Divaina - දේශීය තරග පිටිය අද ඇරඹෙයි - සෞඛ්‍යයට මුල්තැන දෙමින්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

p16 1 කොවිඞ් 19 වෛරසය හේතුවෙන් අතර මඟ නවතා දැමුණු අන්තර් සමාජ පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලිය යළිත් අද (10 දා* සිට ආරම්භ කිරීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. කොරෝනා වෛරසයෙන් බලපෑම් ඇතිවීමෙන් පසු මෙරට ආරම්භ කරනු ලබන පළමු ක‍්‍රිකට් තරග ඉසව්ව බවට පත්වන්නේ මෙම තරගාවලිය වන අතර එය ලබන අගෝස්තු 27 අවසන්වනු ඇත.
 
 කොරෝනා වෛරස් තත්ත්වයෙන් රට ක‍්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීමත් සමඟ ක‍්‍රීඩා අමාත්‍යාංශයේ සහ සෞඛ්‍ය අංශයේ උපදෙස් යටතේ මෙම ක‍්‍රිකට් ක‍්‍රියාකාරකම් ආරම්භ කිරීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. තරගවලට ක‍්‍රීඩා කිරීමේදී සෞඛ්‍ය අංශ විසින් ලබා දී තිබෙන කරුණු වලට අමතරව ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය විසින් ක‍්‍රීඩාව කරගෙන යෑම සඳහා හඳුන්වා දී තිබෙන ප‍්‍රධාන කරුණු 4 ක් පිළිබඳව ද සියලූම කණ්ඩායම් දැනුවත් කර තිබේ.
 
 පන්දුව සමඟ සම්බන්ධ වන හැකි සෑම අවස්ථාවකදීම දෑත් විෂබීජ නාශක දමා විෂබීජහරණය කිරීම, පන්දුව ඇල්ලීමෙන් පසු ඇස් - නාසය සහ මුඛ ස්පර්ෂ නොකිරීම, පන්දුව පිරිමැදීමේදී කෙළ භාවිතා නොකිරීම සහ පන්දුව හැසිරවීමේදී විනිශ්චයකරුවන් අත්වැසුම් පැළඳීම ගැන වැඩි අවධානයක් යොමු කළ යුතු වීම එම කරුණු අතර ප‍්‍රධාන වී තිබේ.
 
 ඊට අමතරව ක‍්‍රීඩාංගණය තුළ මෙන්ම ඉන් පිටතදී ක‍්‍රීඩකයින් හැසිරිය යුතු ආකාරයන් පිළිබඳවද කරුණු කීපයක් එක් කර තිබේ. එහිදී ක‍්‍රීඩකයින් සහ විනිසුරුවන් අතර පිටිය තුළ වූ සමාජ දුරස්ථභාවය පවත්වාගත යුතුවීම, ක‍්‍රීඩකයින් භාවිතා කරන භාණ්ඩ (හිස්වැසුම්, තුවා, අවු කණ්නාඩි වැනි දෑ* මින් ඉදිරියට විනිසුරුවන් අතට ලබා දිය නොහැකි වන අතර අනවශ්‍ය ලෙස පිටිය තුළ ක‍්‍රීඩකයින් ශරීරි සම්බන්ධතාවලින් වැළකී සිටිය යුතුවීම පිටිය තුළ අනුගමනය කළ යුතු කරුණු අතරට එක් කොට තිබේ.
 
 ක‍්‍රීඩාගාර භාවිත කිරීමේදී සියලූම ක‍්‍රීඩකයින්, අවම වශයෙන් කාමර සහ නාන කාමර භාවිතා කිරීමට කටයුතු කිරීම, හැකි තරම් නිවසේදී ස්නානය කිරීමට ක‍්‍රීඩකයින්ව දිරිමත් කිරීම, සමාජ දුරස්ථභාවය සහ ක‍්‍රීඩාගාර දොරවල් හැකිතාක් විවෘත කොට තැබීම පිටියෙන් පිටත අනුගමය කළ යුතු කරුණු ලෙසින් සඳහන් කර තිබේ.
 
 ඒ අනුව හෙට දිනයේදී සී.සී.සී. සහ රාගම අතර කටුනායකදීද, කෝල්ට්ස් සහ සැරසන්ස් අතර තරගය ඕවල් පිටියේදීද, යුද හමුදාව සහ එන්. සී. සී. අතර තරගය සී.සී.සී. පිටියේදීද සහ බී.ආර්. සී. සහ හලාවත මේරියන්ස් ක‍්‍රීඩා සමාජය අතර තරගය එන්. සී. සී. පිටියේදීද පැවැත්වෙනු ඇත.
 
 පළමු වටයේ සිට දෙවැනි වටයට රැුගෙන එන ප‍්‍රසාද ලකුණු සටහනෙහි පළමු ස්ථානයේ රැුඳී සිටින වත්මන් ලීග් ශූරයින් වන සී. සී. සී. කණ්ඩායම මෙවර ශූරතාව දිනා ගැනීම සඳහා වැඩි ඉඩ කඩක් නිර්මාණය කරගෙන සිටියි. සී. සී. සී. කණ්ඩායම ප‍්‍රසාද ලකුණු 54.57 ක් ලබා සිටින අතර ඔවුන්ට පහළින් එන්. සී. සී. පිල ප‍්‍රසාද ලකුණු 43.35 ක් ලබා සිටියි.
 
 මාර්තු මස වන විට ටියර් ් තරගාවලියේ මූලික වටයේ තරග අවසන් කිරීමට තරගාවලි සංවිධාන කමිටුවට හැකියාව ලැබුණු නමුත් කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් රට වසා දැමීමට පෙර මාර්තු 16 වැනි දින සියළු ක‍්‍රියාකාරකම් නවතා දැමීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය  පියවර  ගනු ලැබිණ.

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles