Divaina - නිපන්දුව ඇල්ලීම අලූත් තාලයකට...

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 
 ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ පළමු වරට පන්දු යවන්නකුගේ පාදයෙන් යවන නිපන්දුව සංඥා කිරීමේ අයිතිය තෙවැනි විනිසුරු හෙවත් රූපවාහිනි විනිසුරුට ලබාදීමට තීරණය කර තිබේ. ඒ එංගලන්තය සහ පාකිස්තානය අතර ඊයේ (05 දා* මැන්චෙස්ටර් හී ඕල්ඞ් ට‍්‍රැෆර්ඞ් හී ආරම්භ වූ ටෙස්ට් තරගයේදීය.
 
 මෙතෙක් කලක් පන්දු යවන්නන් විසින් නියමිත සීමාවන් අභිබවා පන්දු යවන අවස්ථාවේදී ප‍්‍රධාන විනිසුරුවරයා විසින් නිපන්දුව සංඥා කළේය. නමුත් අනාගතයේදී තාක්ෂණය භාවිතා කිරීමේ අවශ්‍යතාව ඇති බැවින් අත්හදා බැලීමක් වශයෙන් එංගලන්ත සහ පාකිස්තාන් ක‍්‍රිකට් ආයතන දෙකේ එකඟතාව මත මෙම තීරණය ගෙන තිබේ.
 
 දැන් ක‍්‍රියාත්මක ලෝක ටෙස්ට් ශූරතාවලියේ ඉදිරි තරග සඳහාද නිපන්දුව සංඥා කිරීමේ බලය තෙවැනි විනිසුරුට ලබාදීමට අයි. සී. සී. ප‍්‍රධාන විධායක කමිටුව අදහස් කරගෙන තිබේ. ඒ අනුව ඉදිරි පාදයෙන් සීමාව අභිබවා පන්දු යවන්නන් යවන නිපන්දුව තත්පර කිහිපයකින් පිටිය මැද විනිසුරුවරුන්ට දැන්වීමට තෙවැනි විනිසුරු කටයුතු කරනු ලබයි.
 
 අදාළ නිපන්දුව සංඥා කිරීමේ නව ක‍්‍රමය සම්බන්ධයෙන් අයි. සී. සී. ය ට්විටර් පණිවුඩයකින් මෙසේ සඳහන් කර තිබුණි. ‘‘එංගලන්තය සහ පාකිස්තානය අතර ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන තරගාවලිය වෙනුවෙන් ඉදිරිපස පාදයේ නිපන්දුව තාක්ෂණය භාවිතා කරමින් සිදුකිරීමට දෙරටේම සහය ලැබිලා තියෙනවා. ’’ යනුවෙන් පවසයි.
 
 කෙසේ වෙතත් 2018 දී එංගලන්ත කණ්ඩායම ශ‍්‍රී ලංකාවේ කළ ටෙස්ට් තරගාවලියේදී ඕවර විසිපහක් තුළදී විනිසුරුවන්ට නිපන්දු 12 ක් මගහැරී ඇති බවද අයි. සී. සී. ය පෙන්වා දෙයි. මීට අමතරව පසුගිය වසරේ ඔස්ටේ‍්‍රලියාව සහ පාකිස්තානය අතර පැවැති ටෙස්ට් තරගාවලියකදී සැසි දෙකකදී නිපන්දු 21 ක් මග හැරී ඇති බවද ස`දහන් වේ. ඒ අනුව තෙවැනි විනිසුරු විසින් නව තාක්ෂණය භාවිත කරමින් පාදයෙන් යවන නිපන්දුව ඉදිරියේදී සියලූම ටෙස්ට් තරග වෙනුවෙන් භාවිත කිරීමට අයි. සී. සී. ය අවධානය යොමු කර ඇත. 

 
  

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles