Divaina - සටනක් නැති බොක්සිං නිලවරණය 20 වැනිදා සභාපති පුටුවට යළිත් ඩයන් ගෝමස්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p16 1ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ව්‍යවස්ථාවට අනුකූලව මෙම මස 31 වැනිදාට පෙර පැවැත්වීමට නියමිත නිලවරණ අතුරින් කිසිදු සටනකින් තොරව මහා සභාව සහ නිලවරණය පැවැත්වීමට ශ‍්‍රී ලංකා බොක්සිං සංගමය කටයුතු යොදා තිබේ. ඒ අනුව අදාළ නිලවරණය ලබන 20 වැනිදා පැවැත්වේ.

ඉකුත් 18 වැනිදා මෙවර නිලවරණය වෙනුවෙන් කැඳවා තිබූ නාම යෝජනා භාර ගැනීම අවසන් වූ අතර එහිදී හිටපු බොක්සිං සභාපතිවරයකු වන ඩයන් ගෝමස් මහතා පමණක් සභාපති තනතුරට නාම යෝජනා යොමු කර තිබේ. මීට අමතරව සෙසු සියලූ තනතුරු සඳහාද සටනකින් තොරව එක් පිරිසක් පමණක් ඉදිරිපත්ව ඇතැයි වැඩිදුරටත් සඳහන් වේ.

සභාපති තනතුරට නාම යෝජනා භාර දී ඇති ඩයන් ගෝමස් මීට පෙර 2004 වසරේ සිට 2017 වසර දක්වා වු වසර 13 ක කාලයේදී බොක්සිං සංගමයේ සභාපතිවරයා වශයෙන් වැඩිම වාර ගණනක් සේවය කර තිබේ. අනතුරුව ඔහු පසුගිය වසර හතරකට ආසන්න කාලයක් උපදේශක මට්ටමින් කටයුතු කිරීමෙන් පසුව යළිත් සභාපති තනතුරට තරග වැදීමට තීරණය කර තිබේ.

නාම යෝජනා භාර දී ඇති සෙසු ප‍්‍රධාන තනතුරු වන ලේකම් ධුරය සඳහා ආසියානු බොක්සිං විනිසුරු සංගමයේ ලේකම්වරයා වූ ලූතිනන් කර්නල් හේමන්ත වීරසිංහ මහතා ඉදිරිපත්ව තිබේ. ඔහු මීට පෙර බොක්සිං සංගමයේ ලේකම්වරයා වශයෙන්ද කටයුතු කර ඇති අතර පසුගිය පරිපාලනයේ තාක්ෂණ නිලධාරියකු වශයෙන්ද කටයුතු කර තිබේ.

ක‍්‍රීඩා අමාත්‍යාංශය විසින් පත්කරන ලද බොක්සිං නිලවරණ කමිටුවේ සභාපති වශයෙන් විශ‍්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රොහාන් අබේවර්ධන මහතා කටයුතු කරන අතර එහි සෙසු සාමාජිකයන් වශයෙන් විශ‍්‍රාමික බි‍්‍රගේඩියර් ජනක මාසක්කාර සහ විශ‍්‍රාමික පොලිස් අධිකාරී වසීර් සවුජා කටයුතු කරනු ලබයි.

නිතරගයෙන් පත්වීමට නියමිත බොක්සිං කමිටුවට එළැඹෙන 2021 වසරේ ඇති ආසියානු ශූරතා මෙන්ම ලෝක ශූරතා සඳහා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සූදානම් කරවීම මෙන්ම මෙරට පාසල් බොක්සිං ක‍්‍රීඩාව තරගකාරී මට්ටමකට ගෙන ඒමේ ප‍්‍රධාන වගකීම පැවරෙනු ඇත. එමෙන්ම රට පුරාම බොක්සිං ක‍්‍රීඩාව ව්‍යාප්ත කිරීමට බොක්සිං සංගමය පියවර ගත යුතු වන්නේ ඉතිහාසයේ මෙම ක‍්‍රීඩාවෙන් ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර පදක්කම් රැසක් දිනා ගත්තද වර්තමානයේ එවැනි පසුබිමක් නිර්මාණය නොවීමයි.

අසේල විතාන
 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles