Divaina - බ්ලූස්ටාර් දිනද්දී අප් කන්ටි‍්‍ර සහ ජාවාලේන් සම තැන් ගනී

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

p16 3- සභාපති කුසලාන ආරාධිත පාපන්දු තරගාවලිය

- ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේලනය මගින් සංවිධානය කරන සභාපති කුසලාන ආරාධිත පාපන්දු තරගාවලිය ඊයේ (09 වැනිදා* ආරම්භ විය. එ් අනුව තරගාවලිය ආරම්භ කරමින් ‘එ්’ කාණ්ඩය යටතේ පැවැති පළමු තරගයේදී මොරගස්මුල්ල කණ්ඩායම පරාජයට පත් කරමින් ගෝල 3-1ක් ලෙස ජය වාර්තා කිරීමට බ්ලූස්ටාර් කණ්ඩායම සමත් වූ අතර අප් කන්ටි‍්‍ර ලයනස් කණ්ඩායම සහ ජාවාලේන් කණ්ඩායම අතර පැවැති තරගය ගෝල 3-3ක් ලෙස ජය පාරාජයකින් තොරව නිමාවට පත් විය.

බ්ලූ ස්ටාර් සහ මොරගස්මුල්ල අතර තරගය ඊයේ පස්වරු 3.30ට කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැති අතර අප් කන්ටි‍්‍ර සහ ජාවාලේන් අතර පැවැති තරගය රීඞ් මාවතේ තුරඟ තරග පිටියේදී පැවැත්විණි.

සභාපති කුසලාන ආරාධිත පාපන්දු තරගාවලිය සඳහා කණ්ඩායම් 20ක් එක්වන අතර එය දින 21ක් තුළ පවත්වා අවසන් කිරීමට සැළසුම් කර තිබේ. එ් අනුව කාණ්ඩ 5ක් යටතේ මෙවර කණ්ඩායම් තරගවදින අතර ලබන 19 වැනිදා දක්වා මූලික වටයේ තරග 30ක් ලීග් ක‍්‍රමය යටතේ කි‍්‍රයාත්මක වේ. මීට අමතරව තරගාවලියේ ජයග‍්‍රාහී කණ්ඩායම් සඳහා රුපියල් මිලියන 30කට ආසන්න මුදලක් ත්‍යාග වශයෙන් ලබා දීමට මෙවර ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේලනය සැළසුම් කර තිබේ.

තරගාවලියේ දෙවැනි දිනය වන අද (10 වැනිදා* කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පස්වරු 3.30ට යුද හමුදා කණ්ඩායම සහ සුපර් සන් කණ්ඩායම තරග වැදීමට නියමිත අතර පස්වරු 6.30ට සී හෝක්ස් සහ සෙරන්ඩිබ් කණ්ඩායම තරග වැදීමට නියමිතය.

තුරඟ තරග පිටියේදී 3.30ට රෙඞ් ස්ටාර් සහ සෝන්ඩර්ස් කණ්ඩායමත් 6.30ට රත්නම් සහ පොලිස් කී‍්‍රඩා සමාජ කණ්ඩායමත් තරග වැදීමට නියමිතය.

කසුන් රණවීර
 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles