Divaina - කොරෝනා නිසා වට්මෝර්ට රස්සාවත් ප‍්‍රශ්නයක් වෙයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

watශ‍්‍රී ලංකාව ලෝක කුසලාන දිනූ 1996 වසරේදී කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරුවා වු ඬේව් වට්මෝර් මේ වන විට ඉන්දියාවේ බාරෝඩාස් රංජි කණ්ඩායමේ පුහුණුකරු මෙන්ම අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කරනු ලබයි. නමුත් කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ව ට්මෝර්ට සිය රැුකියාව නැතිවීමේ අවදානමකට මුහුණ දී සිටියි.
 
 ඉන්දියානු රජය විසින් සියලූම රාජ්‍ය සංගම් වෙත වයස අවුරුදු
 
 60 ට වැඩි පුද්ගලයන්ව කණ්ඩායම් සමග සම්බන්ධ නොකිරීමට ගත් තීරණය මත වට්මෝර්ට සිය රැුකියාව අහිමි වන බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි. ඉකුත් අපේ‍්‍රල් මාසයේදී වට්මෝර් අදාළ පුහුණුකරු ධුරය සහ ක‍්‍රිකට් අධ්‍යක්ෂකවරයා වශයෙන් පත්විය.
 
 බාරොඩා ක‍්‍රිකට් සංගමයේ සභාපතිවරයා පවසන්නේ වට්මෝර් සමග සංගමය ඉදිරියට යා යුතු බවයි. නමුත් එහි ලේකම් පවසන්නේ දී ඇති සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතු බවත් වට්මෝර් සම්බන්ධයෙන් අවදානමක් නොගත යුතු බවත්ය. මේ වන විට වට්මෝර් ඔස්ටේ‍්‍රලියාවේ රැුඳී සිටියත් ඔහුව ඉන්දියාවට ගෙන්වා ගැනීමද ප‍්‍රශ්නයක් බව ලේකම් පටෙල් පවසයි.
 
 ‘‘මෙය සැමගේ ආරක්ෂාව වෙනුවෙන් ගත් තීරණයක්. ඬේව් සූදානම් වෙන්න පුළුවන්. නමුත් ඔහු ඔස්ටේ‍්‍රලියාවේ සිට ඉන්දියාවට එන්නේ කොහොමද. තවමත් ගුවන් ගමන් ක‍්‍රියාත්මක වෙන්නෙත් නැහැ. අපි ඉන්දියානු ක‍්‍රිකට් ආයතනයත් සමගත් කතා කර තියෙනවා. වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයකු වන වට්මෝර්ව ගෙන්වා ගැනීමට ක‍්‍රමයක් තියෙනවාද යන්න තමයි අපි කතා කළේය.’’
 
 ඒ අනුව ඉන්දියාවේ වයස අවුරුදු 60 ට වැඩි පුහුණුකරුවන් කිහිප පළක්ම මේ අවදානමට ලක්ව ඇති අතර රංජි කුසලාන ක‍්‍රීඩා කරන ප‍්‍රධාන කණ්ඩායම්වල පුහුණුකරුවන් මේ ගැටලූවට මුහුණ දී සිටියි.

 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles