Divaina - කැරම් සම්මේලනයේ නිලවරණය තවමත් වැට උඩ

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p16 3සංගම් කිහිපයක ලියාපදිංචිය පමාවීම හේතුකොට ගනිමින් මේ වන විටත් නිලවරණය පැවැත්වීම සඳහා දිනයක් වෙන් කර ගැනීමට ශී‍්‍ර ලංකා කැරම් සම්මේලනය අපොහොසත් වී ඇතැයි ‘දිවයින’ට වාර්තා වේ. එ් අනුව අදාළ ගැටලූව හේතුවෙන් කී‍්‍රඩා අමාත්‍යංශය නියම කර ඇති දින වකවානු ඇතුළතදී නිලවරණය පැවැත්වීම කෙරෙහි ශී‍්‍ර ලංකා කැරම් සම්මේලනයේ අවධානය යොමුවී නැතැයිද එහිදී වැඩිදුරටත් වාර්තා වේ.

සම්මේලනයේ ලියාපදිංචි වී නොමැති සංගම්වලට නිලවරණයේදී ඡුන්ද අයිතිය හිමි නොවන අතර මේ පිළිබඳ කැරම් සම්මේලනය මගින් අදාළ සංගම් වෙත පසුගියදා දන්වා යවා තිබිණි. එහිදී එම සංගම් මගින් කී‍්‍රඩා අමාත්‍යංශය වෙත අභියාචනයක් ඉදිරිපත් කරමින් තම කී‍්‍රඩා සංගමයට ඡුන්ද අයිතිය හිමිවිය යුතු බවත් මේ පිළිබඳ විභාගයක් සිදු කළ යුතු බවත් දන්වා එවා තිබිණි. එ් අනුව අදාළ අභියාචනය විභාග කිරීම සඳහා කැරම් සම්මේලනය වෙත පැමිණෙන ලෙස එම සංගම්වලට පසුගියදා දන්වා යවා තිබුණද සම්මෙලනයට පැමිණිය නොහැකි බවත් වෙනත් ස්ථානයකට පමණක් පැමිණෙන බවත් එම සංගම් විසින් කී‍්‍රඩා අමාත්‍යංශයට දන්වා එවීම හේතුවෙන් අදාළ අභියාචනය විභාග කිරීම පසුගියදා කී‍්‍රඩා අමාත්‍යංශයේදී සිදු කෙරිණි. එ් අනුව අදාළ අභියාචනය විභාග කිරීමෙන් අනතුරුව බොහෝදුරට එම සංගම් සඳහා ඡුන්ද අයිති අහිමිවීමට වැඩි ඉඩකඩක් ඇතැයිද කැරම් සම්මේලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කියා සිටියේය.

කෙසේ වෙතත් ගෝලීය වසංගතය හේතුවෙන් හේ වෙනත් හේතූන් මත නිලවරණ පමා වූ කී‍්‍රඩා සංගම්වල නිලවරණ ලබන අගෝස්තු මස 31 වැනිදා හෝ ඊට පෙර පවත්වන ලෙස කී‍්‍රඩා අමාත්‍යාංශය පසුගියදා නිවේදනය කළේය. එ් අනුව මාස ගණනක් පමා වී ඇති කී‍්‍රඩා සංගම් කිහිපයකම නිලවරණ පැවැත්වීමට අදාළ කී‍්‍රඩා සම්මේලනවල නිලවරණ කමිටු මගින් මේ වන විට දින වෙන්කරගෙන තිබේ.

කසුන් රණවීර

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles