Divaina - සිව් වරක් ලෝක ශූරතාව දිනූ කැරම් සම්මේලනයට කුඩම්මාගේ සැලකිලි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

කසුන් රණවීර
 
karacසිව් වතාවක් ලෝක ශූරතාව දිනූ ශී‍්‍ර ලංකා කැරම් සම්මේලනයට තවමත් ස්ථීර  ගොඩනැගිල්ලක් නොමැතිකමින් අදාළ සංගම් නිලධාරීහු දැඩි අපහසුතාවකට පත්ව ඇතැයි වාර්තාවේ. එ් අනුව ශ‍්‍රී ලංකා කැරම් සම්මේලනය ස්ථිර ගොඩනැගිල්ලක් නොමැතිව 2010 වසරේ සිට මේ දක්වා තැනින් තැන පෞද්ගලික ගොඩනැගිලිවල පවත්වාගෙන යන බවට ‘දිවයින’ කළ සොයා බැලීමකදී ආනවරණය විය.
 
 1958දී ආරම්භවූ ශී‍්‍ර ලංකා කැරම් සම්මේලනය ස්ථාන කිහිපයකට ගෙන යෑමෙන් අනතුරුව 1995දී එවකට සිටි කී‍්‍රඩා ආමාත්‍ය එස්. බී. දිසානායක මහතාගේ මැදිහත්වීම මත රේස්කොස් ගොඩනැගිල්ලට ගෙන යන ලදී. අනතුරුව වසර 15ක් රේස්කොස් ගොඩනැගිල්ලේ තිබූ ශී‍්‍ර ලංකා කැරම් සම්මේලනය ආරක්ෂක හේතූන් මත සහ රේස්කොස් ගොඩනැගිල්ලේ නවීකරණ කටයුතු හේතූන් මත 2010 වසරේදී ඉන් ඉවත් කළේය. ස්ථිර ගොඩනැගිල්ලක් ලබා නොදී රේස්කොස් ගොඩනැගිල්ලෙන් ඉවත් කෙරුණු ශී‍්‍ර ලංකා කැරම් සම්මේලනය ඉන් අනතුරුව වසර 10ක් තිස්සේ තැනින් තැනට යමින් පෞද්ගලික ගොඩනැගිලි තුළ සිය කටයුතු කරගෙන ගියේය. එ් අනුව කුලී පදනම මත පළමුව මහරගමත් දෙවනුව කොහුවලත් වර්තමානය වනවිට දෙල්කඳත් පිහිටි පෞද්ගලික ගොඩනැගිලි කිහිපයකටම කැරම් සම්මේලනය ගෙන ගියේය.
 
 කෙසේ වුවත් මෙම ගොඩනැගිලිවලට අදාළ කුලියෙන් අඩක් කී‍්‍රඩා අමාත්‍යංශය මගින් ගෙවීම් සිදු කළද මේ වනවිට එම ගෙවීම් නතර කිරීම හේතුවෙන් දෙල්කඳ පිහිටි ගොඩනැගිල්ලෙන්ද ඉවත්වීමට ශී‍්‍ර ලංකා කැරම් සම්මේලනයට සිදුවී ඇතැයි වැඩිදුරටත් වාර්තා විය. එ් අනුව ශී‍්‍ර ලංකා කැරම් සම්මේලනයේ ලේකම් විදානගමගේ මහතාගෙන් මේ පිළිබඳ ‘දිවයින’ විමසීමක් කළ අතර එහිදී අදහස් දැක්වූ එ් මහතා ‘අපි 1958 දී ශී‍්‍ර ලංකා කැරම් සම්මේලනය ආරම්භ කළාට පස්සේ එක එක ස්ථානවල කාලෙන් කාලෙට කී‍්‍රඩා කළා. එහෙම ඉන්නකොට තමයි රේස්කොස් ගොඩනැගිල්ලේ ස්ථානයක් අපිට හම්බවුණේ. ඒකෙන් අයින් කළාට පස්සේ අවුරුදු 10ක් වෙන වෙන පෞද්ගලික ගොඩනැගිලි කිහිපයකම හිටියා. එ් අවුරුදු ගණනටම හිටපු හැම කී‍්‍රඩා ඇමැතිවරයෙකුටම මේ ගැන අපි කිවුවා. නමුත් වැඩක් වුණේ නැහැ. පෞද්ගලික
 
 ගොඩනැගිලිවල කුලියෙන් කොටසක් කී‍්‍රඩා අමාත්‍යාංශයෙන් ගෙව්වා. අද වෙනකොට එ්කත් නතර වෙලා. කොහොම වුණත් බියගම අලූතින් හදන කී‍්‍රඩා සංකීර්ණ ගොඩනැගිල්ලේ ස්ථානයක් අපිට වෙන් කළා කියලා දැන ගන්න ලැබුණා. එහෙත් එ්කට තව අවුරුදු කිහිපයක් ගතවෙයි. එ් නිසා දැනට අපිට ශී‍්‍ර ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මැදිහත් වෙලා ගොඩනැගිල්ලක් ලබා දෙන්න කටයුතු කරගෙන යනවා.’යැයි කියා සිටියේය.
 
 කෙසේ වෙතත් ශී‍්‍ර ලංකාවේ කී‍්‍රඩා ඉතිහාසය පිරික්සීමේදී පිට පිට සිව් වතාවක් ලෝක ශූරතා කුසලානයක් දිනා ඇත්තේ කැරම් කී‍්‍රඩාවෙන් පමණකි. එ් අනුව 2008, 2012, 2016 සහ 2018 කැරම් ලෝක කුසලාන ශූරයන් බිහිකිරීමට සමත් වූ ශී‍්‍ර ලංකා කැරම් සම්මේලනය පිළිබඳ මීට වඩා සොයා බලා කටයුතු කිරීම කී‍්‍රඩා අමාත්‍යාංශයේ සහ අදාළ කී‍්‍රඩා බලධාරීන්ගේ වගකීමකි.

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles