Divaina - අයි.පී.එල්. තරගාවලියට අභියෝග රැසක් තියෙනවා... සුරේෂ් රයිනා කියයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 
 
 
 ලබන සැප්තැම්බර් මස 19 වැනිදා ආරම්භ වන 13 වැනි අයි. පී. එල්. පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලිය පැවැත්වීමේදී අභියෝග රැුසකට ඉන්දියානු ක‍්‍රිකට් ආයතනයට මුහුණ දීමට සිදුවනු ඇතැයි හිටපු ඉන්දියානු තුන් ඉරියව් ක‍්‍රීඩකයකු වන සුරේෂ් රයිනා පවසයි.
 
 කොරෝනා වසංගතය හේතුවෙන් සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රමවේද ඔස්සේ අයි. පී. එල්. තරගාවලිය සංවිධානය කිරීමේදී ක‍්‍රීඩකයන්ට නව අභියෝග රැුසකට මුහුණ දිය හැකි බවද රයිනා සඳහන් කරයි. ඩබ්ලිව්. ටී. එෆ්. ස්පෝට්ස් ඇප් හී ගෝලීය සන්නාම තානාපති වශයෙන් නම් කර ඇති රයිනා වැඩිදුරටත් සඳහන් කරන්නේ සංවිධායකයන්ටද තරගාවලිය සැලසුම් කිරීමේ සිට අවසන් කිරීම දක්වා අභියෝග පවතින බවයි.
 
 ‘‘අයි. පී. එල්. තරගාවලිය ක‍්‍රීඩකයන් සිතන ආකාරයට සිත්ගන්නා සුළුයි. නමුත් විවිධ තත්ත්වයන් යටතේ ක‍්‍රීඩා කිරීමේදී අයි. සී. සී. යේ සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රමවේදයන් තියෙනවා. මීට අමතරව සතියකට හෝ සති දෙකකට වරක් කොවිඞ් 19 පරීක්ෂණවලට ක‍්‍රීඩකයන් භාජනය විය යුතුයි. ඒක ක‍්‍රීඩකයන්ට නව අභියෝගයක්. ’’
 
 ඉන්දියාව පුරා කොවිඞ් 19 ව්‍යාප්තිය ශීඝ‍්‍රයෙන් වර්ධනය වීම හේතුවෙන් මෙවර අයි. පී. එල්. තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක‍්‍රීඩාංගණ තුනක් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ. කණ්ඩායම් අටක් තරග වදින අයි. පී. එල්. තරගාවලියේ සමස්ත තරග සංඛ්‍යාව 60 කි.
 
 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අයි. පී. එල්. තරගාවලියට සහභාගි වන සියලූම ක‍්‍රීඩකයන් අවම වශයෙන් පස් වතාවක් කොඩිව් 19 පරීක්ෂණ සඳහා සහභාගි විය යුතු වේ. අදාළ පරීක්ෂණ පැවැත්විය යුතු වාර ගණන තීරණය කර ඇත්තේ ඉන්දියානු ක‍්‍රිකට් ආයතනය විසිනි. එම පරීක්ෂණ කිරීමෙන් ක‍්‍රීඩකයන් පිටිය මැදදි ගැටලූවකින් තොරව ක‍්‍රීඩාව රස වි`දිය හැකි බවද රයිනා පවසයි.
 
 ‘‘මම කියන්නේ මේ සියලූ පරීක්ෂණවලින් පසුව ක‍්‍රීඩා පිටියේදී කුමක් කරන්නේද යන්න ඔවුන් පැහැදිලිවම දන්නවා. එවිට දවස අවසානයේදී ගැටලූවකින් තොරව ඔවුන්ට ක‍්‍රීඩාව රස වි`දින්න පුළුවන්. මේ වසංගතය නිසා ක‍්‍රීඩකයන්ට පසුගිය කාලය පුරාවටම අභියෝග රාශියකට මුහුණ දෙන්න සිදු වුණා. මේ තරගාවලියේදීත් එහෙම අභියෝග ගොඩක් තියෙනවා. ක‍්‍රීඩකයන්ගේ යෝග්‍යතාව තියාගන්න ඔවුන් කලින්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයට යා යුතුයි. ’’
 
 අනෙක් ක‍්‍රීඩකයන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව වෙනුවෙන් පරීක්ෂණ වැඩි වැඩියෙන් පැවැත්වීම ප‍්‍රායෝගික කරුණකි. ඉන්දියාවේ ඇති කොරෝනා ව්‍යාප්තිය හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී තරගාවලිය සංවිධානය කිරීමද ඉතාමත් හොඳ තීරණයක් බව රයිනා පවසයි.
 
 ‘‘මගේ විශ්වාසය නම් මේ සියලූ පරීක්ෂණ අයි. පී. එල්. තරගයකට පෙර සිදු කිරීමෙන් හැමදෙනාටම යහපත් මානසිකත්වයකින් ඉන්න පුළුවන් කියන එකයි. ඒ මොකද කිව්වොත් අපි සියලූ දෙනාම පසුගිය මාස පහක කාලයක් හිටියේ නිවාස අඩස්සියේ. ඒ නිසා ක‍්‍රීඩා කරන ආකාරය දැක ගැනීම සිත්ගන්නා සුළුදෙයක්. සෑම කෙනෙකුට ක‍්‍රීඩාව භුක්ති වි`දීම සැලැස්විය යුතුයි. ඩුබායි සැපයුම් ප‍්‍රශන්යක් නම් නැති වෙයි. මොකද විනාඩි 45 කින් ඩුබායි ඉ`දලා සාජා යන්න පුළුවන්. නමුත් ගැටලූව සහ අභියෝග වන්නේ සෞඛ්‍ය ආරක්ෂක පද්ධතියට මුවා වී තරගාවලිය කි‍්‍රයාත්මක කිරීමයි. ’’
 
 මෙවර අයි. පී. එල්. තරගාවලිය පේ‍්‍රක්ෂකයන්ගේ සහභාගීත්වයෙන් තොරව පැවැත්වීමට ඉන්දියානු ක‍්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. නමුත් අයි. පී. එල්. ඉතිහාසයේ ලබාදෙන වැඩිම ත්‍යාග මුදලද මෙවර තරගාවලියේදී පිරිනැමීම විශේෂත්වයකි. මෙවර අයි. පී. එල්. ශූරතාව දිනා ගන්නා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් මිලියන 2.9 ක් හෙවත් ඉන්දියානු රුපියල් කෝටි 10 ක් හිමිවේ. අනුශූරතාව දිනා ගන්නා කණ්ඩායම ඇ. ඩො. මිලියන 1. 8 ක් හෙවත් ඉන්දියානු රුපියල් කෝටි 6. 25 ක් හිමිවනු ඇත.
 
 මේ අතර අයි. පී. එල්. තරගාවලියේ තෙවැනි ස්ථානය වෙනුවෙන් ඇ. ඩො. 1. 3 ක් හෙවත් ඉන්දියානු රුපියල් කෝටි 4. 375 ක්ද සිව්වැනි ස්ථානයට ඇ. ඩො. මිලියන 1. 3 ක් හෙවත් ඉන්දියානු රුපියල් කෝටි 3. 75 ක්ද හිමිවේ. අදාළ සියලූ ත්‍යාග මුදලින් 50% ක් ක‍්‍රීඩකයන්ට ගෙවිය යුතු වේ. ඒ අනුව සම්පූර්ණ ත්‍යාග මුදල ඇ. ඩො. මිලියන 7. 2 ක් හෙවත් ඉන්දියානු රුපියල් කෝටි 24. 6 කි. 

 
  

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles