Divaina - පන්දුව නැතිව පුහුණුවීම් අරඹන - දැල්පන්දු කණ්ඩායමට දෙසැම්බර් මාසයේදී ජාතික තරගාවලියක්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p16 1- සොමිතාගේ සහායට තවත් පුහුණුකාරිණියෝ දෙදෙනෙක් එති

කොරෝනා වසංගතය හේතුවෙන් මාස 4ක පමණ කාලයක් තිස්සේ නතර කර තිබූ ශී‍්‍ර ලංකා දැල්පන්දු කණ්ඩායමේ පුහුණුවීම් ලබන 10 වැනිදා සිට නැවත ආරම්භ කෙරන බවත් එසේ වුවද මෙම වසර තුළදී කිසිදු දැල්පන්දු තරගාවලියක් දේශීය මට්ටමින් හෝ පැවැත්වීමට හැකියාව බොහෝදුරට නොලැබෙනු ඇති බවත් දැල්පන්දු සම්මේලනය දන්වා සිටී. එ් අනුව සෞඛ්‍යාරක්ෂිත උපදෙස් මත පන්දුව රහිතව කණ්ඩායමේ කී‍්‍රඩිකාවන්ගේ ශාරීරික යෝග්‍යතා පුහුණුවීම් පමණක් ආරම්භ කිරීමට කී‍්‍රඩා අමාත්‍යංශය විසින් මේ වනවිට දැල්පන්දු සම්මේලනයට අවසර දී ඇති අතර ඔවුන් එ් යටතේ ලබන සඳුදා සිය නව පුහුණුකාරිණී සොමිතා අල්විස් යටතේ සිය පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතය.

කණ්ඩායමේ පුහුණුවීම් සිදුකිරීම් ආරම්භ කිරීමේදී සොමිතා අල්විස්ට අමතරව ඇයගේ සහාය වෙනුවෙන් තවත් පුහුණුකාරිණියන් දෙදෙනෙකුගේ සේවය ලබා ගැනීම කෙරෙහි මේ වනවිට සම්මේලනයේ අවධානය යොමු වී තිබේ. එ් අනුව කී‍්‍රඩා අමාත්‍යංශ පුහුණුකාරිණී ලක්මිනී සමරසිංහ සහ කළුතර බාලිකා විද්‍යාලයේ ශාරීරික යෝග්‍යතා

උපදේශිකා යසන්ති තුෂාරිකා ශී‍්‍ර ලංකා දැල්පන්දු සම්මේලන සංවර්ධන පුහුණුකාරිණියන් දෙදෙනකු ලෙස ලබන සඳුදා සිට කටයුතු කරනු ඇත.

ශී‍්‍ර ලංකා දැල්පන්දු කණ්ඩායමේ නව පුහුණුවීම් ආරම්භ කිරීම පිළිබඳ සහ තවත් පුහුණුකාරිණියන් දෙදෙනකුගේ සහාය ලබා ගැනීම පිළිබඳ සම්මේලනයේ සභාපතිනී ලක්ෂ්මී වික්ටෝරියාගෙන් ‘දිවයින’ විමසන ලදුව ‘මෙම කොරෝනා වසංගත තත්ත්ව සියයට සියයක් කවදා වෙනකොට තුරන් වෙලා යයිද කියලා අපිට කියන්න බැහැ. එතකන් අපිට බලන් ඉන්න බැරි නිසා තමයි අපි පුහුණුවීම් ආරම්භ කරන්න කී‍්‍රඩා අමාත්‍යංශය හරහා අවසර ලබා ගත්තේ. අපි එ් උපදෙස් වලට පිටින් වැඩ කරන්න යන්නේ නැහැ. සෞඛ්‍යාරක්ෂිත උපදෙස් මත පන්දුව අතින් අල්ලන්න අපිට තවම අවසර නැහැ. එ් නිසා ශාරීරික

යෝග්‍යතා පුහුණුව විතරයි පටන් ගන්නේ. හරියටම කිවුවොත් පන්දුව නැතිව තමයි පුහුණුවීම් ආරම්භ කරන්නේ. එ් වගේම පුහුණුකාරිණී සොමිතා අල්විස්ගේ සහාය වෙනුවෙන් තවත් පුහුණුකාරිණියන් දෙදෙනකුගේ

සහාය ලබා ගන්න අපි තීරණය කළා. මොකද අපි මේ වෙලාවේ පුහුණුවීම් සිදු කරන්නේ සංචිතයක් තෝරලා නෙමෙයි. එ් නිසා ප‍්‍රධාන පුහුණුකාරිණියට සහායට තවත් දෙදෙනෙක් ඉන්න එක ඇයට පහසුවක් වේවි. එ් වගේම එම පුහුණුකාරිණියන් දෙදෙනාටත් මේ හරහා ජාතික කණ්ඩායමක් පුහුණුකිරීම පිළිබඳ අත්දැකීම් ලබා ගන්න පුළුවන් වෙනවා’ යැයි කියා සිටියාය.

මේ අතර මෙම වසරේ ඉතිරි කාලය තුළදී ශී‍්‍ර ලංකා දැල්පන්දු කණ්ඩායම සහභාගි වන තරගාවලි පිළිබඳවද අදහස් දැක්වූ සභාපතිවරිය ‘මෙම වසරේ අපිට කොහොමත් ජාත්‍යන්තර තරගාවලියක් නැහැ. තිබුණු එ්වත් කල් දැම්මා. එ් කොහොම වුණත් කී‍්‍රඩිකාවන්ට පුහුණුවීම් සඳහා හරි කාලයක් ලැබුණොත් අපි දෙසැම්බර් මාසය වගේ වෙනකොට ජාතික දැල්පන්දු තරගාවලියක් පවත්වන්න අදහස් කරන් ඉන්නවා’ යියිද වැඩිදුරටත් කියා සිටියාය.

කසුන් රණවීර

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles