Divaina - ජෝස් බට්ලර් සහ කි‍්‍රස් වෝක්ස් එංගලන්තය දිනවති

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p16 2 - පාකිස්තානයට එරෙහි පළමු ටෙස්ට් තරගයේදී
 
  - එමිරේට්ස් ඕල්ඞ් ට‍්‍රැෂර්ඞ් හි පැවැති පළමු ටෙස්ට් තරගයේදී පාකිස්තානයට එරෙහිව කඩුලූ 3ක විශිෂ්ට ජයක් උදුරා ගැනීමට එංගලන්තය සමත් විය. එ් අනුව ලෝක කුසලාන ටෙස්ට් තරගාවලිය යටතේ දෙරට අතර කි‍්‍රයාත්මක වන තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට එංගලන්තය මේ වනවිට සමත් වී සිටී.
 
 සිව්වැනි දිනයේදී ජයග‍්‍රහණය සඳහා ලකුණු 277ක් හඹා ගිය එංගලන්තය ඉනිමේ පළමු කඩුලූ 5 මුළු ලකුණු 117කදී බිඳ වැටුණි. අනතුරුව පිටියට එක් වූ ජෝස් බට්ලර් සහ කි‍්‍රස් වෝක්ස් 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 139ක සබඳතාවක් එංගලන්ත ඉනිමට එක් කරමින් කණ්ඩායම ජයග‍්‍රාහී මාවතට කැන්දාගෙන යෑමට සමත් විය. ජෝස් බට්ලර් පන්දු 101කදී හයේ පහර 1ක් සහ හතරේ පහර 7ක් සමගින් ලකුණු 75ක් ලබා ගැනීමට සමත් වෙද්දී පන්දු 120ක් තුළ නොදැවී කඩුල්ල රැුක ගැනීමට සමත් වූ කි‍්‍රස් වෝක්ස් ලකුණු 84ක් ලබා ගත්තේය. එම ඉනිමට හතරේ පහර 10ක් අන්තර්ගත විය.
 
 තරගයේ පළමුවෙන් පිති ප‍්‍රහාරය දියත් කළ පාකිස්තානය සිය පළමු ඉනිම සඳහා සියලූදෙනා දැවී ලකුණු 326ක් ලබා ගත්තේය. එහිදී සුපිරි ඉනිමක් කී‍්‍රඩා කළ ෂාන් මසූඞ් ලකුණු 156ක් ලබා ගැනීමට සමත් විය. එංගලන්ත පළමු ඉනිම සියලූ දෙනා දැවී ලකුණු 219කට සීමා විය. ඕලි පෝප් ලකුණු 62ක් සහ ජෝස් බට්ලර් ලකුණු 38ක් ලබා ගනිමින් එංගලන්ත පළමු ඉනිම ශක්තිමත් කිරීමට වග බලා ගත්තේය.
 
 සිය දෙවැනි ඉනිමේදී අසාර්ථක වූ පාකිස්තාන පිතිකරුවෝ සියලූ දෙනා මුළු ලකුණු 169කට දැවී ගියහ. එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ යසීර් ෂා ලකුණු 33ක් සහ අසාඞ් සාෆික් ලකුණු 29ක් ලබා ගත්තේය. පාකිස්තානය වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වූ යසීර් ෂා ඉනිම් දෙකේදීම කඩුලූ 4 බැගින් එංගලන්ත කණ්ඩායමේ කඩුලූ 8ක් බිඳ දැමීමට සමත් විය.
 
 අදාළ තරගය ජය ගැනීමත් සමග එංගලන්ත කණ්ඩායම සඳහා ලෝක කුසලාන ටෙස්ට් තරගාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනට තවත් ලකුණු 40ක් එක් වූ අතර ඔවුන් මේ වනවිට ලකුණු සටහනේ ලකුණු 266ක් ලබා ගනිමින් තුන්වන ස්ථානයේ පසුවේ. මේ වන විට එම ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම රැුෙ`දන අතර ඔවුන් ප‍්‍රසාද ලකුණු 296ක් ලබාගෙන සිටී. එ් අනුව ලබන 13 වැනිදා ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගයද ජය ගැනීමට එංගලන්තය සමත්වුවහොත් පාකිස්තානය සමග කි‍්‍රයාත්මක තරගාවලිය ජය ගැනීමට සහ ලෝක කුසලාන ටෙස්ට් තරගාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත්වීමටද ඔවුන්ට අවස්ථාව උදා වේ.
 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles