Divaina - අයි.පී.එල්. කණ්ඩායමකට උපරිමය 24කට සීමාවෙයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p16 2කොරෝනා වසංගතය හේතුවෙන් ලබන සැප්තැම්බර් මස 19 වැනිදා සිට නොවැම්බර් මස 10 වැනිදා දක්වා පැවැත්වෙන අයි. පී. එල්. පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ කණ්ඩායමකට නම් කර හැකි උපරිම සංචිතය 24 දක්වා සීමා කර තිබේ.
 
 මෙවර අයි. පී. එල්. තරගාවලිය දින 52 ක් පුරා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක‍්‍රීඩාංගණ තුනකදී පැවැත්වෙන අතර එහිදී එක්දින තරග දෙක බැගින් පැවැත්වීමට නියමිතය. පේ‍්‍රක්ෂකයන්ගේ
 
 සහභාගීත්වයෙන් තොරව පැවැත්වෙන මෙවර අයි. පී. එල්. තරගාවලිය වෙනුවෙන් එමිරේට්ස් ක‍්‍රිකට් ආයතනය මේ වන විට ක‍්‍රීඩාංගණ සූදානම් කරමින් සිටියි.
 
 අයි. පී. එල්. 13 වැනි අදියර වෙනුවෙන් සහභාගී වන කණ්ඩායම් අතරින් සන්රයිසස් හයිද්‍රාබාද්, රාජස්ථාන් රෝයල් සහ කිංග්ස් පන්ජාබ් කණ්ඩායම් ගැටලූවකට මුහුණ දී ඇති අතර එහිදී ඔවුන් එක් සංචිතයකට ක‍්‍රීඩකයන් 25 දෙනා බැගින් නම් කර තිබේ. නමුත් කණ්ඩායමකට උපරිමය 24 කට සීමා කිරීම මත ඔවුන්ට තරගාවලියේදී සැපයුම් සහ මෙහෙයුම් කටයුතු කිරීමේදී ඇතිවන ගැටලූව සම්බන්ධවද මේ වන විට සාකච්ඡුා කරමින් සිටියි.
 
 පිරිමි අයි. පී. එල්. විස්සයි විස්ස තරගාවලියට සමගාමීව කාන්තා අයි. පී. එල්. විස්සයි විස්ස තරගාවලියද පැවැත්වීමට ඉන්දියානු ක‍්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ. එහිදී කාන්තා කණ්ඩායම් තුනක් තරග හතරකට සහභාගි වන කාන්තා අයි. පී. එල්. විස්සයි විස්ස තරගාවලිය මෙවරත් ක‍්‍රියාත්මක වනු ඇත.

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles