Divaina - එංගලන්ත - පාකිස්තාන පළමු ටෙස්ට් තරගය - මසූඞ්ගෙන් හුදෙකලා ඉනිමක්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

 එංගලන්ත කණ්ඩායම සහ සංචාරක පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය දෙවැනි දිනට ඊයේ (06 වැනිදා) දිවා භෝජනය සඳහා නතර කරන විටදී සිය පළමු ඉනිම කී‍්‍රඩා කරන පාකිස්තානය පන්දුවාර 75කදී කඩුලූ 05ක් දැවී ලකුණු 187ක් ලබා සිටියේය. එ් අනුව නොදැවී කඩුල්ලේ රැුඳී සිටි ෂාන් මසූඞ් ලකුණු 77ක් ලබා ගනිමින් හුදෙකලා සටනක නිරත වෙමින් සිටි අතර ෂඩාබ් කාන් එක් ලකුණක් ලබා අනෙක් අන්තයේ රැුඳී සිටියේය.
 
 මැන්චෙස්ටර් කී‍්‍රඩාංගණයේදී ආරම්භ වූ අදාළ තරගයේ පළමු දිනයේදී කී‍්‍රඩාංගණයට ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් පළමු දිනය පන්දුවාර 49කට සීමා විය. එ් අනුව පළමු දිනය නිමා වනවිටදී පාකිස්තානය කඩුලූ 2ක් දැවී ලකුණු 139ක් ලබා සිටි අතර දෙවැනි දින වූ ඊයේ දිනය ආරම්භ කරමින් යැවූ පළමු පන්දුවාරයෙන්ම පාකිස්තාන ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙසින් ලකුණු 69ක් ලබා සිටි බාබර් අසාම් දවා ගැනීමට ජේම්ස් ඇන්ඩර්සන් සමත් විය.
 
 ලෝක ශූරතා ටෙස්ට් තරගාවලිය යටතේ දෙරට අතර කි‍්‍රයාත්මක තරගාවලියේදී තරග 2ක් ජය ගැනීමට සමත් වුවහොත් ප‍්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා ඉහළ නැගීමට එංගලන්තයට හැකියාව ලැබෙන අතර අදාළ තරගාවලිය 3-0ක් ලෙස ජය ගැනීමට පාකිස්තානයට හැකියාව ලැබුණහොත් එංගලන්තය පසුකර යමින් ප‍්‍රසාද ලකුණු සටහනේ තුන්වැනි
 
 ස්ථානය දක්වා ඉහළ නැගීමට පාකිස්තානයට හැකියාව ලැබේ.
 
 ලකුණු සටහන
 
 පාකිස්තානය පළමු ඉනිම (දෙවැනි දින දිවා භෝජනය වනවිටදී) 187/5 (ෂාන් මසූඞ් (නොදැවී) 77, අබීඞ් අලී 16, අසාර් අලී 00, බාබර් අසාම් 69, අසාඞ් සාෆික් 07, මොහොමඞ් රිස්වාන් 09, ෂඩාබ් කාන් (නොදැවී) 01, කි‍්‍රස් වෝක්ස් 2/28, ජේම්ස් ඇන්ඩර්සන් 1/44, ස්ටුවර්ට් බෝර්ඞ් 1/28, ජොෆ්රා ආචර් 1/37)

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles