Divaina - ප‍්‍රිමියර් ලීග් තරගාවලි හයක් ක‍්‍රීඩකයන්ගේ ගෙවීම්වලින් කට්ටි පනියි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p16 4ලොව පුරා ක‍්‍රියාත්මක වන ප‍්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස තරගාවලි හයකදී කී‍්‍රඩකයන්ට ගෙවනු ලබන ගෙවීම් සම්බන්ධව විවිධ මැසිවිලි වාර්තා වන අතර එහිදී 34% ක් පමණ අදාළ තරගාවලිවලදී දැඩි අපහසුතාවකට පත්ව ඇතැයි වාර්තා වේ.
 
 ක‍්‍රීඩකයන්ගේ නවතම වාර්ෂික ගෙවීම්වලට අනූව ප‍්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලි හයක් අදාළ ගෙවීම් ප‍්‍රමාද කරමින් සිටින බව සඳහන් කරනු ලබන්නේ අන්තර්ජාතික ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ සංගමය විසිනි. ඒ අනුව ඔවුන් ක‍්‍රීඩකයන් ගැටලූවලට මැදි වු තරගාවලි හයද සඳහන් කරනු ලබයි.
 
 අවසන් වසර තුළ පැවැති ප‍්‍රිමියර් ලීග් තරගාවලි වන කැනඩා විස්සයි විස්ස, බංග්ලාදේශ ප‍්‍රිමියර් ලීග් විස්සයි විස්ස, අබුඩාබි ටී 10 තරගාවලිය, කටාර් ටී 10 තරගාවලිය, යූරෝ ටී 20 ස්ලෑම් තරගාවලිය සහ මාස්ටර් චැම්පියන්ස් ලීග් යන තරගාවලි වලදී ගෙවිය යුතු මුදල් මේ වන විටත් ඇතැම් ක‍්‍රීඩකයන්ට නොලැබී ඇති බවද සඳහන් වේ.
 
 කෙසේ වෙතත් අන්තර්ජාතික ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ සංගමය විසින් සඳහන් කර ඇති පි‍්‍රමියර් ලීග් තරගාවලි හය අතරින් ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය සහිතව සිටින එකම රට වන්නේ බංග්ලාදේශය වේ. ‘‘ක‍්‍රමානුකූලව කොන්ත‍්‍රාත්තු උල්ලංඝනය කිරීම් සහ ක‍්‍රීඩකයන්ට මුදල් නොගෙවීම් සම්බන්ධ කාරණා ඉස්මතු වෙලා තියෙනවා. නිසි රාමුවක් තුළදී ක‍්‍රීඩකයන්ව ආරක්ෂා කිරීමට අයි. සී. සී. ය ද මැදිහත් විය යුතුයි. මෙම වාර්තාවලට අනුව ගෝලීය වශයෙන් ක‍්‍රීඩකයන්ට ආරක්ෂාව ලබාදෙන ලෙස අපි ඉල්ලා සිටිනවා. ’’ යැයි ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ සංගමයේ ප‍්‍රධාන විධායක ටොම් මොෆාට් පවසයි.
 
 ගෝලීය ක‍්‍රිකට් ව්‍යුහයම මේ වන විට අවුල් ජාලාවක් වී ඇති බවත් ටෙස්ට් ක‍්‍රිකට් ලෝක ශූරතාව යනු එයට පැලැස්තර දැමීමක් බවත් ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ සංගමය සඳහන් කරයි. ගෝලීය වශයෙන් ක‍්‍රිකට් කී‍්‍රඩා කරන 277 දෙනෙකුගෙන් 53% ක් නිදහස් ක‍්‍රීඩකයන් වීමට උත්සාහ කරමින් සිටින බවද එම සංගමය පවසයි.
 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles