Divaina - අයර්ලන්තය ලෝක ශූරයන්ට එරෙහිව වාර්තා පොත අලූත් කරයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

 

ලෝක ශූර එංගලන්තය සමග පැවැති තුන්වැනි සහ අවසන් එක්දින තරගයේදී කඩුලූ 7ක තියුණු ජයක් වාර්තා කිරීමට අයර්ලන්තය සමත් විය. එ් අනුව 2023 ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය යටතේ දෙරට අතර පැවැති තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 2-1ක් ලෙස අවසන් කර ගැනීමට අයර්ලන්තයට හැකියාව ලැබිණි.
 
 තරගාවලියේ ජයග‍්‍රහණය වේලාසනින්ම හිමිකරගත් එංගලන්තය දෙරට අතර කි‍්‍රයාත්මක තුන්වන සහ අවසන් තරගයේදී පළමුව පිති ප‍්‍රහාරය දියත් කරමින් පන්දුවාර 49. 5කදී සියලූ දෙනා දැවී ලකුණු 328ක දැවැන්ත අභියෝගයක් අයර්ලන්තයට ලබා දුන්නේය. ඉයන් මෝගන් පන්දු 84කදී ලකුණු 106ක් ලබා ගනිමින් එංගලන්ත ඉනිම ශක්තිමත් කළේය. එම ඉනිමට හයේ පහර 4ක් සහ හතරේ පහර 15ක්ද එල්ල කිරීමට මෝගන් වග බලා ගනිද්දී ටොම් බන්ටන් පන්දු 51කින් ලකුණු 58ක් වාර්තා කළේ හයේ පහර 1ක් සහ හතරේ පහර හයක් සමගිනි.
 
 සදම්ටන් පිටියේදී ජයග‍්‍රහණය සඳහා ලකුණු 329ක ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසි අයර්ලන්ත කණ්ඩායම පන්දුවාර 49. 5කදී කඩුලූ 3ක් පමණක් දැවී අදාළ ඉලක්කය පසුකර ගියේය. එය අයර්ලන්ත කණ්ඩායම විසින් එංගලන්තයට එරෙහිව ලබාගත් හොඳම හඹායෑම වන අතර අයර්ලන්තය විසින් හඹා ගොස් ජය වාර්තා කළ වැඩිම ලකුණු ගණනද වේ. ඔවුන් මීට පෙර 2011 වසරේදී බැංගලෝර් කණ්ඩායමට එරෙහිව ලකුණු 328ක් හඹාගොස් තිබිණි.
 
 අයර්ලන්ත පළමු කඩුල්ලේ සම්බන්ධතාවය මුළු ලකුණු 50කට සීමා වීමවෙන් අනතුරුව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පිටියට එක් වූ පෝල් ස්ටර්ලිං සහ ඇන්ඩි බිල්බීර්නි ලකුණු 214ක අගනා සම්බන්ධතාවක් ගොඩනැගීය.
 
 පෝල් ස්ටර්ලිං පන්දු 128කදී හතරේ පහර 9ක් සහ හයේ පහර 6ක් සමගින් ලකුණු 142ක් සහ ඇන්ඩි බිල්බීර්නි පන්දු 112කදී හතරේ පහර 12ක් සමගින් ලකුණු 113ක් රැුස් කළේය. එය අයර්ලන්ත පිතිකරුවන් දෙදෙනකු විසින් එකම තරගයකදී ශතක රැුස් කළ තුන් වැනි අවස්ථාව
 
 බවට පත්විය. තරගයේ වීරයා බවට පත් වූ පෝල් ස්ටර්ලිං අයර්ලන්තය වෙනුවෙන් වැඩිම එක්දින ලකුණු රැුස්කළ පිතිකරුවා බවට මෙම තරගයේදී පත්වූ අතර ඔහු මේ වන විට එක්දින තරග 120කදී ශතක 9ක් සමගින් මුළු ලකුණු 4277ක් ලබාගෙන තිබේ.
 
 ලකුණු සටහන
 
 එංගලන්තය පන්දුවාර 49. 5කදී සියල්ල දැවී ලකුණු 328යි (ඉයන් මෝගන් 106, ටොම් බන්ටන් 58, ඬේවිඞ් විලී 51, ටොම් කරන් 38, කි‍්‍රග් යංග් 3/53, ජෝස් ලිට්ල් 2/62, කර්ටිස් කැම්පර් 2/68*
 
 අයර්ලන්තය පන්දුවාර 49. 5කදී කඩුලූ 3ක් දැවී ලකුණු 329යි (පෝල් ස්ටර්ලිං 142, ඇන්ඩි බිල්බීර්නි 113, හැරී හෙක්ටර් 29, කෙවින් ඕබ‍්‍රයන් 21, ඬේවිඞ් විලී 1/70, අදීල් රශීඞ් 1/61*
 
  

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles