Divaina - පෝලන්ත පාපැදි සවාරියේදී සුපිරි කී‍්‍රඩකයාට අනතුරක්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p16 277 වැනි පෝලන්ත පාපැදි සවාරියේදී සිදු වූ අනතුරකින් නෙදර්ලන්ත සුපිරි පාපැදි කී‍්‍රඩක ෆේබියෝ ජාකොබ්සන් ‘කෝමා’ තත්ත්වයකට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
 
 තරගයේ පළමු අදියරේ අවසන් රේඛාව අසලදී ෆේබියෝ ජාකොබ්සන්ගේ මාවතට වෙනත් පාපදි කී‍්‍රඩකයෙකු පැමිණීම හේතුවෙන් ඔහු අසල තිබූ බාධකය ගැටී ඇද වැටී ඇති අතර පසුපසින් පැමිණි අනෙක් කී‍්‍රඩකයින් ඉන් අනතුරට පත්ව තිබේ. එ් අනුව බරපතළ තුවාල ලැබූ ෆේබියෝ ජාකොබ්සන් රෝහල් ගත කෙරුණු අතර එහිදී මොළයේ හෝ කොඳු ඇට පෙළෙහි තුවාල ඇති බවට අනාවරණය නොවූවද ෆේබියෝ ජාකොබ්සන්ගේ තුවාල වල ඇති බරපතළ කම හේතුවෙන් ඔහු තවමත් කෝමා තත්ත්වයේ පසුවන බව ඔහුගේ කණ්ඩායමේ ප‍්‍රකාශකයින් පවසා තිබේ. අදාළ අනතුරින් පසු ෆේබියෝ ජාකොබ්සන්ගේ
 
 මුහුණට ප්ලාස්ටික් සැත්කමක්ද සිදුකර ඇති බව එහිදී ඔවුන් විදෙස් මාධ්‍ය වෙත වැඩිදුරටත් දන්වා තිබේ.
 
 77 වැනි පෝලන්ත පාපැදි සවාරිය
 
 පසුගිය ජූලි මාසයේදී ආරම්භ කිරීමට කටයුතු යොදා තිබුණද ගෝලීය වසංගත තත්ත්ව හේතුවෙන් එය කල් දැමුණි. එ් අනුව අදාළ තරගාවලි පෙරේදා (05 වැනිදා) ආරම්භ විය. කෙසේ වෙතත් පසුගිය වසරේදී පැවැති 76 වැනි පෝලන්ත පාපැදි සවාරියේදී කොන්කී‍්‍රට් බාධකයක ගැටීමෙන් බෙල්ජියම් පාපැදි කී‍්‍රඩක ජෝර්ජ් ලැම්බ්‍රෙක්ට් තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු මිය ගියේ.

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles