Divaina - අර්ජුන රණතුංගත් ටේබල් ටෙනිස් ගහලා තියෙනවා - මේස පන්දු පුහුණුකරු ලලිත් ප‍්‍රියන්ත

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p16 5ක‍්‍රිකට් පුහුණුවට යාමට පෙර මේස පන්දු ක‍්‍රීඩාවේ යම් කාලයක් නිරතවීම තමන් පුරුද්දක් විදිහට කර තිබෙන බවත්, අතේ මැණික් කටුව ආශ‍්‍රිත නමනීයත්වය දියුණු කර ගැනීමට මෙන්ම පන්දුව ඇස මත රඳවාගෙන පහරදීමට මේස පන්දු ක‍්‍රීඩාව බෙහෙවින් උපකාරී වූ බවත්, අර්ජුන රණතුංග තමාට පැවසූ බව මේස පන්දු පුහුණුකරු ලලිත් ප‍්‍රියන්ත පවසයි. ඔහු විසින් ව්‍යාපාරිකයන්, වෘත්තිකයන් මෙන්ම ගෘහණියන් ඉලක්ක කරගෙන ඉදිරියේදී මේස පන්දු පුහුණුව ලබා දීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ලලිත් ප‍්‍රියන්ත මහතා මේ පිළිබඳ කියා සිටියේය.
 
 පසුගියදා පැවැති මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලලිත් ප‍්‍රියන්ත විසින් පෙන්වා දුන්නේ පුද්ගල  නිරෝගීභාවය වෙනුවෙන් මේස පන්දු ක‍්‍රීඩාව ඉතා වැදගත් බවය. ඇස හා සිරුරේ ඒකාග‍්‍රතාවය වෙනුවෙන් අතිශයින් වැදගත් මේස පන්දු ක‍්‍රීඩාව ඩිමෙන්සියා වැනි මානසික ගැටලූවලින් මිදීමට ඉතා වැදගත් බව වෛද්‍යවරුන්ද පෙන්වා දී ඇති බවද ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසීය. දැනටත් මේ වැඩ පිළිවෙලට වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් මෙන්ම මේ සමාජයේ පිළිගත් වෘත්තිකයන් සහ ව්‍යාපාරිකයන්ද සිය ශරීර සෞඛය සම්බන්ධයෙන් වෙහෙසෙන ගෘහණියන්ද තමන් සමඟ සාකච්ඡුා කර ඇති බව පැවසූ ලලිත් ප‍්‍රියන්ත තමන්ගේ පුහුණු කටයුතු පෙරවරු 7 සිට පස්වරු 7 දක්වා විවෘතව තබන බව පැවසීය.
 
 මීට අමතරව ප‍්‍රධාන වශයෙන් ඔටර්ස් ක‍්‍රීඩා සමාජය කේන්ද්‍ර කරගෙන සිය පුහුණු කටයුතු මෙහෙයවන බව පැවසූ ලලිත් ප‍්‍රියන්ත චරසහ්බඑය්ක්කසඑය2?ටප්සකගජදප යන විද්‍යුත් ලිපිනයෙන් මෙන්ම 0773544825 යන දුරකථන අංකයෙන්ද ඉඩ පහසුකම් සකසා ගත හැකි බව පෙන්වා දුන්නේය.
 
 ‘‘වෘත්තිකයන්ට මේස පන්දු පුහුණු කිරීම ඔවුන්ගේ නිරෝගීභාවයට වැදගත්. මට ඒක රස්සාවක්. හැබැයි මේස පන්දු ක‍්‍රීඩාවට ආදරේ ඒ සමඟ ජීවත්වෙන කෙනෙක් හැටියට ඒ වෘත්තිකයන්ගෙ ආශිර්වාදය නැගී එන අපේ රටේ මේස පන්දු ක‍්‍රීඩකයන් වෙනුවෙන් ලබා දීමටත් බොහෝ විට මට මැදිහත්කරුවෙක් වෙන්න පුළුවන් වෙයි’’ ලලිත් ප‍්‍රියන්ත ප‍්‍රවීනයන් වෙනුවෙන් මේස පන්දු පුහුණුව කිරීම හරහා වර්තමාන මේස පන්දු ක‍්‍රීඩාවට අත්වන ප‍්‍රතිලාභ පෙන්වා දෙමින් පැවසීය.

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles