Divaina - තරගාවලි හයක් කල් යෑමෙන් ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයත් කල් යන ලකුණු

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

Untitled 5ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය ලබන 2021 වසරේදී ජුනි මාසයේදී එංගලන්තයේ ලෝඞ්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබුණද අදාළ අවසන් මහා තරගය කොරෝනා වසංගතය හේතුවෙන් කල් දැමීම සම්බන්ධව අයි. සී. සී. ය අවධානය යොමු කර තිබේ.
 
 කොරෝනා වසංගතය හේතුවෙන් මේ වසරේදී දැනට පැවැත්වීමට නියමිතව තිබූ ටෙස්ට් තරගාවලි හයක් කල් ගොස් තිබේ. විස්සයි විස්ස ලෝක කුසලානද වසරකින් කල් යෑම හේතුවෙන් එම කාලයේදී අදාළ ටෙස්ට් තරගාවලි පැවැත්වීමට හැකි වුවහොත් යොදාගත් පරිදිම තරගාවලිය පැවැත්වීමේ හැකියාවක් තිබුණද එය තරගාවලියට සහභාගී වන ක‍්‍රිකට් ආයතන විසින් තීරණය කළ යුතුව ඇත.
 
 මේ වන විට අදාළ වසංගතය හේතුවෙන් ශ‍්‍රී ලංකාව සහ එංගලන්තය අතර ටෙස්ට් තරගාවලිය, ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ටෙස්ට් තරගාවලිය, බංග්ලාදේශය සහ ඔස්ටේ‍්‍රලියාව අතර ටෙස්ට් තරගාවලිය, බටහිර ඉන්දීය කොදෙව්වන් සහ දකුණු අප‍්‍රිකාව අතර ටෙස්ට් තරගාවලිය සහ බංග්ලාදේශය සහ නවසීලන්තය අතර ටෙස්ට් තරගාවලි කල් ගොස් තිබේ.
 
 අයි. සී. සී. ක‍්‍රිකට් මෙහෙයුම් සාමාන්‍යාධිකාරී ජෙෆ් ඇලාර්ඩිස් මේ සම්බන්ධයෙන් පවසන්නේ මෙවැනි අදසකි. ‘‘කල්ගිය ටෙස්ට් තරගාවලි පවත්වන්නේ කෙසේද යන්න අපි සියලූ සාමාජික රටවල් සමග සාකච්ඡුා කර දැන ගැනීමට බලාපොරොත්තු වෙනවා. මේ වන විට සියල්ල සැලසුම් කර ඇති පරිදි ඉදිරියට යමින් තියෙනවා. කොහොම වුණත් ලබන මාර්තු මස අවසන් වන විට තරග සියල්ල සම්පූර්ණ කිරීමට හැකි වුණොත් යොදා ගත් පරිදි අවසන් මහා තරගය පැවැත්විය හැකියි. ’
 
 ලෝක ටෙස්ට් ශූරතාවට ක‍්‍රීඩා කරන රටවල් නවය අතර පැවැත්වෙන සම්පූර්ණ තරග සංඛ්‍යාව 72 කි. ඉන් තරග අඩකටත් වඩා ඉදිරියේදී පැවැත්වීමට නියමිත අතර අළු බඳුන තරගාවලිය තරග පහකින් සමන්විතය. තරගාවලියේ තරග පහකින් සමන්විත වුවහොත් ජයග‍්‍රහණයකදී ලැබෙන ලකුණු සංඛාව අඩු අතර එය තරග හතරකින්, තුනකින්, දෙකකින් සමන්විත ආකාරයට ලැබෙන ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාවද වෙනස් වේ.
 
 මේ වන විට ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැති තරගවලදී ඉන්දියාව ප‍්‍රසාද ලකුණු 360 ක් ලබා පෙරමුණට පැමිණ ඇති අතර ඔවුන් ජයග‍්‍රහණ හතක් ලබා තිබේ. දෙවැනි තැනට පත්ව ඇති ඇති ඔස්ටේ‍්‍රලියාව ජයග‍්‍රහණ හතක් සමග ප‍්‍රසාද ලකුණු 360 ක්ද තෙවැනි තැනට පත්ව ඇති එංගලන්තය ජයග‍්‍රහණ හතක් සමග ප‍්‍රසාද ලකුණු 226 ක් ලබා තිබේ.
 
 නවසීලන්තය ප‍්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි තැනට පත්ව ඇත්තේ ප‍්‍රසාද ලකුණු 180 ක් ලබා ගනිමිනි. පාකිස්තානය ප‍්‍රසාද ලකුණු 140 ක් ලබා ඇති අතර ඔවුන් අදාළ ලකුණු ලබා ඇත්තේ ශ‍්‍රී ලංකාව සමග පැවැති ටෙස්ට් තරගාවලිය ජයගැනීමට සමත්වීම හේතුවෙනි. මේ වන විට ශ‍්‍රී ලංකාව ප‍්‍රසාද ලකුණු සටහනේ හයවැනි තැනට පත්ව ඇති අතර එහිදී ජයග‍්‍රහණ යක් සමග ප‍්‍රසාද ලකුණු 80 ක් ලබා තිබේ. බටහිර ඉන්දීය කොදෙව්වන් හත්වැනි තැනටත්, දකුණු අප‍්‍රිකාව අටවැනි තැනට සහ බංග්ලාදේශය නව වැනි තැනට ප‍්‍රසාද ලකුණු සටහනේ පත්ව තිබේ. 

  

 

 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles