කසුන් රණවීර
වසර දහයක පමණ කාලයක සිට පිහිටුවා ගත් තදින් පහරදීමේ කරාතේ සංගමය මේ වන විට කණ්ඩායම් කිහිපයකට කැඞී ඇතැයි වාර්තාවේ. එ් අනුව මෙතෙක් කලක් එක්ව පැවැති තදින් පහරදීමේ කරාතේ සංගමය කුරුණෑගල, කෑගල්ල, නිට්ටඹුව සහ ස්වාධීන වශයෙන් කොටස් 4කට වෙන්වී ඇතැයි ‘දිවයින’ ට වාර්තාවේ
තදින් පහර දීමේ කරාතේ සංගමය සහ කරාතේ දෝ සංගමය කාලයක් තිස්සෙ වෙනම සංගමයක් ලෙසින් කි‍්‍රයාත්මක විය. එ් අනුව වසර දහයක පමණ කාලයත් තිස්සේ කරාතේ ශූරතා පැවැත්වීම මෙම සංගමය මගින් සිදු කෙරුණද එහිදී සිදුවී ඇති මුදල් අක්‍රමිකතා සහ නිලතල බෙදා ගැනීමේ ගැටලූ කිහිපයක් මුල්කර ගනිමින් තදින් පහරදීමේ කරාතේ සංගමය මේ වන විට පාර්ශ්ව හතරකට වෙන්වී තිබේ.
මීට අමතරව නිලතල බෙදා ගැනීමේදී ඇති වූ ගැටලූ සම්බන්ධයෙන් මේ වන විට ජපානය ඇතුළු රටවල් කිහිපයක කරාතේ මුල් ගුරුවරුන්ට අසත්‍ය චෝදනා කරමින් ලිපි හා පෙත්සම් යැවීමද විරුද්ධ පාර්ශ්ව මගින් සිදුකර තිබේ. එ් අනුව එම කාරණාවද මෙම සංගමය විසිර යෑමට තදින් බලපා ඇතැයිි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කර සිටී. කෙසේ වෙතත් මෙම විසිර යෑම හේතුවෙන් ඉදිරියේදී කරාතේ ශූරතාවලි පැවැත්වීමට පවා නොහැකි තත්ත්වයක් මේ වනවිට උද්ගතවී ඇති අතර තදින් පහරදීමේ කරාතේ ශූරයෝද මහත් අසීරුතාවකට පත්ව තිබේ.
මේ අතර කිසිදු සම්මේලනයේ පාර්ශ්වයකට සහයෝගය
දැක්වීමට ඉදිරිපත් වී නොමැති තදින් පහරදීමේ කරාතේ උපදේශකවරුන් මේ වනවිට ඔවුන්ගේ ජාත්‍යන්තර සම්බන්ධතා ඉදිරියටත් පවත්වාගෙන යමින් ස්වාධීනව කරාතේ පුහුණු කටයුතු සිදු කිරීමට තීරණය කර තිබේ.
- Hits: 330