Divaina - රේසුත් නෑ... සල්ලිත් නෑ... කඩුලූ පැනීමේ

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 
 ලෝක ශූරයා කියයි
 
 මීටර් 400 කඩුලූ පැනීමේ ලෝක ශූරයා වන එංගලන්ත ජාතික ඬේ ග‍්‍රීන් පවසන්නේ කොරෝනා වසංගතය හේතුවෙන් මලල ක‍්‍රීඩාවට ඉදිරියේදීත් කාලයක් යනතුරු අවස්ථාවක් නොමැති බවයි. එබැවින් තරගත් නොමැතිව මුදලූත් නොමැතිව සිටීමට ක‍්‍රීඩකයන්ට සිදුව ඇතැයි ඔහු වැඩිදුරටත් පවසයි.
 
 34 හැවිරිදි ග‍්‍රීන් පවසන්නේ මලල ක‍්‍රීඩාව රූපවාහිනිය ඔස්සේ ප‍්‍රචාරය කිරීමෙන් විශාල මුදලක් උපයා ගත හැකි බවයි. ‘‘කනගාටුවට කරුණක් නම්, මලල ක‍්‍රීඩා වෙනත් ක‍්‍රීඩා සීමිත වූ විට එය ප‍්‍රදර්ශනය කිරීමේ අවස්ථාව මග හැරී යෑමයි. මලල ක‍්‍රීඩාවේදී එකිනෙකා ස්පර්ශ් වෙන්නේ නැහැ. සමාජ දුරස්ත භාවය ඇතිව කළ හැකියි. ’’
 
 අනෙකුත් ක‍්‍රීඩා පවත්වද්දී තම රට මලල ක‍්‍රීඩාව අතහැර දමා ඇති බවද ග‍්‍රීන් චෝදනා කරයි. ‘‘කනගාටුවට කරුණක් වන්නේ එක්සත් රාජධානියේ මේ වන විට මලල ක‍්‍රීඩාව අතහැර දමා තිබීමයි. මෑතකදී අපිට විශාල තරග සංඛ්‍යාවක් අහිමි වුණා. බි‍්‍රතාන්‍ය ශූරතාව ඉන් විශේෂයි. පාපන්දු ක‍්‍රීඩාව කළ හැකි නම් සහ අනිකුත් ක‍්‍රීඩා කළ හැකි නම් මලල ක‍්‍රීඩාවත් කළ හැකියි. දැන් අපිට රේසුත් නෑ. . සල්ලිත් නෑ. . ’
 
 ‘‘මම මගේ මුදල්වලින් වැඩි ප‍්‍රමාණයක් උපයා ගන්නේ ධාවන තරගවලින්. ඇත්ත වශයෙන් අපිට මේ මොහොතේ එය කරන්න බැහැ. බොහෝ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් මූල්‍යමය ගැටලූවලට මැදි වෙලා ඉන්නේ. මම මේ වෙනුවෙන් පෙනී සිටිමින් කතා කළා. නමුත් මේ වගේ තත්ත්වයක ඉන්න එකම පුද්ගලයා මම විතරක් නෙමෙයි. ඉදිරි මාස හය ඊටත් වඩා අමාරු වෙයි. ’’

 
  

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles