් ගුණතිලක 100, ඇන්ජලෝ මැතිව්ස් නොදැවි 173, කසුන් රාජිත 85/3, ප‍්‍රමෝද් මධුවන්ත 72/2 යි.*
 
 සැරසන් පළමු ඉනිම පන්දුවාර 44 කදී කඩුලූ 3 ට ලකුණු 113 යි. (නවිඳු නිර්මාල් 32, ගමිඳු අමරසිංහ 45, මිලින්ද සිරිවර්ධන නොදැවී 27, නිසල තාරක 25/1, ඩිල්ෂාන් මධුෂංක 32/1, ප‍්‍රභාත් ජයසූරිය 32/1 යි.*
 
 එස්.සී.සී. සහ ටැමිල් යුනියන්
 
 එස්.එස්.සී. පළමු ඉනිම පන්දුවාර 77.5 කදී සියල්ල දැවී ලකුණු 254 යි. (සඳුන් වීරක්කොඩි 35, චරිත් අසලංක 24, දසුන් ශානක 35, සචිත‍්‍ර සේනානායක 81, අකාශ් සෙනාරත්න 37, ධම්මික ප‍්‍රසාද් 21, සුරංග ලක්මාල් 36/4, ඉසුරු උදාන 43/2, ප‍්‍රමෝද් මධුශාන් 53/2 යි.*
 
 ටැමිල් යුනියන් පළමු ඉනිම පන්දුවාර 86 කදී කඩුලූ 5ට ලකුණු 294 යි. (යොහාන් මෙන්ඩිස් 31, රන්මිත් ජයසේන 82, තරංග පරණවිතාන 71, ධනංජය ද සිල්වා 53, දක්ෂිත ප‍්‍රනාන්දු නොදැවී 39, ධම්මික ප‍්‍රසාද් 28/2, ජෙෆ්රි වැන්ඩ‍්‍රසි 89/2 යි.*
 
 යුද හමුදාව සහ එන්.සී.සී.
 
 යුද හමුදාව පළමු ඉනිම පන්දුවාර 84.1 කදී සියල්ල දැවී ලකුණු 269 යි. (අසේල ගුණරත්න 50, හිමාෂ ලියනගේ 46, මහේෂ් කුමාර 41, ජනිත් සිල්වා 54, දිලේෂ් ගුණරත්න 42/5, චතුරංග ද සිල්වා 90/3 යි.*
 
 එන්.සී.සී. පළමු ඉනිම පන්දුවාර 75 කදී කඩුලූ 6ට ලකුණු 323 යි. (ළහිරු උදාර 105, උපුල් තරංග 121, ඇන්ජලෝ පෙරේරා 29, මහේල උඩවත්ත නොදැවී 26, සික්කුගේ ප‍්‍රසන්න 72/3, යශෝද මෙන්ඩිස් 31/1 යි.*
 
 සි.සී.සී. සහ රාගම
 
 සි.සී.සී. පළමු ඉනිම පන්දුවාර 117 කදී කඩුලූ 7ට ලකුණු 499 යි. (මිනෝද් භානුක 88, කුසල් මෙන්ඩිස් 139, අශාන් ප‍්‍රියංජන 58, වනිඳු හසරංග 88, ළහිරු මධුෂංක 57, බිනුර ප‍්‍රනාන්දු 72/4, අමිල අපොන්සු 95/1 යි.*
 
 රාගම පළමු ඉනිම පන්දුවාර 41.2 කදී සියල්ල දැවී ලකුණු 132 යි. (සමින්ද ප‍්‍රනාන්දු 16, රොෂේන් සිල්වා 27, ජනිත් ලියනගේ 43, ළහිරු මධුෂංක 16/2, මලින්ද පුෂ්පකුමාර 35/4, වනිඳු හසරංග 12/2 යි.*
 
 රාගම දෙවැනි ඉනිම පන්දුවාර 5.5 කදී කඩුලූ 2 ට ලකුණු 4 යි.
 
 බී.ආර්.සී. සහ චිලව් මේරියන්ස්
 
 චිලව් මේරියන් පළමු ඉනිම පන්දුවාර 47.2 කදි සියල්ල දැවී ලකුණු 195 යි. ( ඕෂධ ප‍්‍රනාන්දු 42, පුලින තරංග 40, කසුන් විදුර 38, තික්ෂිල ද සිල්වා 35, භානුක රාජපක්ෂ 26/3, හෂේන් රාමනායක 43/3, තිලකරත්න 54/3 යි.*
 
 බී.ආර්.සී. පළමු ඉනිම පන්දුවාර 34.2 කදී සියල්ල දැවී ලකුණු 87 යි. (ලසිත් ලක්ෂාන් 18, දේශාන් ඩයස් 24, අසිත ප‍්‍රනාන්දු 42/4, තික්ෂිල ද සිල්වා 13/3, නිමේෂ් විමුක්ති 6/3 යි.*
 
 චිලව් මේරියන් දෙවැනි ඉනිම පන්දුවාර 81 කදී කඩුලූ 6ට ලකුණු 359 යි. ( ඕෂධ ප‍්‍රනාන්දු 30, කමිඳු මෙන්ඩිස් නොදැවී 136, ෂෙහාන් ජයසුරිය 35, කසුන් විදුර 87, තික්ෂිල ද සිල්වා 40, භානුක රාජපක්ෂ 40/3, දුවිඳු තිලකරත්න 71/2 යි.*

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles